සංචාරක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මේ වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලිය අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා
ඒ, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නවසීලන්තයේ දේශ සීමා පාලන නීති හා නිරෝධායන නීති පදනම් කර ගනිමින්.
මාර්තු 17, 18 සහ 20 යන දිනවල දී Napier හිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම සංචාරයේ දී දෙරට අතර විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.
- 24 වසරකින් නොගිය සංචාරයකට ඕස්ට්‍රේලියාව සැරසේ
- ICC මාසයේ ක්‍රීඩිකාවන් අතරට චමරිගේ නමත් එක්වෙයි
- Ricky Ponting, Joe Rootගේ නායකත්වය ප්‍රශ්න කරයි
- අළුබඳුනට ගිය 8ක් එංගලන්ත සංචිතයෙන් ඉවතට
- WATCH – උපැස් පැළඳි වෙසෙස් ක්‍රීඩකයා – Daniel Vettori
නවසීලන්ත රජය විසින් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා නිරෝධායන නීති ලිහිල් කිරීමට කටයුතු කරනු ඇති බවට උපකල්පනය කරමින් දෙරටේ ක්‍රිකට් බලධාරීන් විසින් මේ තරගාවලිය සැලසුම් කර තිබුණු නමුත් එම නීති ලිහිල් කිරීමට මෙතෙක් නවසීලන්ත රජය කටයුතු කර නැහැ.
ඒ හේතුවෙන් පසුගිය ජනවාරි 30 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය (එක්දින තරග 3ක් සහ එක් විස්සයි විස්ස තරගයක්) ද අත්හිටුවීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන්ට සිදු වුනා.
මේ අතර, නවසීලන්තය හා නෙදර්ලන්තය අතර මාර්තු 25 වැනිදා නවසීලන්තයේ Tauranga හීදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ක්‍රිකට් තරගය ද Napier හීදී පැවැත්වීමට ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<