හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූරයෙකු මෙන්ම ජනප්‍රිය ක්‍රීඩා තරුවක් වන Mike Tyson (මයික් ටයිසන්) විසින් ඔහුගේ නිවසේ සුරතලයට ඇති කළ සුදු ව්‍යාඝ්‍රයන් ගැන ඔබට යම් මතකයක් ඇති.
බොක්සිං ක්‍රීඩා කරන සමයේ අතිශය ධනවත් ක්‍රීඩකයෙකු වූ ටයිසන් ද බොහෝ ධනවතුන් මෙන් වෙනස් සතුන් සුරතලයට ඇති කිරීමට කැමැත්තක් දැක්වූවා. ඔහුගේ ජීවිත කාලය පුරාවට ඔහු විසින් බෙංගාලි ව්‍යාඝ්‍ර ගණයේ සුදු පැහැති බිළාල සතුන් තිදෙනෙකු ඇති කළ බව සඳහන්. ඉන් එක් සතෙකු එකල ඇ.ඩො. 80,000ක පමණ වටිනාකමකින් යුක්ත වූ බව පැවසෙනවා.
පසුගිය දා මෙම කතා පුවත ලොවට හෙළි කළේ The Sun වෙබ් අඩවියයි. ඊට සම්පත් දායකත්වය සැපයුවේ කලක් ටයිසන්ගේ විශ්වාසවන්ත කළමනාකරුවෙකු වූ ෂෙලී ෆින්කල්.
Caption – ෂෙලී ෆින්කල් සහ මයික් ටයිසන්
එක් කලෙක විශාල ධනස්කන්ධයක හිමිකරුවෙකු වූ ටයිසන් කිහිපවරක්ම සිරගත වුනා. ඉන් ප්‍රසිද්ධම අවස්ථාව වුනේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්ත රූ රැජින වූ ඩෙසිරි වොෂින්ටන්ව දූෂණය කළ බවට නැගුණු චෝදනාවලට වරදකරු වීමයි. සයවසක සිර දඬුවමක් නියම වුවත්, යහපත් කල්ක්‍රියාව පෙන්වා 1995 දී ඔහු නිදහස ලැබුවේ තෙවසරක් සිරදඬුවම් විඳීමෙන් පසුවයි.
ඒ වන විටත් ටයිසන් යනු ලෝක ශූර වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු මෙන්ම ධන කුවේරයෙක්. 1995දී නිදහස ලැබීමෙන් පසුව ඔහු සුදු ව්‍යාඝ්‍රයන්ව මිලට ගෙන තිබුණා.
යම් කාලයක් ලොව ඉහළම මට්ටමේ වෘත්තීය බොක්සිං තරගවලට ක්‍රීඩා කළ ඔහු ඉන්පසුව මූල්‍ය වශයෙන් බංකොලොත්භාවයට පත්වූ බව ප්‍රකට කරුණක්. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහුගේ මූල්‍ය බංකොලොත්භාවය විසින් ඒ සුදු ව්‍යාඝ්‍රයන් ඔහුගෙන් ඈත් කරන්නට ඇති බවයි. එවැනි සතුන්ව ඇතිදැඩි කරන්නට නම් විශාල වියදමක් දැරීමට සිදුවීම ඊට හේතුවයි.
එහෙත් එක් ව්‍යාඝ්‍රයෙකු අත්හැර දැමීමට ටයිසන් තීරණය කොට ඇත්තේ අවදානම් සිදුවීමකින් අනතුරුවයි.
එක් දිනෙක ඔහු ඔහුගේ සුදු ව්‍යාඝ්‍රයා සමඟ ලාස් වේගාස්හි ඔහුගේ නිවස අයත් මඟෙහි ඇවිදීමට ගොස් තිබෙනවා. අසල්වැසි නිවසක සුනඛයෙකු දුටු ව්‍යාඝ්‍රයා තාප්පයකින් පැන ඌව මරා දැමීමට උත්සාහ කොට තිබෙනවා.
“ඔහුගේ ගෙදර තිබුණේ වේගාස් වල ගෙවල් දෙකක් අතරයි. දකුණු පැත්තෙන් වීථියට මුහුණලා තිබුණේ වේගාස් වල ප්‍රසිද්ධ කලාකරුවෙකුගේ නිවෙසක්. වම් පැත්තෙන් බල්ලන් ඇති කරන ව්‍යාපාරිකයෙකුගේ ගෙයක් තිබුණා.” ෆින්කල් පැවසුවා.
“මයික් එක ව්‍යාඝ්‍රයෙකු ඇවිද්දවන්නට හිතුවා. ඔන්න ඔහු ව්‍යාඝ්‍රයාව ඇවිද්දවනකොට ව්‍යාඝ්‍රයා අර බල්ලව දැකලා තාප්පෙන් පැනලා බල්ලව කන්න හැදුවා.”
“ජනේලෙන් බලාගෙන හිටපු මනුස්සයා (නිවසේ හිමිකරු) දැක්කා ව්‍යාඝ්‍රයෙක් තාප්පෙන් පැනලා එයාගේ බල්ලව කන්න එනවා. මයික් ඌව පල්ලෙහාට අදිමින් ඉන්නවා.” ෆින්කල් සිද්ධිය සිහි කළා.
“ඔහු (මයික්) ඌව වැටෙන් බස්සගෙන තිබුණා. මයික් එදා රෑ මට දුරකතනෙන් කතා කළා.”
“ෂෙලී, ASPCA එකෙන් (සතුන්ට එරෙහි වධහිංසා වැළැක්වීමේ ඇමරිකානු සංගමය) ඇවිත් ඉන්නවා. මට බළල්ලුන්ව (ව්‍යාඝ්‍රයන්) මගේ ගෙදර තියාගන්න අයිතියක් නැල්ලු. උඹ හිතන විදියට කොහොමද ඒගොල්ලො හොයාගන්න ඇත්තේ?” ටයිසන් එසේ විමසීම ෆින්කල්ට විනෝදයක්ව තිබුණා.
“උඹ හිතන්නේ ඒගොල්ලො කොහොම හොයාගන්න ඇති ද? උඹේ අසල්වැසියා දැක්කා ඌ (ව්‍යාඝ්‍රයා) තාප්පෙට උඩින් ඇවිල්ලා එයාගෙ බල්ලව කන්න යනවා. උඹ හිතන්නේ ඒගොල්ලො කොහොම හොයාගන්න ඇති ද?” ෆින්කල් අද පවසන්නේ මයික් ටයිසන් සම්බන්ධව ඔහුගේ මතකයේ ඇති රසවත්ම සිදුවීම එය බවයි.
එදා පටන් ටයිසන් ඌව අත්හැර දැමීමට තීරණය කළ බවයි හිටපු කළමනාකරු ෆින්කල් පවසන්නේ.
කෙසේ වෙතත් සුදු ව්‍යාඝ්‍රයා ගැන ෆින්කල්ගේ මතකය අසල්වැසි සුනඛයෙකු හඹා යෑම වුවත්, මයික් ටයිසන් වරක් ජෝ රෝගන් හා පැවැත්වූ සාකච්ඡාවක දී පැවසුවේ ඔහුගේ “කෙන්යා” නම් ව්‍යාඝ්‍ර සුරතලිය අසල්වැසි කාන්තාවකට පහර දුන් බවයි. වසර 16ක් ඔහු හා සුරතලිය ලෙස සිටි කෙන්යා නම් ව්‍යාඝ්‍රයා තමා සන්තකයේ තබා ගැනීම නිවැරදි නොවන බව අවබෝධ වූ නිසා ඌට සමුදුන් බව ද ඔහු පවසනවා.
දැන් ඔහුගේ සුරතලා වන්නේ Poodle වර්ගයේ සුනඛයෙක්.
- මුඩුක්කුවෙන් ඇරඹි මයික් ටයිසන්ගේ ජීවිතය – ඇසිදිසි
- සොෆියා වෙනුවෙන් යුරෝපය ආක්‍රමණය කළ සුවාරෙස්
- වේගවත්ම මිඩ්ල්වෙයිට් ශූර රෝයි ජෝන්ස්ගේ ජීවිත කතාව – ඇසිදිසි
මයික් ටයිසන් මේ වන විට 56 හැවිරිදි වියෙහි පසුවනවා. 2020 දී අවසන් වරට ඔහු ප්‍රදර්ශනාත්මක වෘත්තීය බොක්සිං තරගයකට සහභාගී වුනේ ලොව වේගවත්ම මිඩ්ල්වෙයිට් බොක්සිං ශූරයෙකු ලෙස සැලකුණු 53 හැවිරිදි රෝයි ජෝන්ස් Jr.ට එරෙහිවයි. එහි දී වට අටක තරගයක් පැවැත්වීමට දෙදෙනා සමත් වුනා.
ඉන්පසුව, 1997 දී ටයිසන්ගෙන් කන සපාකෑමට ලක්වූ එවැන්ඩර් හොලිෆීල්ඩ්ට එරෙහිව පැවැත්වෙන මීළඟ බොක්සිං තරගයක් ගැන කතාබහක් ඇති වුනත් එය මෙතෙක් යථාර්ථයක් වී නැහැ.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<