දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්රධානතම තරගාවලියක් වන අවුරුදු 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය මෙම මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ තමෝද්ය සරත්කුමාර හටයි.
එම කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන අරුණ සම්පත් මහතා හට ලබා දී තිබූ අතර ඔහුගේ සහයට සහයක පුහුණුකරු ලෙස කසුන් ජයසූරිය මහතා, ගෝල රැකීමේ පුහුණුකරු ලෙස මොහොමඩ් අස්වර් මහතා නම් කර තිබුණා.
තරගාවලියට නම් කළ ශ්රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන්,
PH No | Name | J/NO | AGE | Position | School |
1 | මොහොමඩ් ෂුයිබ් | 4 | 16 | DF | Muslim Central College Kalutara |
2 | Kunanesan Vithursikan | 17 | 16 | DF | Kottawattai A.M.T.M.S Velvettithurai |
3 | ආතිෆ් අහමඩ් | 3 | 16 | DF | Nooraniya M.M.V Mawanella |
4 | Roisan Bright | 13 | 14 | DF | St. Henry’s College Jaffna |
5 | සචින් තරිවෙන්ද්ර | 16 | 16 | MF | Vivekananda T.M.V Anuradhapura |
6 | රිස්නි මොහොමඩ් | 15 | 16 | FW | Al. Madeena Vidyalaya Muruthamunai |
7 | Kirupananthan Ahash | 6 | 16 | MF | Uduppiddy A.M. College Velvettithurai |
8 | මොහොමඩ් රිහාස් | 1 | 16 | GK | Ameen Vidyalaya Kinniya |
9 | රමික මෙත්මින් | 14 | 16 | MF | St. Joseph’s College Anuradhapura |
10 | මොහොමඩ් මුෆාස් | 10 | 16 | FW | Al. Aqsa National College Kinniya |
11 | Jeyantha Anexsan | 18 | 15 | FW | St. Joseph College Batticaloa |
12 | සදෙව් තත්සර | 7 | 16 | DF | Kannangara College Galle |
13 | මාධවන් ප්රවීන් | 22 | 15 | GK | St. Sylvester’s College Kandy |
14 | Mohamed Fathih | 19 | 15 | DF | Al Hikma College Colombo |
15 | මොහොමඩ් අබ්දුල්ලා | 2 | 16 | DF | St. John’s College Colombo |
16 | Mohammed Yasser | 12 | 16 | MF | Mahabodhi College Colombo |
17 | නස්මි අහමඩ් | 9 | 15 | FW | Benhill College Gampola |
18 | Fareeq Ahamed | 8 | 16 | MF | Zahira College Colombo |
19 | Mohammed Sadeer | 20 | 15 | FW | Zahira College Colombo |
20 | Kaleel Hifni | 21 | 16 | MF | Central College Kinniya |
21 | තමෝද්ය සරත්කුමාර | 11 | 16 | FW | Sri Sumangala College Kandy |
22 | මලිඳු බණ්ඩාර | 23 | 15 | GK | N.M. Perera MV Yatiyanthota |
23 | සවිඳු පියුමකර | 5 | 15 | DF | Darmapala M.V Ratnapura |
කන්දගේ අරුණ සම්පත් | ප්රධාන පුහුණුකරු |
වීරරත්න කසුන් ඉන්දික ජයසූරිය | සහය පුහුණුකරු |
Mohamed Ansar Mohamed Azwar | ගෝල රැකීමේ පුහුණුකරු |
නකන්දලාගේ දොන් ඉන්දික | කළමනාකරු |
මනෝජ් දර්ශන පියරත්න | PHYSIOTHERAPIST |
කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩය සඳහා මාලදිවයින, බංග්ලාදේශය ඇතුළත්. B කාණ්ඩයට ඇතුළත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, භූතනය සහ නේපාලයයි.
- Crystal Palace සහ St. Mary’s ජයග්රාහීව ගෙදර යයි
- මොරගස්මුල්ල සහ Saunders 11 වැනි සතියේ ජයග්රාහකයින් අතරට
- තරග දෙකක් සම වෙද්දී Pelicans සහ මාතරට ජයග්රහණ
- St. Mary’s ක්රීඩකයින්ට ජයග්රාහී සතියක්
- පාපන්දු ලෝක කුසලානයට පෙර එන වීදි දරුවන්ගේ ලෝක කුසලානය
තරගාවලිය ආරම්භ කරමින් හෙට (05) සවස් වරුවේ ඉන්දියාව සහ භූතානය තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර රාත්රි කාලයේ දී සත්කාරක ශ්රී ලංකාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතව ඇත.
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සැප්තැම්බර් 09 වැනිදා මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
වයස අවුරුදු 17න් පහළ SAFF තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<