ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පහළට

ලෝක ටෙස්ට් ශූරතාවය 2023

1091

පාකිස්තානය හමුවේ ලද පරාජය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව සිව්වැනි ඉනිමේ දී ලකුණු 342ක ඉලක්කයක් කඩුලු හයක් පමණක් දැවී හඹා යමින් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයින්ට හැකි වූ අතර එම නිසාවෙන් ඔවුන් එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය තෙක් ඉහළට පැමිණ තිබෙනවා.

තරගාවලිය ආරම්භයට පෙර තෙවැනි තැන රැඳී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 වැනි ස්ථානය දක්වා පසුපසට පැමිණෙද්දී පාකිස්තානය 58.33%ක ජය පරාජ සාමාන්‍යයක් සමඟ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර ජය පරාජ සාමාන්‍ය 70%ක් රඳවා ගත් ඕස්ට්‍රේලියාව දෙවැනි තැන සහ 71.43%ක් ලබා ගත් දකුණු අප්‍රිකාව පළමු තැන පසුවනවා.

පාකිස්තානය හමුවේ ලද පරාජය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජය පරාජ සාමාන්‍ය 48.15ක් දක්වා අඩුව ඇති අතර එම නිසාවෙන් ඉන්දියාව (52.08%) සිව්වැනි තැන සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් (50%) පස්වැනි තැන දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<