පිරිමි මැරතන් ධාවන ඉසව්වේ තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට එහි ලෝක වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩක Eliud Kipchoge පසුගිය දා සමත් වුනා.
බර්ලින් හී පැවති මැරතන් තරගයක් පැය 2:01.09ක කාලයකින් අවසන් කරමින් ඔහු එලෙස බිඳ හෙළීමට සමත් වුනේ පැය 2:01.39ක කාලයකින් අවසන් කරමින් 2018 වසරේ ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි.
- යුපුන් රන් පදක්කම් සමඟින් 2022 තරගවාරය අවසන් කරයි
- යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
- නව රිටි පැනීමේ වාර්තාවක් සමඟින් නිමා වුනු පළමු දිනය
- සත් සමුදුරෙන් එහා සිට යුපුන් දක්වන දස්කම්
තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Eliud Kipchoge ප්‍රකාශ කළේ,
“මම මගේ සූදානම ගැන සතුටු වෙනවා වගේම මට මේ තරම් වේගවත් වෙන්න පුළුවන් වුනේ කණ්ඩායම නිසයි. මගේ සැලැස්ම වුනේ පළමු අර්ධය වේගයෙන් දුවන්නයි. මට ඒක හොඳින් කරන්න ලැබුණා. මගේ ශරීරය සහ පාද තවමත් තරුණයි වගේ මට දැනෙන්නේ. වැදගත්ම දේ මගේ මනස, ඒක තාමත් තරුණයි. ඒ වගේම මම සතුටු වෙනවා ඒ වාර්තාව පිහිටුවන්න ලැබීම ගැන.”
මේ වන විට 37 වැනි වියේ පසුවන කෙන්යානු ජාතික Eliud Kipchoge ලෝක මැරතන් පිටියේ බිහිවූ සාර්ථකම ක්‍රීඩකයා ලෙස ද සැලකෙන අතර ඔහු ලොව පුරා තිබෙන මැරතන් තරගාවලි රැසක් ජයග්‍රහණය කළා.
එමෙන්ම ඔලිම්පික් පිටියේ ද සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2016 සහ 2021 වසරවල මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<