ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන France Cricket League – Regional T-20 ශූරතා තරගාවලියේ මේ වසරේ ශූරතාවය දිනා ගැනීමට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වන ‘AS EVRY’ කණ්ඩායමට හැකි වුනා.
මෙම තරගාවලියට කාණ්ඩ 3ක් ඔස්සේ කණ්ඩායම් 18ක් සහභාගී වුනා.
- GROUP A – AULNAY, TUSKERS ASNIERES, USCA, FRANCE STAR, SARCELLES, BENGAL TIGERS
- GROUP B – DREUX, PARIS KNIGHT RIDERS, ROYALS 94, COLOMBES, UIF EVRY, FRANCE GYMKHANA
- GROUP C – VIPERS GRIGNY, FRIENDS CLUB AUBERVILLIERS, VILLIERS LE BEL, FRANCILIEN, RISING STARS AUBERVILLIERS, AS EVRY
ඊයේ (25) පැවති තීරණාත්මක අවසාන මහා තරගයට AS EVRY සහ UIF EVRY කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබුණා. මෙහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් UIF EVRY නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කර ගත්තා.
- තවමත් T20 ලෝක කුසලානයක ජයක් නොලද කැන්ගරු ශූරයෝ
- ශ්‍රී ලංකාව වසර 5කට පසුව ඉන්දියාවේ ටෙස්ට් සංචාරයක
- “නවසීලන්තය පාකිස්තාන ක්‍රිකට් මැරුවා!” – Shoaib Akhtar
- ඉසුරු උදාන නැවතත් Bangla Tigers කණ්ඩායමට
- ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කාලසටහන නිකුත් වෙයි
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ AS EVRY පන්දුවාර 18කුත් පන්දු 5ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගනිමින් France Cricket League – Regional T-20 ශූරතාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළා.
මෙහි දී විශිෂ්ට පිතිකරණයක නියැලුණු නායක දේශාන් ජයසිංහ පන්දු 30 දී ලකුණු 55ක් වාර්තා කළේ හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමඟිනුයි.
ශූරතාවය දිනූ AS EVRY කණ්ඩායමේ මහේෂ් කුමාර ඉනිම් 6ක දී ලකුණු 241ක් රැස්කර ගනිමින්, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන විට, තරංග ප්‍රදීප් ලකුණු 211ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි ස්ථානය දිනා ගත්තා.
තරගාවලිය පුරාවට පන්දු රකින්නන් අතරේත් ඉදිරියෙන්ම සිටියේ AS EVRY කණ්ඩායමේ ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. තරංග ප්‍රසාද් සහ දුලාන් පෙරේරා තරගාවලියේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයක් සඳහා දායක වූ ක්‍රීඩකයින් වුනේ පිළිවෙළින් උඩපන්දු 9ක් සහ 7ක් රැකගෙනයි. ඒ හැරෙන්නට හැර දුලාන් විසින් එක් ස්ටම්ප් කිරීමක් ද සාර්ථක කරගෙන තිබුණා.
2021 France Cricket League – Regional T-20 ශූරතා තරගාවලියේ ශූරතාවය දිනා ගත් AS EVRY කණ්ඩායමේ සාමාජිකයින්,
දේශාන් ජයසිංහ (නායක), මහේෂ් කුමාර, තරංග ප්‍රසාද්, රොෂාන් ප්‍රදීප් ,දුලාන් පෙරේරා, සිදත් ප්‍රියන්ත, එම්. දිනේෂ්, අමන්ද නිර්මාල්, ට්‍රේවීන් කෙලර්, පසිඳු තාරක, රසල් බර්නාර්ඩ්, මලිත් හසින්ත
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<