වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 29 වැනි අදියර ජුනි 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ කණ්ඩායම් අදියරේ තරග ජුනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ජුනි 22 වැනිදා NCC සහ කටුනායක FTZ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 25 වැනිදා MC පිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සිංගර් සමාගමයි.
- Maxwell ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කරයි
- මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීමේ ඉහළට
- මුල්පෙළින් ගිලිහුණු රිද්මය පසුපෙළින් අල්ලයි
- LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වනවා. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH), Mode Engineering, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හේලීස්, CDB ෆිනෑන්ස් කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මෙවර තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත වනවා.
A කාණ්ඩය | B කාණ්ඩය |
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් | හැටන් නැශනල් බැංකුව |
Mode Engineering | හේලීස් |
සම්පත් බැංකුව | CDB බැංකුව |
MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන
තරග අංකය | ක්‍රීඩාංගණය | ID | සත්කාරකත්වය | vs | ID | සංචාරක කණ්ඩායම |
ජුනි 18 සෙනසුරාදා
1 | FTZ කටුනායක | A1 | JKH | vs | A2 | Mode Engineering | ||
2 | FTZ කටුනායක | B1 | හැටන් නැශනල් බැංකුව | vs | B2 | හේලීස් |
තරග අංකය | ක්‍රීඩාංගණය | ID | සත්කාරකත්වය | vs | ID | සංචාරක කණ්ඩායම |
ජුනි 9 ඉරිදා
3 | NCC | A2 | Mode Engineering | vs | A3 | සම්පත් බැංකුව | ||
4 | NCC | B2 | හේලීස් | vs | B3 | CDB |
තරග අංකය | ක්‍රීඩාංගණය | ID | සත්කාරකත්වය | vs | ID | සංචාරක කණ්ඩායම |
ජුනි 20 සඳුදා
5 | මොරටුව ක්‍රීඩාංගණය | A1 | JKH | vs | A3 | සම්පත් බැංකුව | ||
6 | මොරටුව ක්‍රීඩාංගණය | B1 | හැටන් නැශනල් බැංකුව | vs | B3 | CDB |
අවසන් පුර්ව තරග
තරග අංකය | ක්‍රීඩාංගණය | ID | සත්කාරකත්වය | vs | ID | සංචාරක කණ්ඩායම |
ජුනි 22 බදාදා
7 | NCC | A කාණ්ඩයේ පළමු ස්ථානය | vs | B කාණ්ඩයේ දෙවන ස්ථානය | ||||
8 | FTZ කටුනායක | B කාණ්ඩයේ පළමු ස්ථානය | vs | A කාණ්ඩයේ දෙවන ස්ථානය |
අවසන් තරගය
තරග අංකය | ක්‍රීඩාංගණය | ID | සත්කාරකත්වය | vs | ID | සංචාරක කණ්ඩායම |
ජුනි 25 සෙනසුරාදා
9 | MCA | තරග අංක 7 ජයග්‍රාහකයන් | vs | තරග අංක 8 ජයග්‍රාහකයන් |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<