ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.
දෙසැම්බර් 08 වැනිදා Colombo Stars කණ්ඩායම සමඟ පැවති තරගයේ දී පිටියේ විනිසුරුවරයාගේ තීරණයකට විරෝධය පෑම නිසා දසුන් හට මෙම දඩය පැනවීමට කටයුතු කර තිබෙනවා.
- Jaffna Kings පිතිකරුවන් LPL ඉතිහාසය වෙනස් කරයි
- Greys ක්‍රීඩිකාවෝ Reds ක්‍රීඩිකාවන්ට එකට එක කරයි
- ලහිරු උදාරගේ ඉනිමෙන් ස්ථාවර වුනු Gladiators මංගල ජයග්‍රහණයට
- චාමිකගේ අලුත්ම සෞඛ්‍ය තත්වය
- Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී
එම වරද දසුන් විසින් පිළිගැනීම නිසා විමර්ශනයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර තිබෙන අතර ඔහුට සිය තරග ගාස්තුවෙන් 40% (ඇමරිකානු ඩොලර් 3000) දඩයක් සහ දඬුවම් ලකුණු දෙකක් පැනවීමට විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය ශානක විසින් උල්ලංඝනය කර ඇති අතර එය පළමු මට්ටමේ වරදක් ලෙස සැලකෙනවා.
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<