ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් තුෂාර හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සමඟින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය ද ඔහුට අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙනවා.
නුවන් තුෂාරට අමතරව කණ්ඩායමේ පුහුණුකරුවෙකු (team trainer) වන ඩිල්ෂාන් ෆොන්සේකා හට ද වයිරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව සනාථ කරමින් පවසා සිටියේ, කණ්ඩායමේ ක්‍රීඩකයින් හට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් මොවුන් දෙදෙනා ආසාදිතයින් බවට හඳුනා ගත් බවත්, සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන් නිරෝධායනයේ පසු වන බවත් සහ එළඹෙන 10 වැනිදා ඔවුන් නැවතත් කණ්ඩායම සමඟ එකතු වනු ඇති බවත් ය.
- වෙල්ලාලගේ ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ අවසන් තරගයට
- ඕෂඳ තරගාවලියේ මංගල ශතකය වාර්තා කරයි
- ප්‍රවීණයින්ගේ ලීග් ශූරතාවයේ අනුශූරතාව Asian Lionsට
- Paul Farbrace ලංකාව ප්‍රතික්ෂේප කරයි
- සහන් සහ ලහිරු දවසේ ඉහළම දක්ෂතා දක්වයි
ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර දේශීය පිටියේ පසුගිය වසර කිහිපය තුල විශාල ප්‍රගතියක් අත්කර ගන්නට සමත් වූ ක්‍රීඩකයෙකු වන අතර ඒ නිසාවෙන්ම ජාතික කණ්ඩායමේ අසුනක් දිනා ගන්නට ද ඔහු සමත් වුනා.
නිමා වූ 2021 LPL තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුට, ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ සිම්බාබ්වේ තරගාවලියේ දී ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලැබුණු නමුත්, ඔහුට කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා සංචාරය සඳහා විස්සයි විස්ස තරග 5ක් ඇතුළත් වන අතර තරගාවලිය පෙබරවාරි 11 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 3 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.
තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<