කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ජාතික තරගාවලිය වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසර දෙකක විවේකයකින් පසුව මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලිය මැයි 09, 10, 11 සහ 12 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
- නිලානි, ගයන්තිකා සහ සචිනි ජාතික වාර්තා බිඳ දමයි
- ගයන්තිකා ආධිපත්‍ය රඳවා ගද්දී නිලන්ති ජාතික කිරුළට
- ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට වැස්සෙන් බාධා
තරගාවලිය සඳහා 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයැදුම් කළ හැකි අතර එක් එක් වයස් කාණ්ඩවල ඉසව් සඳහා වූ පරිසාධන මට්ටම් මලල ක්‍රීඩා සංගමය විසින් දන්වා තිබෙනවා.
>> මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නිවේදනය <<
මෙම මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානයි.
එමෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ තරගාවලි කිහිපයක්ම එහි අලුත්වැඩියාවක් නිසා දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට කටයුතු කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාතික තරගාවලිය වන්නේ ද මෙයයි.
2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<