වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (9) ක්‍රියාත්මක වුනා. එහි දී ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.
අස්ගිරියේ දී පැවැත්වුණු ත්‍රිත්ව – වෙස්ලි තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිටියා. වෙස්ලි නායක ලිනාල් සුබසිංහ ලබා ගත් අර්ධ ශතකය සහ සනිතු අමරසිංහ ලබා ගත් ලකුණු 44 නිසාවෙන් ඔවුන්ට සිය පළමු ඉනිමට ලකුණු 172ක් දක්වා රැගෙන එන්නට හැකියාව ලැබුණා.
WATCH – විරල දස්කම් වාර්තා වුන සතියක් – Cricket Watarawuma
ලකුණු 21ක පළමු ඉනිමේ වාසියක් අතැතිව දෙවැනි ඉනිම ආරම්හ කළ ත්‍රිත්ව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවමින් වෙස්ලි විද්‍යාලයට ලකුණු 183ක ඉලක්කයක් ලබා දුන්නා.
කෙසේ නමුත් එය හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි වෙස්ලි දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 34ක් තුල බිඳ වැටුණු අතර තරගය අවසානයේ ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ත්‍රිත්ව විද්‍යාලයට වැඩි ගෞරවය හිමිකර දෙමින්.
- ශ්‍රී ලංකා -නවසීලන්ත තරගාවලි කාලසටහන නිකුත් කරයි
- Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ
- ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට දින තීන්දුයි
- දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට
- ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී
සාන්ත බෙනඩික්ට් – සාන්ත සර්වේසස් තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී ක්‍රියාත්මක වුනා. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලබා ගත් ලකුණු 328ට පිළිතුරු ලෙස සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 325ක් ලබා ගත් අතර ඔවුන්ට සිය පළමු ඉනිමේ ජය ලකුණු 3කින් මඟ හැරී ගියා.
එහි දී දිනිරු අබේවික්‍රමසිංහ සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් ශතකයක් ලබා ගත්තා. විශ්ව සුපුන් ලකුණු 52යි. තරගයේ නිමාව සටහන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නායක ශාරුජන් ශන්මුගනාතන් පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 160ට පසුව නැවතත් නොදැවී ලකුණු 59*ක් ලබා ගත්තා.
පළමු දිනයේ නිමාව සටහන් වන විට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට වැඩි ගෞරවය හිමි වූ මැසනොඩ් – මාරිස් ස්ටෙල්ලා තරගය මීගමුවේ දී ක්‍රියාත්මක වුනා. ද මැසනොඩ් පළමු ඉනිම ලකුණු 188කට සීමා කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් ෂේන් ආධිත්‍ය කඩුලු 6ක දස්කමක් දැක්වූවා. කවීන් ප්‍රනාන්දුගේ ශතකයෙන් වර්ණවත් වුනු මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම දිනයේ අවසානය වන විට කඩුලු 4ක් දැවී ලකුණු 186ක් ලබාගෙන සිටිනවා.
ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය (Tier A කොටසේ තරගය)
ත්‍රිත්ව විද්‍යාලය – 193 (67.5): රහල් අමරසිංහ 56, මනුල කුලරත්න 38, උවින් පෙරේරා 4/29, ශෙනොල් වයමන් 3/53 & 161/6d (55) කුසල් විජේතුංග 29, සනිතු අමරසිංහ 2/19
වෙස්ලි විද්‍යාලය – 172 (62.1): ලිනාල් සුබසිංහ 64, සනිතු අමරසිංහ 44, ජයවි ලියනගම 2/07, මනුල කුලරත්න 2/29 & 36/4 (13): දිනුක තෙන්නකෝන් 2/11, තරන විමලධර්ම 2/13
තරගය ජය පරාජයෙන් තොරව අවසන් (ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 328/9d (69.4): ශාරුජන් ශන්මුගනාතන් 160, ශෙනාල් සමරතුංග 56, චිරාන් නෙත්තරු 5/90, චතුම් බිම්සර 2/74 & 85/0 (11): ශාරුජන් ශන්මුගනාතන් 59*, විදුනෙත් විල්සන් 23*
සාන්ත සර්වේසස් විද්‍යාලය – 325 (116.3): දිනිරු අබේවික්‍රමසිංහ 100, විශ්ව සුපුන් 52, චිරාන් නෙත්තරු 45, මෙවන් දිසානායක 4/09
තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)
ද මැසනොඩ් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
ද මැසනොඩ් විද්‍යාලය – 188 (45.1) උවිඳු පෙරේරා 93, ජනිත් කවීන්ද්‍ර 28, ෂේන් ආධිත්‍ය 6/54, හස්තික සිල්වා 3/43
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 186/4 (50): කවීන් ප්‍රනාන්දු 102, සදෙව් රත්නායක 55, කවිඳු කෞශල්‍ය 3/35
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<