කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ලකුණු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (6) සමත් වුනා.
Coetzenburg Oval හිදී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.
නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර පන්දු 41ක් තුල ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
පන්දු 46ක් තුල 4 පහර 7ක් එල්ල කරමින් ලකුණු 56ක් ලබාගෙන සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයට ඉතාමත් හොඳ ස්ථාවරයක් ලබා දුන්නා. අංක 3 පිතිකරු ලෙස විශ්මි ගුණරත්න ද පන්දු 34ක දී ලකුණු 36ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර අනුෂ්කා සංජීවනී ලකුණු 17ක් ලබා ගත්තා.
පන්දු 2කට වඩා වැඩි ප්‍රමාණයක් කඩුල්ලේ රැඳී සිටි ක්‍රීඩිකාවන් සියලුම දෙනා පාහේ ඔවුන්ගේ ප්‍රහාරාත්මක වේගය 100.00 ඉක්මවා පවත්වා ගනිමින් ක්‍රීඩා කිරීම ඉතාමත් හොඳ ධනාත්මක ලක්ෂණයක් වුනා. පන්දු යැවීමේ දී Laura Delanyලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.
- Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ
- දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට
- ජාතික සුපර් ලීග් සිව්දින පිටියට වර්ෂාව හරස් වෙයි
- ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
- චන්ද්රගුප්තගෙන් සටන්කාමී අර්ධ ශතකයක්
ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 2ක සුපිරි සහ තියුණු ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
අයර්ලන්ත ආරම්භක පිතිකාරිණි Gaby Lewis ලකුණු 38ක් ලබාගෙන ඔවුන්ගේ මුල්පෙළ ස්ථාවර කළත්, ඕෂධී රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ අයර්ලන්ත මැදපෙළ යම් පසුබෑමකට ලක්වුනා.
ලකුණු 104කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු පසුබිමක Arlene Nora Kelly පන්දු 17ක් තුල ලකුණු 30ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව වෙතට තිබුණු තරගයේ වැඩි වාසිය සම මට්ටමකට පැමිණි නමුත් සුගන්ධිකා කුමාරි දුවද්දී දවා ගැනීමක් සහ කඩුල්ලක් දවාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලබා ගන්නට හැකියාව ලැබුණා.
පන්දු යැවීමේ දී ඉනෝක රණවීර සහ ඕෂධී රණසිංහ කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harshitha Samarawickrama | not out | 56 | 46 | 7 | 0 | 121.74 |
Chamari Athapaththu | lbw b Cara Murray | 27 | 23 | 6 | 0 | 117.39 |
Vishmi Gunaratne | c Arlene Nora Kelly b Eimear Richardson | 36 | 34 | 4 | 0 | 105.88 |
Anushka Sanjeewani | not out | 17 | 13 | 2 | 0 | 130.77 |
Nilakshika Silva | c Arlene Nora Kelly b Laura Delany | 1 | 2 | 0 | 0 | 50.00 |
Ama Kanchana | b Laura Delany | 6 | 2 | 0 | 1 | 300.00 |
Oshadi Ranasinghe | c Orla Prendergast b Laura Delany | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 1 , nb 1, w 4, pen 0) |
Total | 149/5 (20 Overs, RR: 7.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Eimear Richardson | 4 | 0 | 26 | 1 | 6.50 | |
Orla Prendergast | 3 | 1 | 32 | 0 | 10.67 | |
Jane Maguire | 2 | 0 | 10 | 0 | 5.00 | |
Arlene Kelly | 3 | 0 | 23 | 0 | 7.67 | |
Cara Murray | 4 | 0 | 28 | 1 | 7.00 | |
Leah Paul | 1 | 0 | 9 | 0 | 9.00 | |
Laura Delany | 3 | 0 | 20 | 3 | 6.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Amy Hunter | b Oshadi Ranasinghe | 5 | 6 | 0 | 0 | 83.33 |
Gaby Lewis | c Oshadi Ranasinghe b Inoka Ranaweera | 38 | 24 | 7 | 0 | 158.33 |
Orla Prendergast | c Chamari Athapaththu b Oshadi Ranasinghe | 7 | 6 | 1 | 0 | 116.67 |
Laura Delany | run out (Ama Kanchana) | 21 | 23 | 2 | 0 | 91.30 |
Eimear Richardson | c Kavisha Dilhari b Inoka Ranaweera | 4 | 5 | 1 | 0 | 80.00 |
Louise Little | st Anushka Sanjeewani b Oshadi Ranasinghe | 11 | 8 | 2 | 0 | 137.50 |
Mary Waldron | b Kavisha Dilhari | 7 | 9 | 0 | 0 | 77.78 |
Leah Paul | c Chamari Athapaththu b Inoka Ranaweera | 15 | 13 | 2 | 0 | 115.38 |
Arlene Nora Kelly | run out (Sugandika Kumari) | 30 | 17 | 2 | 2 | 176.47 |
Cara Murray | b Sugandika Kumari | 2 | 7 | 0 | 0 | 28.57 |
Jane Maguire | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 1 , lb 2 , nb 1, w 3, pen 0) |
Total | 147/10 (19.5 Overs, RR: 7.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sugandika Kumari | 3.5 | 0 | 23 | 1 | 6.57 | |
Achini Kulasuriya | 2 | 0 | 30 | 0 | 15.00 | |
Oshadi Ranasinghe | 4 | 0 | 22 | 3 | 5.50 | |
Inoka Ranaweera | 4 | 0 | 26 | 3 | 6.50 | |
Kavisha Dilhari | 2 | 0 | 18 | 1 | 9.00 | |
Ama Kanchana | 2 | 0 | 13 | 0 | 6.50 | |
Chamari Athapaththu | 2 | 0 | 12 | 0 | 6.00 |
ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය මේ මස 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<