ඉදිරි වසරක කාලය සඳහා වන පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (28) නිවේදනය කළා.
එහි සඳහන් ආකාරයට මැයි 18 වැනිදා සිට ජුනි 7 වැනිදා දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් අතර එම තරග සියල්ලම පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිතයි. මෙහි එක්දින තරගාවලිය ICC කාන්තා (එක්දින) ක්‍රිකට් ශූරතාවලියට (ICC Women’s Championship) ඇතුළත්.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පසුගිය වසරට යෙදී තිබුණ ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදු වෙමින් පැවති වෙනස්කම් හේතුවෙන් අදාළ සංචාරය මෙම වසරට කල් දැමුණා.
- කුමක්ද විරාත් කෝලිගේ අර්බුදය?
- Joe Root හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවෙකු පසුකරමින් පෙරමුණට
- අළුබඳුනට ගිය 8ක් එංගලන්ත සංචිතයෙන් ඉවතට
- ICC නවතම ශ්‍රේණිගත කිරීමේ දී ආසියාවේම පෙරමුණ දිමුත්ට
- බීමතින් අළුබඳුනේ ජය සැමරූ ක්‍රීඩකයින් ගැන පරීක්ෂණයක
තවද එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Birmingham) සහ ආසියානු ක්‍රීඩා උළෙල (Hangzhou, Zhejiang, China) සඳහා පෙර සූදානම් වීම සඳහා කණ්ඩායම් දෙකටම මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් වනු නිසැකයි.
1998 වසරේ සිට ශ්‍රී ලංකා – පාකිස්තානු කාන්තා කණ්ඩායම් අතර තරගාවලි පවත්වා තිබෙන නමුත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත්, 2005/06 තරග වාරයේ දී ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<