ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායම සහ Defenders කණ්ඩායම අතර පසුගිය දා පැවති පුහුණු තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.
ජූලි 25 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු තරගය පැවැත්වීමට කටයුතු කර තිබුණා.
බැද්ධගාන පාපන්දු පුහුණු සංකීර්ණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් වූ අතර දෙවැනි අර්ධයේ ලද ගෝලයක් සමඟින් තරගයේ අවසන් මිනිත්තු කිහිපය දක්වා පෙරමුණ ගැනීමට Defenders සමත් වුනා.
කෙසේ නමුත් අවසන් මිනිත්තු කිහිපයේ දී ක්‍රියාත්මක වූ යොවුන් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරමින් තරග සමව අවසන් කරන්නට සමත් වුනා.
- Crystal Palace, Java Lane, St. Mary’s සහ මාතරට ජයග්‍රාහී සතියක්
- මැරදෝනාගේ මරණය ගැන වෛද්‍ය කණ්ඩායමට චෝදනා
- 5 වැනි සතියේ ආරම්භක ජයග්‍රහණ New Star සහ Serendibට
- Java Lane දැවැන්ත ජයග්‍රහණයට Olawaleගෙන් ගෝල පහක්
- Saunders දැවැන්ත ජයග්‍රහණයට Nireshගෙන් ගෝල 3ක්!
එම තරගයෙන් පසුව අදහස් දක්වමින් 20න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු Rajamani Devasagayam ප්‍රකාශ කර සිටියේ,
“මේ තරගයේ දී මගේ ප්‍රධාන සහ අතිරේක ක්‍රීඩකයින් සියලු දෙනාම උත්සහ කරලා බලන්න මට ඕන වුනා. ඒ ක්‍රීඩකයින්ගෙන් බොහොමයක් දෙනා පාසල් තරගවල දී මිනිත්තු 90ක් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. ඒත් ප්‍රබල Defenders කණ්ඩායම එක්ක තිබ්බ තරගයෙන් පස්සේ මට තේරුම් ගියා මට හොඳ සංචිතයක් ලැබිලා කියලා.
මේ ක්‍රීඩකයින් විවිධ පළාත්වලින් විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා තියෙන්නේ. ඔවුන් විවිධ පුහුණුවීම් මට්ටම් වලිනුයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ ඔවුන්ගේ සම්බන්ධය හරියට ගොඩ නගන එක. මම සතුටු වෙනවා ඔවුන් දැන් මගේ සැලසුම්වලට ක්‍රීඩා කරන එක ගැන”
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<