2022 මාලදිවයින් ක්‍රීඩා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් කීර්තිමත් ‘Sports Icon’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ජයසූරියට සහ තර්ජනී හට මෙම සම්මානය පිරිනමනු ලැබුවේ ක්‍රීඩාව තුළින් ධනාත්මක සමාජයීය වෙනසක් ඇති කිරීමට ඔවුන් කළ කාර්යභාරය වෙනුවෙනි.
ජයසූරිය සහ තර්ජනීට අමතරව හිටපු Real Madrid ක්‍රීඩක Roberto Carlos, ජැමෙයිකානු මලල ක්‍රීඩක Asafa Powell, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Suresh Raina සහ නෙදර්ලන්ත ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක Edgar Davids ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයින් 16 දෙනෙකු ද මේ සම්මානය දිනා ගත්තා.
- Delhi Capitals සුපිරි පිතිකරුවෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් අසමත්
- IPL අනුව යමින් PSL තරගාවලියට අලුත් අංග කිහිපයක්
- ICC නවතම ශ්‍රේණිගත කිරීමේ දී ආසියාවේම පෙරමුණ දිමුත්
- IPL අතරතුර COVID හැදුනොත් තීරණය තාක්ෂණික කමිටුවට
- “ඉදිරියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” – දිමුත්
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ද මේ ක්‍රීඩා සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමුණා. ඒ ක්‍රීඩාව තුළින් සමාජ ප්‍රගතිය සහ වෙනස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්.
රාජපක්ෂ මහතාට අමතරව බංග්ලාදේශයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය Md. Zahir Ahsan Russel, සෞදි අරාබියේ උප ක්‍රීඩා අමාත්‍ය Al-Kadi Badr Abdul Rahman; මාලදිවයින් ටෙනිස් සංගමයේ සභාපති Ahmed Nazeer යන මහත්වරුන් හට ද එම ගෞරව සම්මාන හිමි වුනා.
මාලදිවයිනේ ජනාධිපති Ibrahim Mohamed Solih විසින් 2022 මාලදිවයිනේ ක්‍රීඩා සම්මාන උළෙලේ ගෞරව සම්මාන ප්‍රදානය කළ අතර මාලිදිවයින් ක්‍රීඩා සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඊයේ (මාර්තු 17) මාලදිවයිනේ Ekuveni ධාවන පථයේ දී පැවැත්වුනා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<