2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (14) දහවල් පැවති තරගයෙන් Jaffna Kings පරදවා ලකුණු 10ක ජයක් හිමිකර ගැනීමට Kandy Falcons ක්‍රීඩකයින් සමත් වුනා.
Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල පසු වූ අතර එම සටහනේ පෙරමුණ ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය කණ්ඩායම් ද්විත්වයටම ඉතා වැදගත් වුනා.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Falcons නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්
- Kandy Falcons: පැතුම් නිස්සංක, Andre Fletcher, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, Najibullah Zadran, Carlos Brathwaite, Fabian Allen, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, චමිඳු විජේසිංහ.
- Jaffna Kings: අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, Rahmanullah Gurbaz, තිසර පෙරේරා, Shoaib Malik, ධනංජය ද සිල්වා, James Fuller, Vijayakanth Viyaskanth, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුශංක, Waqar Salamkheil.
සිය නායකයාගේ තීරණයට තරමක සාධාරණයක් ඉටු කළ Falcons ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක සහ Andre Fletcher ආරම්භක කඩුල්ලට ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.
ලකුණු 15ක් ලබා සිටි පැතුම් නිස්සංක පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට Waqar Salamkheilට හැකි වුනේ තමන් වෙතම පෙරළා පැමිණි උඩ පන්දුවක් සාර්ථකව රැක ගනිමින්.
ලකුණු 11ක් වාර්තා කරගෙන සිටි කමිඳු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුනේ James Fullerගේ පන්දුවකට සදීර සමරවික්‍රම ලබා ගත් විශිෂ්ට උඩ පන්දුව නිසයි.
තරගයේ 11 වැනි පන්දුවාරයේ දී Falcons ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35ක් ලබා සිටි Fletcher සහ Carlos Brathwaite ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළේ Falcons ලකුණු පුවරුව 69ක් වන විටයි.
ඉන්පසුව පිටියට පිවිසි Najibullah Zadran හට ද ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් Salamkheil සිය දෙවැනි කඩුල්ල ලෙස Zadran ලකුණු ලබා ගැනීමට පෙරම පිටියෙන් ඉවත් කළා.
Falcons නායක වනිඳු හට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ නොදුන් Kings ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක විසින් වනිඳුව ලකුණු 7කට දවා ගනිමින් තරගාවලියේ පළමු කඩුල්ල ලබා ගත්තා.
Fabian Allen සමඟ එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 40ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 24ක් වාර්තා කරගෙන සිටි අශේන් බණ්ඩාර දැවී යන විට Falcons ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 119ක් ලෙසයි.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23ක් තුළ Allen රැස්කර ගත් ලකුණු 47 සහ පන්දු 9ක් තුළ චාමික කරුණාරත්න නොදැවී ලබා ගත් ලකුණු 18 නිසා පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් වාර්තා කරගැනීමට Kandy Falcons ක්‍රීඩකයින්ට හැකි වුනා.
- Colombo Stars කණ්ඩායමෙන් අතිවිශිෂ්ට ලුහුබැඳ යාමක්!
- ෆ්ලෙචර් – වනිඳු සුසංයෝගය කොළඹට තරු පෙන්වයි!
- Falcons ක්‍රීඩකයින් Aura බලාපොරොත්තු තවදුරටත් සුන් කරයි
- චාමිකගේ අලුත්ම සෞඛ්‍ය තත්වය
- දික්වැල්ල සහ වේගපන්දු යවන්නෝ Colombo Stars බබළවති
ලකුණු 161ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Kings පළමු කඩුල්ල ලකුණු 4 දී දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුනේ ලකුණු 4ක් ලබා සිටි Rahmanullah Gurbaz පිටියෙන් ඉවත් කරමින්.
ධනංජය ද සිල්වා හට ලකුණු ලබා ගැනීමට ඉඩක් නොදුන් Brathwaite ඔහුව දවා ගනිද්දී, Kings ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 2ක් දැවී ලකුණු 5ක් ලෙසයි.
තෙවැනි කඩුල්ල සඳහා සදීර සමඟ එක්ව ලකුණු 58ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව පන්දු 19ක් තුළ ලකුණු 33ක් රැස්කර ගත් අවිශ්ක ප්‍රනාන්දු දවා ගනිමින් Falcons නැවතත් තරගයට ගෙන ඒමට Fabian Allenට හැකි වුනා.
සිය කණ්ඩායමට අවශ්‍යතම මොහොතේ ක්‍රියාත්මක වූ Falcons නායක වනිඳු, ලකුණු 8ක් ලබා සිටි Shoaib Malikව පිටියෙන් ඉවත් කළා.
Kings ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරමින් නායක තිසර පෙරේරා ලකුණු දෙකකට සහ දුනිත් වෙල්ලාලගේ එක් ලකුණකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට Brathwaiteට හැකි වුනා.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 48ක් රැස්කර ගෙන සිටි සදීර සමරවික්‍රම එල්ල කළ පහරක් පෙරළා රැක ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න කිරීමට Falcons නායක වනිඳු හසරංගට හැකි වුනා.
පන්දු 11ක් තුළ ලකුණු 16ක් ලබා සිටි James Fuller දවා ගැනීමට Brathwaiteට හැකි වුනේ තරගාවලියේ දෙවැනි වතාවටත් කඩුලු හතරක් දවා ගනිමිනුයි.
Kandy Falcons පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ Jaffna Kings ක්‍රීඩකයින්ට කඩුලු නවයක් දැවී රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 150ක් පමණයි.
ඒ අනුව Kandy Falcons තරගය ලකුණු 10කින් ජයග්‍රහණය කළේ මෙවර තරගාවලියේ Jaffna Kingsට එරෙහිව වාර්තා කරන දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනිමිනුයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c & b Waqar Salamkheil | 15 | 20 | 2 | 0 | 75.00 |
Andre Fletcher | c Rahmanullah Gurbaz b Dunith wellalage | 35 | 22 | 4 | 2 | 159.09 |
Kamindu Mendis | c Sadeera Samarawickrama b James Fuller | 11 | 11 | 2 | 0 | 100.00 |
Ashen Bandara | c Waqar Salamkheil b James Fuller | 24 | 24 | 0 | 0 | 100.00 |
Carlos Brathwaite | lbw b Dunith wellalage | 0 | 1 | 0 | 0 | 0.00 |
Najibullah Zadran | Dunith wellalage b | 0 | 4 | 0 | 0 | 0.00 |
Wanidu Hasaranga | c Waqar Salamkheil b Dilshan Madushanka | 7 | 5 | 0 | 0 | 140.00 |
Fabian Allen | b Dilshan Madushanka | 47 | 23 | 3 | 4 | 204.35 |
Chamika Karunaratne | not out | 18 | 9 | 0 | 2 | 200.00 |
Isuru Udana | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 160/8 (20 Overs, RR: 8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Thisara Perera | 1 | 0 | 5 | 0 | 5.00 | |
Dunith wellalage | 4 | 0 | 7 | 2 | 1.75 | |
Dilshan Madushanka | 3 | 0 | 41 | 2 | 13.67 | |
Waqar Salamkheil | 4 | 0 | 40 | 2 | 10.00 | |
Vijayakanth Viyaskanth | 4 | 0 | 38 | 0 | 9.50 | |
James Fuller | 4 | 0 | 28 | 2 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rahmanullah Gurbaz | c Najibullah Zadran b Isuru Udana | 4 | 5 | 1 | 0 | 80.00 |
Avishka Fernando | b Fabian Allen | 33 | 20 | 4 | 1 | 165.00 |
Dhananjaya de Silva | c Andre Fletcher b Carlos Brathwaite | 0 | 5 | 0 | 0 | 0.00 |
Sadeera Samarawickrama | c & b Wanidu Hasaranga | 48 | 41 | 5 | 0 | 117.07 |
Shoaib Malik | lbw b Wanidu Hasaranga | 8 | 2 | 0 | 0 | 400.00 |
Thisara Perera | c Andre Fletcher b Carlos Brathwaite | 2 | 5 | 0 | 0 | 40.00 |
Dunith wellalage | c Andre Fletcher b Carlos Brathwaite | 1 | 2 | 0 | 0 | 50.00 |
James Fuller | c Chamika Karunaratne b Carlos Brathwaite | 16 | 12 | 2 | 0 | 133.33 |
Vijayakanth Viyaskanth | b | 10 | 9 | 0 | 0 | 111.11 |
Dilshan Madushanka | run out (Isuru Udana) | 7 | 4 | 0 | 1 | 175.00 |
Waqar Salamkheil | b | 6 | 5 | 1 | 0 | 120.00 |
Extras | 15 (b 1 , lb 9 , nb 0, w 5, pen 0) |
Total | 150/9 (20 Overs, RR: 7.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isuru Udana | 4 | 0 | 27 | 1 | 6.75 | |
Carlos Brathwaite | 4 | 0 | 18 | 4 | 4.50 | |
Fabian Allen | 3 | 0 | 39 | 0 | 13.00 | |
Wanidu Hasaranga | 4 | 0 | 22 | 1 | 5.50 | |
Wanidu Hasaranga | 4 | 0 | 21 | 2 | 5.25 | |
Kamindu Mendis | 1 | 0 | 13 | 0 | 13.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<