ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එළඹෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී Yorkshire County ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විදෙස් ක්‍රීඩකයෙක් ලෙස තෝරාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
සිව්දින ප්‍රාන්ත තරග 4ක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු එලෙස යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇති බව වාර්තා වන අතර මැයි මාසයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර දිමුත් අදාළ ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.
- භානුකගේ සුපිරි ප්රහාරයෙන් පංජාබ් කිංග්ස්ට සුපිරි ජයක්
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්රීඩිකාවන්ට ඉතිහාසගත තරගාවලියක්
- ඉන්දියාවේ මීළඟ නායකයා ගැන Pontingගෙන් අනාවැකි
- චමීරගේ දස්කම් අපතේ යවමින් Gujarat Titans පෙරට
දිමුත් 2021 එංගලන්ත County Championship තරගාවලියේ දී Nottinghamshire County ක්‍රිකට් සමාජය නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගෙන තිබුණු නමුත්, ඒ කාලය තුල පැවති කොරෝනා වසංගත තත්වය සමඟ ඇතිවූ වීසා ගැටලුවක් නිසාවෙන් ඔහුට එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ.
කරුණාරත්න ශ්‍රී ලංකාවෙන් එපිට දී ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබෙන නමුත් පළමු පෙළ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. එසේම කරුණාරත්න හට මේ තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනහොත් එය ඔහුගේ ඉදිරි ටෙස්ට් ක්‍රිකට් දිවියට සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අනාගතයට එය ඉතාමත් හොඳ අඩිතාලමක් වනු නිසැකය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<