ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මට්ටමෙන් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන Lanka Premier League (LPL) හි තුන්වැනි තරග වාරය මෙම වසරේ දෙසැම්බර් 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙවර මෙම තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ මුල් තරග හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර, පසුව නුවර දී තවත් තරග ප්‍රමාණයක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් භාගය කොළඹ දී පැවැත්වීමට නියමිත බව තරග කාලසටහනේ දැක්වෙයි.
ගියවර තරගාවලියේ ශූරයින් බවට පත්වූ Jaffna සහ Galle කණ්ඩායම් දෙක අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙනු ඇති.
- වනිඳුගෙන් තවත් මාලිංග කෙනෙක්ව දකින මහේල
- ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayleගෙන් අනාවැකිය
- විස්සයි විස්ස ලෝක කුසලානයේ තීරණාත්මකම තරග 11
- ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පවසන ලෝක කුසලාන සැලසුම්
- පාකිස්තාන වේගපන්දු යවන්නෙකුගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්
තරඟ කාල සටහන
දිනය | ප.ව.3.00 (දිවා තරග) | ප.ව.7.30 (රාත්‍රි තරග) | ක්‍රීඩාංගණය | ||
(2022) | Home | Away | Home | Away | |
දෙසැම්බර් 6 අඟහරුවාදා | Jaffna | Galle | Colombo | Kandy | හම්බන්තොට |
දෙසැම්බර් 7 බදාදා | Dambulla | Jaffna | Galle | Kandy | හම්බන්තොට |
දෙසැම්බර් 8බ්‍රහස්පතින්දා | Dambulla | Colombo | හම්බන්තොට | ||
දෙසැම්බර් 9 සිකුරාදා | පල්ලෙකැලේ වෙත පිටත්වීම | ||||
දෙසැම්බර් 10 සෙනසුරාදා | Kandy | Jaffna | පල්ලෙකැලේ | ||
දෙසැම්බර් 11 ඉරිදා | Colombo | Galle | Jaffna | Dambulla | පල්ලෙකැලේ |
දෙසැම්බර් 12 සඳුදා | Kandy | Galle | Colombo | Jaffna | පල්ලෙකැලේ |
දෙසැම්බර් 13 අඟහරුවාදා | Dambulla | Kandy | Galle | Colombo | පල්ලෙකැලේ |
දෙසැම්බර් 14 බදාදා | Jaffna | Kandy | Colombo | Dambulla | පල්ලෙකැලේ |
දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා | කොළඹ වෙත පිටත් වීම | ||||
දෙසැම්බර් 16 සිකුරාදා | විවේකී දිනය | ||||
දෙසැම්බර් 17සෙනසුරාදා | Dambulla | Galle | Kandy | Colombo | කොළඹ |
දෙසැම්බර් 18 ඉරිදා | Galle | Jaffna | Kandy | Dambulla | කොළඹ |
දෙසැම්බර් 19 සඳුදා | Jaffna | Colombo | Galle | Dambulla | කොළඹ |
දෙසැම්බර් 20 අඟහරුවාදා |
විවේකී දිනය |
කොළඹ | |||
දෙසැම්බර් 21 බදාදා | Qualifier 1 (1 vs
2) |
Eliminator (3 vs
4) |
කොළඹ | ||
දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා | Qualifier 2 (looser QF1 vs won E) |
කොළඹ |
|||
දෙසැම්බර් 23 සිකුරාදා | අවසන් මහා තරගය | කොළඹ |
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<