ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය (03) අවසන් වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල ක්‍රීඩකයෝ ගාල්ල කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක් දැවී ලකුණු 116ක් ලබා සිටියා.
ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ වාසිය ද සමඟින් මේ වන විට ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් පසු වෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට දඹුල්ල කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 248ට පිළිතුරු ලෙසින් ගාල්ල කණ්ඩායම පන්දුවාර 10ක දී කඩුලු 4ක් දැවී ලකුණු 26ක් ලබා සිටියා. ඒ වෙද්දී පිටියේ නොදැවී රැදී සිටියේ හෂාන් දුමිඳු (9) සහ පසිඳු සූරියබණ්ඩාර (0).
අද එතැන් සිට තරගය ආරම්භ වූව ද කඩා වැටෙමින් පැවති ගාලු ඉනිමේ වෙනසක් සිදු කිරීමට මේ පිතිකරුවන්ට හැකි වූයේ නැහැ. ඔවුන් අතරින් හෂාන් දුමිඳු, අද යැවුණ දෙවැනි පන්දුවේ දී ම දවා ගැනීමට වේගපන්දු යවන ලහිරු සමරකෝන් සමත් වුනා. අනතුරුව නැවත වතාවක් ක්‍රියාත්මක වූ ලහිරු සමරකෝන්, පසිඳු සූරියබණ්ඩාර ද (10) දවා ගත්තා.
ඒ වෙද්දී ගාලු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 39ක් ලෙසයි. එතැන් සිට ගාලු ක්‍රීඩකයෝ වැටී සිටි අන්ත අසරණ තත්ත්වයෙන් තරමක් දුරට හෝ මුදවා ගැනීමට පැතුම් කුමාර සහ සුමින්ද ලක්ෂාන් සමත් වුනා.
දඹුලු පන්දු යවන්නන් තරමක් පාලනය කරමින් පන්දුවට පහර දුන් ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 115ක දී ලකුණු 82ක සබඳතාවක් එක් කළා.
එම කඩුල්ලේ සබඳතාව නිමා කිරීමේ ගෞරවය සොනාල් දිනූෂ සතු වුනා. සුමින්ද ලක්ෂාන් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යමින් එම කඩුල්ලේ සබඳතාවට තිත තැබුණා.
- අභිෂේක් සහ මිනෝද්ගෙන් අර්ධ ශතක; දුනිත්ගෙන් කඩුලු පහක්
- සිතාර, නවීන් සහ වියස්කාන්ත Tamil Union පෙරමුණේ තබයි
- බංග්ලාදේශය ඉන්න තැන ගැන දැන ගන්න හතුරුසිංහ සැලසුම් හදයි
- The Hundred ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙනුත් නම් රැසක්!
- ජාතික සුපර් ලීග් එක්දින සංචිත නම් කරයි
අනතුරු ව කවිශ්ක අංජුල හා එක් වු පැතුම් කුමාර 8 වැනි කඩුල්ලට පන්දු 99ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කළා. වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදීමෙන් කවිශ්ක අංජුල තම ඉනිම අවසන් කර ගන්නා විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
අනතුරුව එතෙක් වේලා ගාල්ල ඉනිමේ වීරයා වී සිටි පැතුම් කුමාරගේ ඉනිම ද හමාර කිරීමට සොනාල් දිනූෂ සමත් වුනා. පැතුම් කුමාර 9 වැනි කඩුල්ල ලෙසින් මිනෝද් භානුක වෙතට උඩ පන්දුවක් දී දැවී යද්දී පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.
ගාල්ල ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් අසංක මනෝජ් (1) දැවී ගිය අතර මොහොමඩ් ශිරාෂ් නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 64කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ලහිරු සමරකෝන් ලකුණු 42කට කඩුලු 3ක්, සොනාල් දිනූෂ ලකුණු 32කට කඩුලු 2ක් සහ අශාන් ප්‍රියංජන් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 61ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනයට සමුදෙද්දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි සොනාල් දිනූෂ පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.
පළමු ඉනිමේ වාසිය අහිමිකර ගත් ගාල්ල ක්‍රීඩකයෝ ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී තරගයට කදිම ආරම්භයක් ලබා ගත්තා. සිව්වැනි පන්දුවාරය වෙද්දී ලකුණු 12කට කඩුලු 2ක් දවා ගැනීමට ඔවුන් සමත් වුනා. එහි දී අභිෂේක් ලියනාරච්චි (6) සහ පවන් රත්නායකට (4) තම කඩුලු පූජා කිරීමට සිදුවුනා.
අනතුරුව තව දුරටත් තරගයේ පාලනය තමන් වෙත නතු කර ගත් ඔවුන් සනෝජ් දර්ශික (10) සහ නායක මිනෝද් භානුක (11) ද අඩු ලකුණුවලට සීමා කරමින් තරග නරඹන්නන් බවට පත් කළා.
දිනය අවසන් වෙද්දී සොනාල් දිනූෂ සමඟ අනෙක් අන්තයෙන් අශාන් ප්‍රියංජන් නොදැවී පිටියේ රැදී සිටියා. පන්දු 75කට මුහුණ දී සිටින අශාන් ප්‍රියංජන් හතරේ පහර 5ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 34ක්.
මේ දක්වා ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට පන්දු 155කට මුහුණ දෙමින් ලකුණු 61ක නොදැවුණ සබඳතාවක් ගොඩනගා තිබෙනවා.
දිනයේ දැවී ගිය කඩුලු අතරින් කඩුලු 2ක් මොහොමඩ් ශිරාෂ් සතු වූ අතර සංගීත් කුරේ ද කඩුල්ලක් සතු කර ගත්තා.
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (72.1) අභිෂේක් ලියනාරච්චි 54, පවන් රත්නායක 31, සනෝජ් දර්ශික 37, මිනෝද් භානුක 50, දුශාන් හේමන්ත නොදැවී 27, කවිශ්ක අංජුල 2/38, දුනිත් වෙල්ලාලගේ 5/58
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (53.2) පැතුම් කුමාර 78, සුමින්ද ලක්ෂාන් 41, කවිශ්ක අංජුල 26, ලහිරු සමරකෝන් 3/42, වනිඳු හසරංග 4/64, සොනාල් දිනූෂ 2/32
- දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 116 (44) සොනාල් දිනූෂ නොදැවී 51, අශාන් ප්‍රියංජන් නොදැවී 34, මොහොමඩ් ශිරාෂ් 2/27
හෙට (04) තරගයේ තෙවැනි දිනයයි.
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Liyanarachchi | c Sohan de Livera b Suminda Lakshan | 54 | 75 | 7 | 1 | 72.00 |
Sonal Dinusha | c Sohan de Livera b Kavishka Anjula | 0 | 9 | 0 | 0 | 0.00 |
Pavan Rathnayake | c Sohan de Livera b Kavishka Anjula | 31 | 59 | 5 | 0 | 52.54 |
Sanoj Darshika | c Mohammad Shiraz b Dunith Wellalage | 37 | 86 | 5 | 0 | 43.02 |
Minod Bhanuka | run out (Lakshan Edirisinghe) | 50 | 84 | 8 | 0 | 59.52 |
Ashan Priyanjan | c Suminda Lakshan b Dunith Wellalage | 0 | 1 | 0 | 0 | 0.00 |
Wanindu Hasaranga | c Suminda Lakshan b Dunith Wellalage | 15 | 28 | 2 | 0 | 53.57 |
Dushan Hemantha | not out | 27 | 59 | 3 | 0 | 45.76 |
Ranitha Liyanarachchi | c Suminda Lakshan b Dunith Wellalage | 1 | 2 | 0 | 0 | 50.00 |
Chamindu Wijesinghe | st Sohan de Livera b Dunith Wellalage | 15 | 24 | 1 | 1 | 62.50 |
Lahiru Samarakoon | c Mohammad Shiraz b Sangeeth Cooray | 3 | 10 | 0 | 0 | 30.00 |
Extras | 15 (b 6 , lb 3 , nb 4, w 2, pen 0) |
Total | 248/10 (72.1 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 14 | 1 | 38 | 2 | 2.71 | |
Mohammad Shiraz | 13 | 4 | 42 | 0 | 3.23 | |
Dunith Wellalage | 17 | 4 | 58 | 5 | 3.41 | |
Asanka Manoj | 12 | 1 | 43 | 0 | 3.58 | |
Suminda Lakshan | 10 | 3 | 35 | 1 | 3.50 | |
Sangeeth Cooray | 6.1 | 0 | 23 | 1 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | c Minod Bhanuka b Lahiru Samarakoon | 7 | 13 | 1 | 0 | 53.85 |
Sangeeth Cooray | c Sonal Dinusha b Wanindu Hasaranga | 2 | 10 | 0 | 0 | 20.00 |
Lakshan Edirisinghe | lbw b Wanindu Hasaranga | 4 | 7 | 0 | 0 | 57.14 |
Hashan Dumindu | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 9 | 20 | 1 | 0 | 45.00 |
Dunith Wellalage | b Ashan Priyanjan | 3 | 5 | 0 | 0 | 60.00 |
Pasindu Sooriyabandara | b Lahiru Samarakoon | 10 | 19 | 2 | 0 | 52.63 |
Pathum Kumara | c Minod Bhanuka b Sonal Dinusha | 78 | 120 | 5 | 1 | 65.00 |
Suminda Lakshan | lbw b Sonal Dinusha | 41 | 60 | 3 | 0 | 68.33 |
Kavishka Anjula | b Wanindu Hasaranga | 26 | 53 | 2 | 0 | 49.06 |
Mohammad Shiraz | not out | 2 | 11 | 0 | 0 | 18.18 |
Asanka Manoj | lbw b Wanindu Hasaranga | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 2, w 1, pen 0) |
Total | 187/10 (53.2 Overs, RR: 3.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Samarakoon | 9 | 1 | 42 | 3 | 4.67 | |
Ashan Priyanjan | 15 | 2 | 37 | 1 | 2.47 | |
Wanindu Hasaranga | 17.2 | 1 | 64 | 4 | 3.72 | |
Sonal Dinusha | 10 | 0 | 32 | 2 | 3.20 | |
Dushan Hemantha | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Liyanarachchi | run out (Heshan Hettiarchchi) | 6 | 11 | 1 | 0 | 54.55 |
Sonal Dinusha | c Pasindu Sooriyabandara b Asanka Manoj | 59 | 196 | 7 | 0 | 30.10 |
Pavan Rathnayake | lbw b Mohammad Shiraz | 4 | 3 | 1 | 0 | 133.33 |
Sanoj Darshika | c Pathum Kumara b Mohammad Shiraz | 10 | 25 | 2 | 0 | 40.00 |
Minod Bhanuka | c Hashan Dumindu b Sangeeth Cooray | 11 | 9 | 2 | 0 | 122.22 |
Ashan Priyanjan | c Sohan de Livera b Mohammad Shiraz | 39 | 91 | 6 | 0 | 42.86 |
Wanindu Hasaranga | c Hashan Dumindu b Asanka Manoj | 0 | 3 | 0 | 0 | 0.00 |
Dushan Hemantha | c Sohan de Livera b Mohammad Shiraz | 3 | 13 | 0 | 0 | 23.08 |
Chamindu Wijesinghe | c Sohan de Livera b Mohammad Shiraz | 0 | 10 | 0 | 0 | 0.00 |
Ranitha Liyanarachchi | b Suminda Lakshan | 45 | 58 | 3 | 2 | 77.59 |
Lahiru Samarakoon | not out | 10 | 13 | 0 | 0 | 76.92 |
Extras | 9 (b 1 , lb 2 , nb 4, w 2, pen 0) |
Total | 196/10 (71.2 Overs, RR: 2.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 8 | 2 | 28 | 0 | 3.50 | |
Mohammad Shiraz | 24 | 4 | 52 | 5 | 2.17 | |
Sangeeth Cooray | 11 | 3 | 28 | 1 | 2.55 | |
Suminda Lakshan | 5.2 | 0 | 20 | 1 | 3.85 | |
Asanka Manoj | 16 | 3 | 40 | 2 | 2.50 | |
Dunith Wellalage | 7 | 0 | 25 | 0 | 3.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 17 | 17 | 2 | 1 | 100.00 |
Sangeeth Cooray | c Minod Bhanuka b Lahiru Samarakoon | 5 | 7 | 0 | 0 | 71.43 |
Lakshan Edirisinghe | c Sonal Dinusha b Ashan Priyanjan | 1 | 10 | 0 | 0 | 10.00 |
Pasindu Sooriyabandara | b Wanindu Hasaranga | 19 | 19 | 2 | 0 | 100.00 |
Hashan Dumindu | lbw b Lahiru Samarakoon | 11 | 34 | 0 | 0 | 32.35 |
Pathum Kumara | c Abishek Liyanarachchi b Wanindu Hasaranga | 36 | 64 | 6 | 0 | 56.25 |
Dunith Wellalage | not out | 52 | 79 | 5 | 0 | 65.82 |
Suminda Lakshan | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 0 | 3 | 0 | 0 | 0.00 |
Kavishka Anjula | lbw b Wanindu Hasaranga | 27 | 36 | 2 | 1 | 75.00 |
Mohammad Shiraz | lbw b Wanindu Hasaranga | 2 | 15 | 0 | 0 | 13.33 |
Asanka Manoj | b Wanindu Hasaranga | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 1 , lb 7 , nb 3, w 1, pen 0) |
Total | 182/10 (47.3 Overs, RR: 3.83) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Samarakoon | 12 | 0 | 60 | 4 | 5.00 | |
Ashan Priyanjan | 13 | 4 | 42 | 1 | 3.23 | |
Wanindu Hasaranga | 15.3 | 2 | 44 | 5 | 2.88 | |
Ranitha Liyanarachchi | 2 | 0 | 10 | 0 | 5.00 | |
Chamindu Wijesinghe | 3 | 1 | 6 | 0 | 2.00 | |
Sonal Dinusha | 2 | 0 | 11 | 0 | 5.50 |