2022 ආසියානු කුසලාන තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබෙනවා.
ලීග් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ගනු ඇත.
- ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය නම් කරයි
- ආසියා කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
- ආසියා කුසලානය ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
- 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ICC පූර්ණ සාමාජික ආසියානු රටවල් මේ වන විටත් ආසියානු කුසලාන තරගාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබාගෙන අවසන්.
2022 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග කාලසටහන
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<