2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භය සිකුරාදා (23) පැවැත්වීමට නියමිතව තිබුනත් කණ්ඩායම් තරග කිහිපයක මූලික වටයේ තරග කිහිපයක් අද (21) පැවැත්වුනා.
මෙවර ඔලිම්පික් උළෙලේ පළමු තරගය ලෙස පැවති ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා Softball (Baseball ක්‍රීඩාවට සමාව ක්‍රීඩාවක්) තරගය 8-0 ලෙස ජය ගනිමින් සාර්ථකව ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමට සත්කාරක ජපානයට හැකි වුනා.
දිනයේ පැවති අනෙක් කාන්තා Softball තරගවලින් ඉතාලිය පරදවා 2-0ක ජයක් ලබා ගන්නට ඇමරිකාව සහ මෙක්සිකෝව පරදවා 4-0ක ජයක් ලබා ගන්නට කැනඩාව සමත් වුනා.
මීට අමතරව කාන්තා පාපන්දු තරගවල මූලික වටයේ තරග ද අද පැවති අතර එහි E කාණ්ඩයේ තරගවලින් පිළිවෙළින් චිලී සහ චීන කණ්ඩායම් පරදවා ජයග්‍රහණ ලබා ගන්නට මහා බ්‍රිතාන්‍යය (2-0) ක්‍රීඩිකාවන් සමත් වුනා.
එම කාණ්ඩයේම තරගයක් ලෙස පැවති සත්කාරක ජපානය සහ කැනඩාව අතර තරගය සමව අවසන් වුනේ කණ්ඩායම් ද්විත්වයම ගෝල 1 බැගින් ලබා ගැනීම නිසාවෙනි.
කාන්තා පාපන්දු මූලික වටයේ F කාණ්ඩයේ අද පැවති තරගවලින් පිළිවෙළින් චීන සහ සැම්බියා කණ්ඩායම් පරදවමින් පහසු ජයග්‍රහණ ලබා ගැනීමට බ්‍රසීල (5-0) සහ නෙදර්ලන්ත (10-3) ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
- ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ආසාදිතයන් තවත් ගණන ඉහළට
- ඔලිම්පික් ගම්මානයේ පළමු ආසාදිතයා විදේශයෙන් ආ සංවිධායකයෙක්
- ඉතිහාසය අලුත් කරමින් තවත් ශ්‍රී ලාංකිකයෙක් ඔලිම්පික් උළෙලට!
- Roger Federer ඔලිම්පික් සටනින් ඉවතට
එමෙන්ම මූලික වටයේ G කාණ්ඩයේ තරගවලින් ප්‍රබල ඇමරිකානු ක්‍රීඩිකාවන් ගෝල 3-0ක් ලෙස පරාජය කිරීමට ස්වීඩන් ක්‍රීඩිකාවන් සමත් වූ අතර නවසීලන්ත ක්‍රීඩිකාවන් තියුණු සටනකින් පසු ගෝල 2-1ක් ලෙස පරදවමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වාර්තා කළා.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ Softball සහ පාපන්දු මූලික වටයේ තවත් තරග කිහිපයක් හෙට (21) පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු ඇතුළු ඔලිම්පික් උළෙලේ තතුවිත්ති දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<