මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා. මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි.
“සන් ක්‍රීම්, තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්වයත්, Monkeypox වයිරසයේ පැතිරීමත්, ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ අවදානමත් සෞඛ්‍ය ඒජන්සිය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.
එබැවින් එංගලන්තයේ සිටින කාලය පුරාවට හොඳින් ජලය පානය කරන ලෙසත්, ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සබඳතා පවත්වන ලෙසත් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කෙරෙනවා.
සෞඛ්‍ය ආරක්ෂණ විශේෂඥ Caryn Cox (කැරින් කොක්ස්) news.com.au වෙත පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය ඇතුළත විශාල ජනකායක් එකිනෙකා හා සම්බන්ධ වී ප්‍රීති වනු ඇති නිසා ඔවුනට සෞඛ්‍ය පුරුදු අමතකව යෑමේ අවදානමක් ඇති බවයි.
“ගොඩක් මිනිසුන් විනෝද වෙමින් මේ පළාත පුරාම පැවැත්වෙන ක්‍රීඩා ඉසව් නරඹන්න පැමිණ තිබෙන නිසා ආසාදන තත්වයන් පැතිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා. COVID–19 වලට අමතරව දෑත් හරිහැටි නොසේදීමෙන් ඇති වන උදරාබාධයක් වුනත් පැතිරෙන්න පුළුවන්.” ඇය එසේ පැවසුවා.
- ළමා මෙහෙකරුවෙකු ලෙස බ්‍රිතාන්‍යයට ආ “ශ්‍රීමත්” මෝ ෆාරා
- පුටින්ට කුද ගහගන්නටැයි කියූ ඔලිම්පික් ශූරයා
- ඇලිසන් ෆීලික්ස්ගේ සුවිශේෂීත්වයට හේතු 5ක්
ඉකුත් වසර දෙකකට වඩා කාල පරිච්ඡේදයක මුළු ලොවම වසාගෙන පැතිර ගිය COVID-19 වයිරසය නිසා ක්‍රීඩා උළෙලවල් රැසක් කල් දැමීමට ජාත්‍යන්තර තරගාවලි සංවිධායකයන්ට සිදු වූ අතර මිනිසුන්ගේ දෛනික ජීවිතවලට එම වසංගතය කෙලින්ම බලපාන්නට වුනා. මේ වන විටත් Monkeypox වයිරසයට අමතරව COVID-19 හි අතුරු ප්‍රභේද රැසක් මිනිසුන්ට පීඩා ගෙනදෙමින් තිබෙනවා.
“ඔබ අසනීපෙන් නම් නිවසේ ඉන්න එක තමයි හොඳම දේ. මිනිසුන් අතරට යන්න කලින් ඔබට අදාළ එන්නත් ලබාගෙන ඉන්නැයි මම උපදෙස් දෙන්න කැමතියි.” කැරීන් කොක්ස් එසේ පැවසුවා.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<