සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පළමු එක්දින තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා.
2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින වරම් ලැබූ 204 වැනි ක්‍රීඩකයා වීමට අද සමත් වුනා.
ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතයට ඇතුළත් නොවන අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සංචිතයට කැඳවා තිබෙනවා.
තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම්:
- ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Glenn Maxwell, Marcus Stoinis, Alex Carey(w), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood.
- ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.
ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම තෝරාගත් අතර සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 115ක්.
අර්ධ ශතකය රැස් කරමින් පන්දු 53ක් තුළ ලකුණු 55ක් රැස් කරගෙන සිටි ධනුෂ්ක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා. සිය තෙවැනි එක්දින අර්ධ ශතකය රැස් කළ නිශ්ශංක ලකුණු 56කට දවා ගැනීමට Ashton Agar සමත් වුනා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තවත් දැඩි පීඩනයක් ගෙන දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට Ashtonට හැකි වුනේ David Warner ලබා ගත් විශිෂ්ට උඩ පන්දුව නිසයි.
නමුත් කුසල් මෙන්ඩිස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 37ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 211ක් ලෙසයි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 240ක් වන විට ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වූ නායක දසුන් ශානක ලකුණු 07කට පිටියෙන් ඉවත් කරමින් සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට Marnus Labuschagne සමත් වුනා.
නැවතත් ක්‍රියාත්මක වූ Labuschagne චාමික කරුණාරත්නව ද ලකුණු 07කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වේගය තරමක් අඩාල කරමින්. ඉන්පසු පිටියට පිවිසියේ වනිඳු හසරංග.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ හසරංග 49 වැනි පන්දුවාරයේ දී Jhye Richardsonට එරෙහිව හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22ක් වාර්තා කරගැනීමට සමත් වුනා.
සිය 18 වැනි අර්ධ ශතකය රැස් කරමින් කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කර ගත් ලකුණු 86 සහ වේගවත් ඉනිමක් දියත් කරමින් හසරංග පන්දු 19ක් තුළ වාර්තා කර ගත් ලකුණු 37 නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.
- ඕස්ට්‍රේලියාවට එකට එක කරන්නට ශ්‍රී ලංකාව සූදානම්
- ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය Shane Warneට වෙන්වෙයි
- ශානකගේ සුපිරි වැඩකිඩ සමඟින් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන ජයක්
- ICC මැයි මාසයේ සම්මානය මැතිව්ස්ට
- සහෝදරයින්ගේ මහා සංග්‍රාමයේ වැඩි ගෞරවය ඉසිපතනයට
ලකුණු 301ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරු Warner ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහීෂ් තීක්ෂණට හැකි වුනේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආරම්භය ලබා ගනිමින්.
නමුත් ඉන්පසු පිටියේ එක්වූ Aaron Finch සහ Steven Smith දෙවැනි කඩුල්ල සඳහා වටිනා ලකුණු 67ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 44ක් රැස් කරගෙන සිටි Finch දැවී ගියේ හසරංගගේ පන්දුවක් හමුවේයි.
එම කඩුල්ල දැවී යාමෙන් පසුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇදවැටුණු වර්ෂාව නිසා තරගය මදකට නතර කිරීමට සිදු වුනා. වර්ෂාවෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක්.
නැවත තරගය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නනට පහසුවෙන් පහර දුන් Smith සහ Labuschagne තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටිය දී දසුන් ශානක විසින් ලකුණු 24ක් වාර්තා කරගෙන සිටි Labuschagne පිටියෙන් ඉවත් කළා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත්වෙමින් ලකුණු 53ක් රැස් කරගෙන සිටි Smith දවා ගනිමින් සිය මංගල ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට යොවුන් ක්‍රීඩක වෙල්ලාලගේ සමත් වුනා.
පන්දු 31ක් තුළ ලකුණු 44ක් වාර්තා කරගනිමින් තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ගෙන ඒමට උත්සාහ කළ Stoinis දවා ගැනීමට වනිඳු හසරංග සමත් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කරගෙන සිටියා.
තරගයේ පාලනය ඕස්ට්‍රේලියාව සතු කරගෙන තිබූ අවස්ථාවේ ආබාධයක් සහිතව ක්‍රීඩා කළ වනිඳු හසරංග විසින් Alex Careyව සහ Pat Cumminsව එක් පන්දුවාරයක් තුළ දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරමිනුයි.
ඉන්පසු පිටියට පිවිසි Ashtonව ලකුණු 3ක් වාර්තා කරගෙන සිටිය දී සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 254ක් ලෙසයි.
ඕස්ට්‍රේලියා ඉනිමේ වගකීම සියතට ගත් Glenn Maxwell සිය 22 වැනි අර්ධ ශතකය රැස් කරමින් නොදැවී වාර්තා කර ගත් ලකුණු 80 නිසාවෙන් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පන්දුවාර 42.3ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කරන්නට සමත් වුනා.
ආබාධයක් සහිතව වුවත් අගනා පන්දු යැවීමක නිරත වූ හසරංග ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත් අතර මංගල තරගය ක්‍රීඩා කළ වෙල්ලාලගේ කඩුලු 2ක් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dhanushka Gunathilake | run out (Marcus Stoinis) | 55 | 53 | 7 | 0 | 103.77 |
Pathum Nissanka | c Aaron Finch b Ashton Agar | 56 | 68 | 6 | 1 | 82.35 |
Kusal Mendis | not out | 86 | 87 | 8 | 1 | 98.85 |
Akila Dananjaya | c David Warner b Ashton Agar | 7 | 17 | 0 | 0 | 41.18 |
Charith Asalanka | c Aaron Finch b Jhye Richardson | 37 | 42 | 4 | 0 | 88.10 |
Dasun Shanaka | c David Warner b Marnus Labuschagne | 6 | 7 | 1 | 0 | 85.71 |
Chamika Karunaratne | c & b Marnus Labuschagne | 7 | 7 | 1 | 0 | 100.00 |
Wanidu Hasaranga | c Jhye Richardson b Josh Hazlewood, | 37 | 19 | 6 | 0 | 194.74 |
Extras | 9 (b 1 , lb 2 , nb 0, w 6, pen 0) |
Total | 300/7 (50 Overs, RR: 6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Josh Hazlewood, | 10 | 0 | 54 | 1 | 5.40 | |
Glenn Maxwell | 10 | 0 | 60 | 0 | 6.00 | |
Pat Cummins | 8 | 1 | 48 | 0 | 6.00 | |
Jhye Richardson | 8 | 0 | 64 | 1 | 8.00 | |
Ashton Agar | 10 | 0 | 49 | 2 | 4.90 | |
Marcus Stoinis | 1 | 0 | 3 | 0 | 3.00 | |
Marnus Labuschagne | 3 | 0 | 19 | 2 | 6.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | lbw b Maheesh Theekshana | 0 | 3 | 0 | 0 | 0.00 |
Aaron Finch | c Kusal Mendis b Wanidu Hasaranga | 44 | 41 | 5 | 1 | 107.32 |
Steve Smith | b Dunith Wellalage | 53 | 60 | 5 | 0 | 88.33 |
Marnus Labuschagne | c Dunith Wellalage b Dasun Shanaka | 24 | 31 | 1 | 0 | 77.42 |
Marcus Stoinis | b Wanidu Hasaranga | 44 | 31 | 4 | 2 | 141.94 |
alex carey | lbw b Wanidu Hasaranga | 21 | 22 | 1 | 0 | 95.45 |
Glenn Maxwell | not out | 80 | 51 | 6 | 6 | 156.86 |
Pat Cummins | b Wanidu Hasaranga | 0 | 2 | 0 | 0 | 0.00 |
Ashton Agar | lbw b Dunith Wellalage | 3 | 11 | 0 | 0 | 27.27 |
Jhye Richardson | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0) |
Total | 282/8 (42.3 Overs, RR: 6.64) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dushmantha Chameera | 7.3 | 0 | 60 | 0 | 8.22 | |
Maheesh Theekshana | 8 | 0 | 51 | 1 | 6.38 | |
Chamika Karunaratne | 4 | 0 | 16 | 0 | 4.00 | |
Wanidu Hasaranga | 9 | 0 | 58 | 4 | 6.44 | |
Dunith Wellalage | 7 | 0 | 49 | 2 | 7.00 | |
Akila Dananjaya | 3 | 0 | 14 | 0 | 4.67 | |
Dasun Shanaka | 4 | 0 | 27 | 1 | 6.75 |
තරගාවලියේ දෙවැනි එක්දින තරගය 16 වැනිදා පල්ලෙකැලේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න, ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<