එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
නිමා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ද රුමේෂ් රත්නායක මහතා කටයුතු කළා.
සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී තිබෙන අතර මේ වන විටත් ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.
- හර්ෂිතාගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය වරම් දිනයි
- දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
- චමරිගේ වේගවත් ඉනිමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<