ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු සේ සැලකෙන ඩියේගෝ මැරදෝනාගේ මරණය වෛද්‍ය කණ්ඩායමේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට නැගෙන චෝදනා මත, උක්ත මරණය මොහොතේ රාජකාරි කළ වෛද්‍ය කණ්ඩායමේ 8 දෙනෙකුව අධිකරණය වෙත කැඳවන බව වාර්තා වනවා.
ආජන්ටීනියානු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු මෙන්ම ලෝක ශූර නායකයෙකු වූ මැරදෝනා මියගියේ 2020 නොවැම්බර් 25 වැනි දින බුඑනෝස් අයර්ස් නුවර දී ඇති වූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.
ඔහුගේ මරණ මොහොතේ දී නිසි පරිදි සේවය නොසැපයූයේය යන චෝදනාව මත විනිසුරුවරයෙකු විසින් අදාළ වෛද්‍ය කණ්ඩායම උසාවිය වෙත කැඳවන බවයි වාර්තා වන්නේ.
- ඩියේගෝ මැරදෝනාගේ ජීවිත කතාව
- මැරදෝනා ළඟට ගොස් මිය ගියෙමි
- සෙල්ටික්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන ජසින්තා ගලබඩආරච්චි
මරණය සිදු වූ නොවැම්බර් මාසය මුල දී ඔහු හිසෙහි ඇතිවූ ලේ කැටියක් සම්බන්ධව ශල්‍යකර්මයකට සහභාගී වී නිවසේ ප්‍රතිකාර ලබමින් රැඳී සිටියා. මරණය සිදු වී දින කිහිපයකට පසුව ආජන්ටීනියානු බලධාරීන් විසින් ඒ මොහොතේ සේවයේ සිටි වෛද්‍ය කණ්ඩායම ගැන පර්යේෂණයක් සිදු කළා.
ඔහුගේ මරණය මොහොතේ දී ඔවුන්ගේ හැසිරීම අසාමාන්‍ය බවත්, අපිළිවෙළ බවත්, අවදානම් කළමනාකරණයෙන් තොර වූ බවත් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලැබුණේ නම් ඔහුගේ ජීවිතය බේරාගන්නට ද ඉඩ තිබූ බව උසාවියට දන්වා තිබෙනවා.
චෝදනාවට ලක්ව ඇත්තේ මැරදෝනාගේ පෞද්ගලික ස්නායු ශල්‍ය වෛද්‍යවරයා, මනෝ චිකිත්සකවරයා සහ මනෝ වෛද්‍යවරයා, තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සුපරීක්ෂකවරයායි.
නොසැලකිල්ල නිසා සිදු වූ ඝාතනයක් ලෙස චෝදනා ගොනු කොට තිබෙනවා. වැරදිකරුවන්ට වසර 8 සිට 25 දක්වා සිරදඬුවම් නියම විය හැකි යැයි සඳහන්.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<