2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (12) පැවති දෙවැනි තරගයෙන් Colombo Stars පරදවා ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට Jaffna Kings ක්‍රීඩකයින් සමත් වුනා.
තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග හතරෙන් තුනක් ජය ගනිමින් Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ අතර මෙතෙක් එක් තරගයක් පමණක් ජය ගත් Colombo Stars ක්‍රීඩකයින්ට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.
තරගාවලියේ 10 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්
Jaffna Kings: Rahmanullah Gurbaz, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, අශාන් රන්දික, Shoaib Malik, තිසර පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, James Fuller, මහීෂ් තීක්ෂණ, Vijayakanth Viyaskanth, අසිත ප්‍රනාන්දු.
Colombo Stars: නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නවෝද් පරණවිතාන, නිශාන් මධුශ්ක, චරිත් අසලංක, Benny Howell, Dominic Drakes, සික්කුගේ ප්‍රසන්න, Naveen-ul-Haq, කසුන් රාජිත.
ඊයේ (11) දිනයේ දී වාර්තාගත ආරම්භක සම්බන්ධතාවක් පිහිටවූ Jaffna Kings ආරම්භක සම්බන්ධතාව ලකුණු 35කට සීමා කරමින් පළමු කඩුල්ල දවා ගැනීමට Benny Howell සමත් වුනේ Rahmanullah Gurbaz ලකුණු 17කට පිටියෙන් ඉවත් කරමිනුයි.
අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව අශාන් රන්දික Naveen-ul-Haqගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 13ක් තුළ වේගවත් ලකුණු 27ක් ලබාගෙන සිටියා.
Kings ලකුණු පුවරුව 85ක් වන විට නැවතත් ක්‍රියාත්මක වූ Howell විසින් ලකුණු 32ක් ලබා සිටි අවිශ්ක දවා ගැනීමට සමත් වුනේ Kings ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් ගෙන එමිනුයි.
සිව්වැනි කඩුල්ල සඳහා සදීර සමරවික්‍රම සහ Shoaib Malik එක්ව ගොඩනැගූ ලකුණු 57ක සම්බන්ධතාව බිඳ දමමින් සදීර ලකුණු 33කට දවා ගැනීමට Dominic Drakesට හැකි වුනා.
වේගවත් ඉනිමක් දියත් කරමින් Kings නායක තිසර පෙරේරා පන්දු 13ක් තුළ ලබා ගත් ලකුණු 29 සහ Malik පන්දු 25ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 34 නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා ගැනීමට Jaffna Kings ක්‍රීඩකයින්ට හැකි වුනා.
Colombo Stars වෙනුවෙන් Benny Howell ලකුණු 37කට කඩුලු දෙකක් දවා ගත් අතර Naveen-ul-Haq සහ Dominic Drakes අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
- Gladiators හමුවේ Falcons අපරාජිත බව බිඳ වැටෙයි
- ලහිරු උදාරගේ ඉනිමෙන් ස්ථාවර වුනු Gladiators මංගල ජයග්‍රහණයට
- දසුන් ශානකට ලොකු දඩයක්!
- Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී
ලකුණු 179ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Stars කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 5ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට Jaffna Kings පන්දු යවන්නන් සමත් වුනා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා තිසර පෙරේරාගේ පන්දුවකට දැවී යද්දී, නිෂාන් මධුෂ්ක එක් ලකුණකට ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට අශාන් රන්දික වෙත උඩ පන්දුවක් ලබා දෙමිනුයි.
Stars ලකුණු පුවරුව 29ක් වන විට ලකුණු 8ක් ලබා සිටි යොවුන් පිතිකරු නවෝද් පරණවිතාන දවා ගැනීමට James Fuller සමත් වුනා. ඉන්පසු පිටියට පිවිසියේ චරිත් අසලංකයි.
තරගාවලිය තුළ නැවතත් අසාර්ථක වූ චරිත් අසලංක, Vijayakanth Viyaskanthගේ පන්දුවක් හමුවේ ලකුණු 3කට දැවී යන විට Colombo Stars ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු හතරක් දැවී ලකුණු 35ක් ලෙසයි.
ලකුණු 19ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි වුනේ Colombo Stars ලකුණු පුවරුව 37/5ක් බවට පත් කරමිනුයි.
Colombo Stars තවත් අසරණ කරමින් ලකුණු 4ක් ලබා සිටි සීක්කුගේ ප්‍රසන්න ලකුණු හතරකට දවා ගනිමින් සිය දෙවැනි කඩුල්ල සඳහා හිමිකම් කියන්නට Vijayakanth Viyaskanth සමත් වුනා.
පන්දු අටක් තුළ ලකුණු 14ක් ලබා ගනිමින් Stars වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සහ කළ Dominic Drakes අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 67ක් වන විටයි.
ජයග්‍රහණය පෙනෙන මානයකවත් නොසිටි Starsට බලාපොරොත්තුවක් ගෙන දෙමින් මැතිව්ස් සමඟ එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 41ක් තුළ වේගවත් ලකුණු 90ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව Benny Howell දැවී යන විට පන්දු 20ක් තුළ ලකුණු 43ක් ලබා සිටියා.
Colombo Stars ජයග්‍රහණයට පන්දු 4ක් තුළ ලකුණු 21ක් අවශ්‍ය වූ මොහොතේ හයේ පහර දෙකක් එල්ල කරමින් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට මැතිව්ස්ට හැකි වූවත්, තරගය ලකුණු 6කින් ජය ගැනීමට Jaffna Kings ක්‍රීඩකයින්ට හැකි වුනා.
සිය කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් පන්දු 38ක් තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් සමඟ නොදැවී ලකුණු 73ක් ලබා ගත්තා.
ඒ අනුව තරගාවලියේ සිව්වැනි තරගයත් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට Jaffna Kings ක්‍රීඩකයින්ට හැකි වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rahmanullah Gurbaz | c Niroshan Dickwella b Benny Howell | 17 | 11 | 0 | 2 | 154.55 |
Avishka Fernando | c Naveen Ul Haq b Benny Howell | 32 | 31 | 4 | 0 | 103.23 |
Ashan Randika | c Charith Asalanka b Naveen Ul Haq | 27 | 14 | 2 | 2 | 192.86 |
Sadeera Samarawickrama | b Dominic Drakes | 32 | 25 | 3 | 0 | 128.00 |
Shoaib Malik | not out | 35 | 26 | 5 | 0 | 134.62 |
Thisara Perera | not out | 29 | 13 | 3 | 1 | 223.08 |
Extras | 6 (b 1 , lb 3 , nb 0, w 2, pen 0) |
Total | 178/4 (20 Overs, RR: 8.9) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 2 | 0 | 19 | 0 | 9.50 | |
Nawod Paranavithana | 2 | 0 | 13 | 0 | 6.50 | |
Seekkuge Prasanna | 4 | 0 | 24 | 0 | 6.00 | |
Benny Howell | 4 | 0 | 37 | 2 | 9.25 | |
Naveen Ul Haq | 4 | 0 | 28 | 1 | 7.00 | |
Dominic Drakes | 4 | 0 | 53 | 1 | 13.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | b Thisara Perera | 0 | 4 | 0 | 0 | 0.00 |
Daniel Bell Drummond | c Ashan Randika b Mahesh Theekshana | 1 | 4 | 0 | 0 | 25.00 |
Nawod Paranavithana | b James Fuller | 8 | 9 | 2 | 0 | 88.89 |
Dinesh Chandimal | b Asitha Fernando | 19 | 18 | 3 | 0 | 105.56 |
Charith Asalanka | lbw b Vijayakanth Viyaskanth | 3 | 8 | 0 | 0 | 37.50 |
Angelo Mathews | not out | 73 | 38 | 8 | 3 | 192.11 |
Seekkuge Prasanna | c Avishka Fernando b Vijayakanth Viyaskanth | 4 | 10 | 0 | 0 | 40.00 |
Dominic Drakes | run out (Thisara Perera) | 14 | 8 | 2 | 0 | 175.00 |
Benny Howell | c Shoaib Malik b | 43 | 20 | 5 | 2 | 215.00 |
Kasun Rajitha | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0) |
Total | 172/8 (20 Overs, RR: 8.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Thisara Perera | 3 | 0 | 31 | 1 | 10.33 | |
Mahesh Theekshana | 4 | 0 | 32 | 1 | 8.00 | |
James Fuller | 4 | 0 | 32 | 2 | 8.00 | |
Asitha Fernando | 4 | 1 | 31 | 1 | 7.75 | |
Vijayakanth Viyaskanth | 4 | 0 | 32 | 2 | 8.00 | |
Dunith wellalage | 1 | 0 | 11 | 0 | 11.00 |
2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (13) පැවැත්වීමට නියමිතයි. එම තරග ඇතුළු තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<