සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (30) නිමාවට පත්වෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබාගෙන සිටිනවා.
පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දුන් ඊයේ (29) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 114ක් පිටුපසින් සිටියා.
අද උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට පැවති අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය නිසා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය ඇතුළු ස්ථාන කිහිපයකට හානි වී තිබූ අතර එම නිසාවෙන් උදෑසන වරුව ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.
වර්ෂාව සහ සුළඟ අවසන් වීමෙන් පසුව දහවල් තරගය ආරම්භ වූ අතර අද දිනය පන්දුවාර 54කට සීමා කිරීමට සිදුව තිබුණා.
ඒ අනුව තරගය ආරම්භ වී දෙවැනි පන්දුවාරයේම ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා විසින් Travis Head ලකුණු 06කට පිටියෙන් ඉවත් කළේ තමන් වෙතම පෙරලා පැමිණි උඩ පන්දුවක් දක්ෂ අයුරින් රැක ගනිමිනුයි.
ඉන්පසුව පිටියේ එක්වූ Cameron Green සමඟ පස්වැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 71ක් ලබා සිටි Usman Khawaja දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සේගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙසයි.
- පිතිකරුවන් අසරණ කරමින් පළමු දිනයේ දී ම දඟකැවීම ඇරඹෙයි
- වසර 30කට පසු ඉතිහාසය වෙනස් කළ කෝඩුකාරයෝ!
- රංගන සහ මුරලිගෙන් ලැබූ පන්නරය සිහිකරන ඕස්ට්‍රේලියානුවා
- පළමු ටෙස්ට් තරගයට Smith එන ලකුණු
- ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් Alex Carey සහ Cameron Green හයවැනි කඩුල්ල සඳහා පිහිටවූ නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් සිටියා.
හයවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 84ක සම්බන්ධතාවට තිත තබමින් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ Alex Carey ලකුණු 45කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනේ දිනේෂ් චන්දිමාල් ලබා ගත් විශිෂ්ට උඩ පන්දුව නිසයි.
අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Cameron Green ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 77ක් ලබාගෙන සිටියා.
එම දැවී යාමත් සමඟ ක්‍රියාත්මක වූ වැන්ඩර්සේ විසින් ලකුණු 10ක් ලබා සිටි Mitchell Starc සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 278ක් වන විටයි.
වේගවත් ඉනිමක් දියත් කරමින් ඕස්ට්‍රේලියානු නායක Pat Cummins පන්දු 16ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 26 නිසාවෙන් අයහපත් ආලෝක තත්වය නිසා දෙවැනි දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටියා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ රමේෂ් මෙන්ඩිස් ලකුණු 107කට කඩුලු 4ක් දවාගෙන සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Alex Carey b Pat Cummins | 23 | 44 | 3 | 0 | 52.27 |
Dimuth Karunaratne | c David Warner b Nathan Lyon | 28 | 84 | 3 | 0 | 33.33 |
Kusal Mendis | c Alex Carey b Mitchell Starc | 3 | 15 | 0 | 0 | 20.00 |
Angelo Mathews | c David Warner b Nathan Lyon | 39 | 71 | 3 | 0 | 54.93 |
Dhananjaya de Silva | c Alex Carey b Mitchell Swepson | 14 | 22 | 2 | 0 | 63.64 |
Dinesh Chandimal | c David Warner b Mitchell Swepson | 0 | 1 | 0 | 0 | 0.00 |
Niroshan Dickwella | c Alex Carey b Nathan Lyon | 58 | 59 | 6 | 0 | 98.31 |
Ramesh Mendis | lbw b Nathan Lyon | 22 | 36 | 3 | 0 | 61.11 |
Jeffery Vandersay | c Mitchell Starc b Mitchell Swepson | 6 | 15 | 1 | 0 | 40.00 |
Lasith Embuldeniya | c Usman Khawaja b Nathan Lyon | 6 | 6 | 0 | 1 | 100.00 |
Asitha Fernando | not out | 2 | 1 | 0 | 0 | 200.00 |
Extras | 11 (b 5 , lb 6 , nb 0, w 0, pen 0) |
Total | 212/10 (59 Overs, RR: 3.59) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 9 | 0 | 31 | 1 | 3.44 | |
Pat Cummins | 12 | 4 | 25 | 1 | 2.08 | |
Nathan Lyon | 25 | 2 | 90 | 5 | 3.60 | |
Mitchell Swepson | 13 | 0 | 55 | 3 | 4.23 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Usman Khawaja | c Pathum Nissanka b Jeffery Vandersay | 71 | 130 | 7 | 0 | 54.62 |
David Warner | lbw b Ramesh Mendis | 25 | 24 | 5 | 0 | 104.17 |
Marnus Labuschagne | c Nuwanidu Fernando b Ramesh Mendis | 13 | 19 | 2 | 0 | 68.42 |
Steve Smith | run out () | 6 | 11 | 0 | 0 | 54.55 |
Travis Head | c & b Dhananjaya de Silva | 6 | 16 | 0 | 0 | 37.50 |
Cameron Green | lbw b Ramesh Mendis | 77 | 109 | 6 | 0 | 70.64 |
Alex Carey | c Dinesh Chandimal b Ramesh Mendis | 45 | 47 | 6 | 0 | 95.74 |
Mitchell Starc | c & b Jeffery Vandersay | 10 | 30 | 1 | 0 | 33.33 |
Pat Cummins | b Avishka Fernando | 26 | 17 | 1 | 3 | 152.94 |
Nathan Lyon | not out | 15 | 20 | 1 | 0 | 75.00 |
Mitchell Swepson | b Avishka Fernando | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 26 (b 20 , lb 3 , nb 1, w 2, pen 0) |
Total | 321/10 (70.5 Overs, RR: 4.53) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 8.5 | 1 | 34 | 2 | 4.00 | |
Dhananjaya de Silva | 5 | 0 | 8 | 1 | 1.60 | |
Lasith Embuldeniya | 15 | 0 | 73 | 0 | 4.87 | |
Ramesh Mendis | 32 | 0 | 112 | 4 | 3.50 | |
Jeffery Vandersay | 10 | 0 | 68 | 2 | 6.80 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Mitchell Swepson | 14 | 19 | 1 | 0 | 73.68 |
Dimuth Karunaratne | c Alex Carey b Nathan Lyon | 23 | 20 | 5 | 0 | 115.00 |
Kusal Mendis | c Mitchell Swepson b Nathan Lyon | 8 | 15 | 1 | 0 | 53.33 |
Oshada Fernando | c Steve Smith b Mitchell Swepson | 12 | 18 | 1 | 1 | 66.67 |
Dhananjaya de Silva | lbw b Travis Head | 11 | 20 | 0 | 0 | 55.00 |
Dinesh Chandimal | b Travis Head | 13 | 21 | 1 | 0 | 61.90 |
Niroshan Dickwella | c Marnus Labuschagne b Nathan Lyon | 3 | 7 | 0 | 0 | 42.86 |
Ramesh Mendis | c Usman Khawaja b Nathan Lyon | 0 | 2 | 0 | 0 | 0.00 |
Jeffery Vandersay | b Travis Head | 8 | 8 | 1 | 0 | 100.00 |
Lasith Embuldeniya | lbw b Travis Head | 0 | 6 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 5 | 2 | 1 | 0 | 250.00 |
Extras | 16 (b 10 , lb 5 , nb 1, w 0, pen 0) |
Total | 113/10 (22.5 Overs, RR: 4.95) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 2 | 0 | 23 | 0 | 11.50 | |
Nathan Lyon | 11 | 1 | 31 | 4 | 2.82 | |
Mitchell Swepson | 7 | 0 | 34 | 2 | 4.86 | |
Travis Head | 2.5 | 0 | 10 | 4 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | not out | 10 | 4 | 1 | 1 | 250.00 |
Usman Khawaja | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 10/0 (0.4 Overs, RR: 15) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ramesh Mendis | 0.4 | 0 | 10 | 0 | 25.00 |
තරගයේ තෙවැනි දිනය හෙටයි (01). තරගාවලියේ සියලුම තොරතුරු, එසැණ පුවත්, තරග සේයා රූ හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<