සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (05) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියා.
ඊයේ (04) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 357ක් ලබා ගැනීමට සමත්ව සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි Ravindra Jadeja නොදැවී ලකුණු 45ක් රැස්කරගෙන සිටියා.
අද උදෑසන සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ Jadeja සහ Ravichandran Ashwin හත්වැනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නට කිසිදු සහනයක් ලබා නොදෙමිනුයි.
Ashwin සිය ටෙස්ට් දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 61ක් ලබාගෙන සිටියා.
ඔවුන් දෙදෙනා හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 130ක සම්බන්ධතාවක් පිහිටුවා තිබූ අතර එය ශ්‍රී ලංකාව සහ ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ හත්වැනි කඩුල්ලට වාර්තා වූ හොඳම සම්බන්ධතාව වීම විශේෂත්වයක්.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja තරගයේ මුළු පාලනය තමන්ගේ අතට ගනිමින් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
දෙවැනි දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 468ක් ලබාගෙන සිටියා. Ravindra Jadeja නොදැවී ලකුණු 102 යි.
දිවා ආහාරයට පසුව තරගය ආරම්භ වී කෙටි වෙලාවකට පසුව ලකුණු 2ක් ලබා සිටි Jayant Yadavව පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දුට හැකි වුනේ ළහිරු තිරිමාන්න ලබා ගත් උඩපන්දුව නිසයි.
නමුත් ඉන්පසුව පිටියට පිවිසි Mohammed Shami සහ Jadeja එක්ව නවවැනි කඩුල්ල සඳහා ලකුණු 103ක නොබිදුණු සබඳතාවයක් පිහිටුවීමට සමත් වුනේ ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.
ඉන්දීය ලකුණු පුවරුව 574ක් වන විට සිය ඉනිම අත්හිටුවීමට ඉන්දීය නායකයා තීරණය කළ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Ravindra Jadeja නොදැවී ලකුණු 175ක් රැස්කර සිටියා. එම ඉනිමත් සමඟ ඉන්දීය අංක 07 පිතිකරුවෙකු ටෙස්ට් පිටියෙහි ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.
- Hanuma Vihari සහ Rishabh Pantගෙන් පළමු දිනයේ දී අර්ධ ශතක
- දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට වින කරන හෙනය
- නව ඉන්දීය කණ්ඩායම ගැන රසල් කතා කරයි
සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 48 දී දවා ගැනීමට Ravichandran Ashwinට හැකි වුනේ ලකුණු 17ක් ලබා සිටි ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් කරමිනුයි.
පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වූ Jadeja ලකුණු 28ක් ලබා සිටි නායක දිමුත් කරුණාරත්න දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 59/2ක් බවට පත්කරමිනුයි.
පැතුම් නිශ්ශංක ලකුණු 14ක් ලබා සිටිය දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගැනීමට Jasprit Bumrahට හැකි වූවත්, එම පන්දුව නිපන්දුවක් වීම නිසාවෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට පැතුම්ට හැකි වුනා.
කෙසේ නමුත් ඉන් කෙටි වේලාවකට පසු ක්‍රියාත්මක වූ Bumrah ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලතම පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනා.
ඉන්පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා හට ද සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් Ashwin ඔහුව එක් ලකුණකට දවා ගැනීමට සමත් වුනේ ඉන්දීය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන එමිනුයි.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් ලබා ගනිමින් ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 466ක් පිටුපසින් සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mayank Agarwal | lbw b Lasith Embuldeniya | 33 | 49 | 5 | 0 | 67.35 |
Rohit Sharma | c Suranga Lakmal b Lahiru Kumara | 29 | 28 | 6 | 0 | 103.57 |
Hanuma Vihari | b Vishwa Fernando | 58 | 128 | 5 | 0 | 45.31 |
Virat Kohli | b Lasith Embuldeniya | 45 | 76 | 5 | 0 | 59.21 |
Rishabh Pant | b Suranga Lakmal | 96 | 97 | 9 | 4 | 98.97 |
Shreyas Iyer | lbw b Dhananjaya de Silva | 27 | 48 | 3 | 0 | 56.25 |
Ravindra Jadeja | not out | 175 | 228 | 17 | 3 | 76.75 |
Ravichandran Ashwin | c Niroshan Dickwella b Suranga Lakmal | 61 | 82 | 8 | 0 | 74.39 |
Jayant Yadav | c Lahiru Thirimanne b Vishwa Fernando | 2 | 18 | 0 | 0 | 11.11 |
Mohammed Shami | not out | 20 | 34 | 3 | 0 | 58.82 |
Extras | 28 (b 4 , lb 12 , nb 12, w 0, pen 0) |
Total | 574/8 (129.2 Overs, RR: 4.44) |
Fall of Wickets | 1-52 (9.5) Rohit Sharma, 2-80 (18.3) Mayank Agarwal, 3-170 (43.3) Virat Kohli, 4-175 (46.3) Hanuma Vihari, 5-228 (61.1) Shreyas Iyer, 6-332 (80.5) Rishabh Pant, 7-462 (109.4) Ravichandran Ashwin, 8-471 (113.6) Jayant Yadav, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 25 | 1 | 90 | 2 | 3.60 | |
Vishwa Fernando | 26 | 1 | 135 | 2 | 5.19 | |
Lahiru Kumara | 10.5 | 1 | 52 | 1 | 4.95 | |
Lasith Embuldeniya | 46 | 3 | 188 | 2 | 4.09 | |
Dhananjaya de Silva | 18.2 | 1 | 79 | 1 | 4.34 | |
Charith Asalanka | 3.1 | 0 | 14 | 0 | 4.52 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | lbw b Ravindra Jadeja | 28 | 71 | 5 | 0 | 39.44 |
Lahiru Thirimanne | lbw b Ravichandran Ashwin | 17 | 60 | 1 | 0 | 28.33 |
Pathum Nissanka | not out | 61 | 133 | 11 | 0 | 45.86 |
Angelo Mathews | lbw b Jasprit Bumrah | 22 | 39 | 1 | 1 | 56.41 |
Dhananjaya de Silva | lbw b Ravichandran Ashwin | 1 | 8 | 0 | 0 | 12.50 |
Charith Asalanka | lbw b Jasprit Bumrah | 29 | 64 | 5 | 0 | 45.31 |
Niroshan Dickwella | c Shreyas Iyer b Ravindra Jadeja | 2 | 10 | 0 | 0 | 20.00 |
Suranga Lakmal | c Ravichandran Ashwin b Ravindra Jadeja | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Embuldeniya | c Mayank Agarwal b Mohammed Shami | 0 | 5 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | c Rohit Sharma b Ravindra Jadeja | 0 | 5 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | b Ravindra Jadeja | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 0 , lb 6 , nb 8, w 0, pen 0) |
Total | 174/10 (65 Overs, RR: 2.68) |
Fall of Wickets | 1-48 (18.2) Lahiru Thirimanne, 2-59 (24.2) Dimuth Karunaratne, 3-96 (33.6) Angelo Mathews, 4-103 (38.1) Dhananjaya de Silva, 5-161 (57.6) Charith Asalanka, 6-164 (60.4) Niroshan Dickwella, 7-164 (60.6) Suranga Lakmal, 8-173 (63.3) Lasith Embuldeniya, 9-174 (64.5) Vishwa Fernando, 10-174 (64.6) Lahiru Kumara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammed Shami | 12 | 5 | 27 | 1 | 2.25 | |
Jasprit Bumrah | 14 | 3 | 36 | 2 | 2.57 | |
Ravichandran Ashwin | 20 | 7 | 49 | 2 | 2.45 | |
Jayant Yadav | 6 | 2 | 15 | 0 | 2.50 | |
Ravindra Jadedja | 13 | 4 | 41 | 5 | 3.15 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | c Rohit Sharma b Ravichandran Ashwin | 0 | 9 | 0 | 0 | 0.00 |
Dimuth Karunaratne | c Rishab Pant b Mohammed Shami | 27 | 42 | 6 | 0 | 64.29 |
Pathum Nissanka | c Rishab Pant b Ravichandran Ashwin | 6 | 19 | 1 | 0 | 31.58 |
Angelo Mathews | lbw b | 28 | 75 | 2 | 1 | 37.33 |
Dhananjaya de Silva | c Shreyas Iyer b Ravindra Jadeja | 30 | 58 | 5 | 0 | 51.72 |
Charith Asalanka | c Virat Kohli b Ravichandran Ashwin | 20 | 9 | 2 | 2 | 222.22 |
Niroshan Dickwella | not out | 51 | 81 | 0 | 0 | 62.96 |
Suranga Lakmal | c Jayant Yadav b Ravindra Jadedja | 0 | 3 | 0 | 0 | 0.00 |
Lasith Embuldeniya | c Rishab Pant b Ravindra Jadeja | 2 | 42 | 0 | 0 | 4.76 |
Vishwa Fernando | lbw b Mohammed Shami | 0 | 5 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | c Mohammed Shami b Ravichandran Ashwin | 4 | 14 | 0 | 0 | 28.57 |
Extras | 10 (b 4 , lb 5 , nb 1, w 0, pen 0) |
Total | 178/10 (60 Overs, RR: 2.97) |
Fall of Wickets | 1-9 (2.3) Lahiru Thirimanne, 2-19 (6.5) Pathum Nissanka, 3-45 (15.5) Dimuth Karunaratne, 4-94 (32.5) Dhananjaya de Silva, 5-121 (35.3) Charith Asalanka, 6-121 (36.2) Angelo Mathews, 7-121 (36.5) Suranga Lakmal, 8-153 (50.6) Lasith Embuldeniya, 9-170 (53.6) Vishwa Fernando, 10-178 (59.6) Lahiru Kumara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ravichandran Ashwin | 21 | 5 | 47 | 4 | 2.24 | |
Mohammed Shami | 8 | 1 | 48 | 2 | 6.00 | |
Ravindra Jadedja | 16 | 5 | 46 | 4 | 2.88 | |
Jayant Yadav | 11 | 3 | 21 | 0 | 1.91 | |
Jasprit Bumrah | 4 | 1 | 7 | 0 | 1.75 |
තරගයේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<