එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයේ සිව්දෙනෙක් හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
තවත් දින දෙකකින් ආරම්භ වීමට තිබෙන පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය ඉලක්ක කරගනිම්න් Bristol හිදී ඊයේ (5) එංගලන්ත කණ්ඩායමේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එමඟින් මේ ආසාදිතයින් 7 දෙනා හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ COVID-19 මර්දන රෙගුලාසිවලට අනුව කටයුතු කරමින් ඔවුන්ව අදාළ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඒ අනුව එංගලන්ත එක්දින සංචිතයේ සියලුම දෙනා නිරෝධායනයට යොමු කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- ICC තරගාවලි 11ක සත්කාරකත්වයට රටවල් 17ක් සටනට
- භානුකට තහංචි දමා පුහුණුවීම්වලට කැඳවයි
- “ඉන්දු-ශ්‍රී ලංකා සංචිතය අපි තවම තෝරලා නැහැ” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- වැස්සේ පිහිටෙන් ශ්‍රී ලංකාව පියවර දෙකක් උඩට පනියි
- LPL තරගාවලියට බංග්ලාදේශ සහභාගීත්වය අවිනිශ්චිතයි
කෙසේ නමුත් එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සුපුරුදු පරිදි පැවැත්වෙන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියා.
ඒ අනුව එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස සංචිතයෙන් ආබාධයක් නිසාවෙන් ඉවත්ව සිටි Ben Stokes හට එම තරගාවලියේ දී එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇත.
එසේම එම තරගාවලිය සඳහා තරග වදිනු ලබන සංචිත ඉදිරි පැය කිහිපය තුල නම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පැවසුවා.
The ECB can confirm that seven members of the England Men’s ODI party have tested positive for COVID-19.
— England Cricket (@englandcricket) July 6, 2021
එසේම පසුගිය ජූලි 4 වැනිදා නිමාව දුටු ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක Phil Whitticase මහතා හට COVID-19 වයිරසය ආසාදනය වුනු බව ජුනි 27 වැනිදා තහවුරු වුනා. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියක් ද පසුගිය 28 වැනිදා අලුයම වාර්තා වුනා.
කෙසේ නමුත් ක්‍රීඩකයින් සිටි ජෛව ආරක්ෂිත බුබුල තුලට COVID-19 වයිරයස ඇතුළු වුනු ආකාරය පිළිබඳව විදිමත් පරීක්ෂණයක් කිරීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටිනවා.
තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<