ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අදාළ විශේෂ මහ සභා රැස්වීමක් මෙම මස 11 වැනිදා ක්‍රීඩා සහ යෞවන කමිටු අමාත්‍යංශයේ දී පවත්වා තිබුණා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළව ගොනුකර තිබූ අභියාචනාධිකරණ නඩු අංක CA writ 351/2022 යටතේ ඔක්තෝබර් මාසයේ පැවති නඩුවාරයේ දී ලබා දුන් තීන්දුවට අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම රැස්වීම පවත්වා තිබෙනවා.
එහි දී 2022-2023 පාපන්දු නිලවරණය පැවැත්වීම සඳහා වන පාපන්දු නිලවරණ කමිටුව නම් කළ අතර එය සඳහා නිලධාරීන් තිදෙනෙක් නිතරගයෙන්ම කමිටු සාමාජිකයින් ලෙස පත්වීම විශේෂත්වයක්.
- යාපනයේ ප්‍රහාරයෙන් ගේට්වේ බලාපොරොත්තු සුන් වෙයි
- උතුරේ ආධිපත්‍ය රඳවා ගනිමින් සාන්ත පැට්රික් අවසන් පූර්ව වටයට
- බ්‍රසීලය හැඬ වූ පාපන්දුව
- දුමිඳුගේ ගෝල ද්විත්වයෙන් සාන්ත ජෝසප් අවසන් පූර්ව වටයට
එම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු යූ. එල්. මජීඩ් මහතා පත් කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. එල්. බන්දුල කුමාර අතපත්තු මහතා සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරි සිරිපාල මැදවැව මහතා පත් කර තිබෙනවා.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<