Home Sinhala දිමුත්ගේ සටන්කාමි ශතකය අපතේ යයි

දිමුත්ගේ සටන්කාමි ශතකය අපතේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

450

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 238කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13) දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 28කට එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය සඳහා ලකුණු 419ක් පිටුපසින් පසු වුනා.

අද (14) උදෑසන වරුවේ සටන්කාමී ඉනිම් දියත් කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 12 වැනි අර්ධ ශතකය රැස් කරන්නට ද සමත් වුනා.

ලකුණු 54ක් ලබා සිටි මෙන්ඩිස් Ravichandran Ashwinගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වන විට මීළඟ පිතිකරු ලෙස පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එක් ලකුණකට Ravindra Jadejaගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි ධනංජය හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් Ashwin විසින් ධනංජයව ලකුණු 4කට පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 105/4ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160ක් වන විට පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 55ක සම්බන්ධතාව අවසන් කරමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 12කට දැවී ගිය අතර චරිත් අසලංකට රැස්කරගත හැකි වූයේ ලකුණු 05ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනේ ඉන්දියාවේ දී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික නායකයා බවට පත්වෙමිනුයි.

ලකුණු 107ක් ලබා සිටි දිමුත් කරුණාරත්න නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ඒමට Jasprit Bumraට හැකි වුනා. ඉන්පසු පිටියට පිවිසියේ සිය අවසන් ඉනිම ක්‍රීඩා කරන සුරංග ලක්මාල්.

ලකුණු 2ක් ලබා සිටි ලසිත් ඇඹුල්දෙණිය පිටියෙන් ඉවත් කිරීමට දඟපන්දු යවන ක්‍රීඩක Ashwinට හැකි වූ අතර සිය අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ සුරංග ලක්මාල් ලකුණකට Bumraගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.

Ashwinගේ සිව්වැනි කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දු පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 208කට සීමා වූ අතර ඉන්දියාවට ලකුණු 238ක ජයග්‍රහණයක් හිමි වුනා.

ඒ සමඟින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.


Result


Sri Lanka
109/10 (35.5) & 208/10 (59.3)

India
252/10 (59.1) & 303/9 (68.5)

Batsmen R B 4s 6s SR
Rohit Sharma c Dhananjaya Lakshan b Lasith Embuldeniya 15 25 1 1 60.00
Mayank Agarwal run out (Niroshan Dickwella) 4 7 1 0 57.14
Hanuma Vihari c Niroshan Dickwella b Praveen Jayawickrama 31 81 4 0 38.27
Virat Kohli lbw b Dhananjaya de Silva 23 48 2 0 47.92
Rishab Pant b Lasith Embuldeniya 39 26 7 0 150.00
Shreyas Iyer st Niroshan Dickwella b Praveen Jayawickrama 92 98 10 4 93.88
Ravindra Jadeja c Lahiru Thirimanne b Lasith Embuldeniya 4 14 1 0 28.57
Ravichandran Ashwin c Niroshan Dickwella b Dhananjaya de Silva 13 33 1 0 39.39
Axar Patel b Suranga Lakmal 9 7 0 1 128.57
Mohammed Shami c Dhananjaya de Silva b Praveen Jayawickrama 5 8 1 0 62.50
Jasprit Bumrah b 0 10 0 0 0.00


Extras 17 (b 7 , lb 8 , nb 2, w 0, pen 0)
Total 252/10 (59.1 Overs, RR: 4.26)
Fall of Wickets 1-10 (1.3) Mayank Agarwal, 2-29 (9.3) Rohit Sharma, 3-76 (26.2) Hanuma Vihari, 4-86 (27.3) Virat Kohli, 5-126 (32.4) Rishab Pant, 6-148 (36.4) Ravindra Jadeja, 7-183 (47.1) Ravichandran Ashwin, 8-215 (49.6) Axar Patel, 9-229 (53.5) Mohammed Shami, 10-252 (59.1) Shreyas Iyer,

Bowling O M R W Econ
Vishwa Fernando 3 0 18 0 6.00
Suranga Lakmal 8 3 12 1 1.50
Lasith Embuldeniya 24 2 94 3 3.92
Praveen Jayawickrama 17.1 3 81 3 4.74
Dhananjaya de Silva 7 1 32 2 4.57
Batsmen R B 4s 6s SR
Kusal Mendis c Shreyas Iyer b Jasprit Bumrah 2 7 0 0 28.57
Dimuth Karunaratne b Mohammed Shami 4 13 1 0 30.77
Lahiru Thirimanne c Shreyas Iyer b Jasprit Bumrah 8 6 2 0 133.33
Angelo Mathews c Rohit Sharma b Jasprit Bumrah 43 85 3 2 50.59
Dhananjaya de Silva lbw b Mohammed Shami 10 24 1 0 41.67
Charith Asalanka c Ravichandran Ashwin b Axar Patel 5 8 1 0 62.50
Niroshan Dickwella c Rishab Pant b Jasprit Bumrah 21 38 1 0 55.26
Lasith Embuldeniya c Rishab Pant b Jasprit Bumrah 1 16 0 0 6.25
Suranga Lakmal b Ravichandran Ashwin 5 9 0 0 55.56
Praveen Jayawickrama not out 1 1 0 0 100.00
Vishwa Fernando st b 8 8 0 0 100.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 109/10 (35.5 Overs, RR: 3.04)
Fall of Wickets 1-2 (2.1) Kusal Mendis, 2-14 (4.2) Lahiru Thirimanne, 3-14 (5.1) Dimuth Karunaratne, 4-28 (11.5) Dhananjaya de Silva, 5-50 (17.3) Charith Asalanka, 6-85 (28.1) Angelo Mathews,

Bowling O M R W Econ
Jasprit Bumrah 10 4 24 5 2.40
Ravichandran Ashwin 8.5 1 30 2 3.53
Mohammed Shami 6 1 18 2 3.00
Ravindra Jadeja 6 1 15 0 2.50
Axar Patel 5 1 21 1 4.20
Batsmen R B 4s 6s SR
Mayank Agarwal c Dhananjaya de Silva b Lasith Embuldeniya 22 34 0 0 64.71
Rohit Sharma c Angelo Mathews b Dhananjaya de Silva 46 79 0 0 58.23
Hanuma Vihari b Praveen Jayawickrama 35 79 0 0 44.30
Virat Kohli lbw b Praveen Jayawickrama 13 16 0 0 81.25
Rishab Pant c & b Praveen Jayawickrama 50 31 0 0 161.29
Shreyas Iyer lbw b Lasith Embuldeniya 67 87 0 0 77.01
Ravindra Jadedja b Avishka Fernando 22 45 0 0 48.89
Ravichandran Ashwin c Niroshan Dickwella b Praveen Jayawickrama 13 25 0 0 52.00
Axar Patel b 9 10 0 0 90.00
Mohammed Shami not out 16 8 0 0 200.00


Extras 10 (b 8 , lb 1 , nb 1, w 0, pen 0)
Total 303/9 (68.5 Overs, RR: 4.4)
Bowling O M R W Econ
Suranga Lakmal 10 2 34 0 3.40
Lasith Embuldeniya 20.5 1 87 3 4.24
Vishwa Fernando 10 2 48 1 4.80
Dhananjaya de Silva 9 0 47 1 5.22
Praveen Jayawickrama 19 2 78 4 4.11


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne lbw b Jasprit Bumrah 0 3 0 0 0.00
Dimuth Karunaratne b 107 174 0 0 61.49
Kusal Mendis st b 54 30 0 0 180.00
Angelo Mathews b 1 5 0 0 20.00
Dhananjaya de Silva c & b 4 21 0 0 19.05
Niroshan Dickwella st b 12 39 0 0 30.77
Charith Asalanka c & b 5 20 0 0 25.00
Lasith Embuldeniya lbw b 2 22 0 0 9.09
Suranga Lakmal b 1 4 0 0 25.00
Vishwa Fernando c & b 2 6 0 0 33.33
Praveen Jayawickrama not out 0 4 0 0 0.00


Extras 20 (b 16 , lb 3 , nb 1, w 0, pen 0)
Total 208/10 (59.3 Overs, RR: 3.5)
Bowling O M R W Econ
Jasprit Bumrah 9 4 23 3 2.56
Mohammed Shami 6 0 26 0 4.33
Ravichandran Ashwin 19.3 3 55 4 2.85
Ravindra Jadedja 14 2 48 1 3.43
Axar Patel 11 1 37 2 3.36



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<