එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Ben Stokes වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලික විරාමයක් ගැනීමට අද (30) තීරණය කර තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔහුගේ මානසික යහපැවැත්මට ප්‍රමුඛතාවය දීම සඳහා Stokes විසින් මේ තීරණය ගෙන තිබෙන බවයි.
ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන, එළඹෙන ඉන්දීය තරගාවලිය Stokes හට අහිමිව යන අතර ඔහුගේ වම් අතේ එක් ඇඟිල්ලක තිබෙන ආබාධය ද සම්පූර්ණ ලෙස සුව වී නොතිබීම මේ සඳහා තවත් එක් හේතුවක් වී තිබෙනවා.
- ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි
- වසර 3කට පසුව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට T20 ජයක්
- බුබුල කැඩූ තිදෙනාගේ විනය පරීක්ෂණයට දින තීන්දුයි
- වනිඳු හසරංග ICC ශ්‍රේණිගත කිරීම්වල හොඳම තැනට
- ඉන්දු – ශ්‍රී ලංකා සටනට කොරෝනා හරස් වෙයි
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ එම ඉල්ලීම සඳහා ඉඩ ලබා දී තිබෙන අතර ඔහු ඉතාමත් ඉක්මනින් නැවතත් සිය කණ්ඩායම සමඟ එකතු වනු ඇතැයි ඔවුන් විශ්වාස කර සිටිනවා.
Ben Stokes එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා නොකරන නිසා ඒ වෙනුවෙන් 27 හැවිරිදි Craig Overton කණ්ඩායමට කැඳවීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග පහකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 4 වැනිදා Nottingham හිදී ආරම්භ වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<