Home Sinhala රමේෂ්ගේ කැපී පෙනෙන පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

රමේෂ්ගේ කැපී පෙනෙන පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

327

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (26) දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටියා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ ඊයේ (25) දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබාගෙන සිටියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 21ක් ලබා සිටි Hasan Ali ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී යන විට පාකිස්තාන කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 223ක් ලෙසයි.

ඉන්පසුව පිටියට පිවිසි Nauman Ali ලකුණකට සහ Yasir Shah ලකුණු 26කට දවා ගනිමින් සිය ටෙස්ට් දිවියේ තෙවැනි කඩුලු 5 සම්පූර්ණ කිරීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

ඒ සමඟ පාකිස්තාන පළමු ඉනිම ලකුණු 231කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටියා.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඕෂද ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ලයි.

දික්වැල්ල හට නව ස්ථානයේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Naseem Shah විසින් දික්වැල්ලව ලකුණු 15කට පිටියෙන් ඉවත් කළා.

පෙර ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත් ඕෂද ලකුණු 19කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 15කට පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වන විටයි.

සිව්වැනි කඩුල්ල සඳහා චන්දිමාල් සමඟ එක්ව ලකුණු 41ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු තමන්ගේ සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස ලකුණු 35කට දැවී ගියා.

පසුගිය තරග කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ චන්දිමාල් Naseem Shahගේ පන්දුවකට ලකුණු 27කට දැවී ගියේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට තරමක පීඩනයක් එල්ල කරමිනුයි.

ආබාධ තත්වය සමඟ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර ඔහු සමඟ එක් වූ ධනංජය ද සිල්වා, අයහපත් ආලෝක තත්වය නිසා අද දිනයට තරගය අවසන් කරන විට, හය වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නගා තිබුණා.

තරමක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 52ක් තුළ හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 30ක් සහ නායක කරුණාරත්න නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.

Result


Sri Lanka
378/10 (103) & 360/8 (91.5)

Pakistan
231/10 (88.1) & 261/10 (77)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Mohammad Nawaz 50 70 4 3 71.43
Dimuth Karunaratne c Naseem Shah b Yasir Shah 40 90 3 0 44.44
Kusal Mendis run out (Agha Salman) 3 10 0 0 30.00
Angelo Mathews c Mohammad Rizwan b Nauman Ali 42 106 5 0 39.62
Dinesh Chandimal c Fawad Alam b Mohammad Nawaz 80 137 9 2 58.39
Dhananjaya de Silva b Naseem Shah 33 61 3 1 54.10
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 51 54 6 1 94.44
Dunith Wellalage c Babar Azam b Naseem Shah 11 20 2 0 55.00
Ramesh Mendis b Yasir Shah 35 52 4 1 67.31
Prabath Jayasuriya lbw b Yasir Shah 8 17 0 0 47.06
Asitha Fernando  not out 4 13 1 0 30.77


Extras 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0)
Total 378/10 (103 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Hasan Ali 17 3 59 0 3.47
Naseem Shah 18 3 58 3 3.22
Nauman Ali 21 2 64 1 3.05
Agha Salman 6 0 25 0 4.17
Mohammad Nawaz 19 3 80 2 4.21
Yasir Shah 22 2 83 3 3.77
Batsmen R B 4s 6s SR
Abdullah Shafique b Asitha Fernando  0 2 0 0 0.00
Imam-ul-Haq b Dhananjaya de Silva 32 54 4 0 59.26
Babar Azam b Prabath Jayasuriya 16 34 3 0 47.06
Mohammad Rizwan lbw b Ramesh Mendis 24 35 3 0 68.57
Fawad Alam lbw b Ramesh Mendis 24 69 1 0 34.78
Agha Salman c Dhananjaya de Silva b Prabath Jayasuriya 62 126 4 1 49.21
Mohammad Nawaz c Niroshan Dickwella b Ramesh Mendis 12 37 1 0 32.43
Yasir Shah lbw b Ramesh Mendis 26 97 0 1 26.80
Hasan Ali b Prabath Jayasuriya 21 54 0 1 38.89
Nauman Ali c Niroshan Dickwella b Ramesh Mendis 1 11 0 0 9.09
Naseem Shah not out 4 10 1 0 40.00


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 231/10 (88.1 Overs, RR: 2.62)
Bowling O M R W Econ
Asitha Fernando  20 2 63 1 3.15
Prabath Jayasuriya 37 10 80 3 2.16
Ramesh Mendis 21.1 6 47 5 2.23
Dhananjaya de Silva 4 0 15 1 3.75
Dunith Wellalage 6 1 18 0 3.00
Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 15 25 2 0 60.00
Oshada Fernando lbw b Yasir Shah 19 24 3 0 79.17
Kusal Mendis lbw b Mohammad Nawaz 15 30 2 0 50.00
Angelo Mathews c Babar Azam b Agha Salman 35 62 4 1 56.45
Dinesh Chandimal c Mohammad Rizwan b Naseem Shah 21 58 0 0 36.21
Dimuth Karunaratne c Abdullah Shafique b Nauman Ali 61 105 3 0 58.10
Dhananjaya de Silva run out (Yasir Shah) 109 171 16 0 63.74
Dunith Wellalage c Mohammad Rizwan b Mohammad Nawaz 18 27 1 0 66.67
Ramesh Mendis not out 45 54 4 0 83.33


Extras 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0)
Total 360/8 (91.5 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Hasan Ali 10 0 44 0 4.40
Naseem Shah 12.5 1 44 2 3.52
Yasir Shah 21 2 80 1 3.81
Mohammad Nawaz 21 4 75 2 3.57
Nauman Ali 14 0 54 1 3.86
Agha Salman 12 2 41 1 3.42
Babar Azam 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dunith Wellalage b Prabath Jayasuriya 16 51 3 0 31.37
Imam-ul-Haq c Niroshan Dickwella b Ramesh Mendis 49 90 4 0 54.44
Babar Azam lbw b Prabath Jayasuriya 81 146 6 1 55.48
Mohammad Rizwan b Prabath Jayasuriya 37 69 6 0 53.62
Fawad Alam run out (Niroshan Dickwella) 1 9 0 0 11.11
Agha Salman c Kusal Mendis b Prabath Jayasuriya 4 6 1 0 66.67
Mohammad Nawaz c Dinesh Chandimal b Ramesh Mendis 12 29 1 0 41.38
Yasir Shah c Kusal Mendis b Prabath Jayasuriya 27 25 6 0 108.00
Hasan Ali b Ramesh Mendis 11 10 1 1 110.00
Nauman Ali not out 0 9 0 0 0.00
Naseem Shah c Dunith Wellalage b Ramesh Mendis 18 21 1 2 85.71


Extras 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0)
Total 261/10 (77 Overs, RR: 3.39)
Bowling O M R W Econ
Asitha Fernando  6 1 20 0 3.33
Prabath Jayasuriya 32 5 117 5 3.66
Ramesh Mendis 30 7 101 4 3.37
Dhananjaya de Silva 2 0 4 0 2.00
Dunith Wellalage 7 0 17 0 2.43



තරගයේ සිව්වැනි දිනය හෙටයි (27). තරගයේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<