ඇමරිකාවේ පැවති NCAA Division II Outdoor Track & Field Championships 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක උෂාන් තිවංක එහි උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (28) උදෑසන පැවති මෙම තරගාවලියේ පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ උෂාන් මීටර් 2.22ක දස්කමක් දක්වමින් එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
මීටර් 2.19ක දස්කමක් පෙන්නුම් කළ Nishorn Pierre දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, Eli Kosiba තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ මීටර් 2.16ක උසක් සාර්ථකව තරණය කරමිනුයි.
- යුපුන් තමන්ගේම වාර්තාවක් අලුත් කරයි
- යුපුන් 100m දකුණු ආසියානු වාර්තාව නැවත ලියයි
- යුපුන් 200m දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළයි
- කල් ගිය ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය නැවතති
මීටර් 2.30ක උසක් සාර්ථකව පසු කරමින් උස පැනීම ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා පිහිටුවීමට උෂාන් පසුගිය වසරේ දී සමත් වුනා.
එමෙන්ම ඇමරිකානු විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා පිටියේ අඛණ්ඩවම දස්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට උෂාන්ට පසුගිය වසර කිහිපයේ දී හැකි වීම විශේෂත්වයක්.
උස පැනීම ඉසව්වේ මෑත කාලයේ දී දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් උෂාන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<