ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව එහි පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාව යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට හිමිව තිබෙනවා.
ලොව විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින එංගලන්තයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනත්, වනිඳු එම තරග තුනේ දී 0/12, 2/20 සහ 0/42ක් ලෙස දස්කම් අතරට පැමිණියා. එම දස්කම් නිසාවෙන් 10 වැනි ස්ථානයේ සිට ස්ථාන 5ක් ඉදිරියට ඒමට වනිඳුට අවස්ථාව ලැබී තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- එක්දින තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට
- වීදි සංචාරයේ ගිය ක්‍රීඩකයින් තිදෙනාට වැඩ වරදියි
- ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයින් හඬ අවදි කරයි
- දිවයිනට පැමිණි මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලක නිරෝධායනයට
ඒ අනුව ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශයෙන් තුනේම පිතිකරුවන්, පන්දු යවන්නන් සහ තුන් ඉරියව් යන සෑම අංශයකම පළමු 10 අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංග පමණයි.
වනිඳු ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය දිනාගෙන තිබෙන්න ප්‍රසාද ලකුණු 693ක් දිනා ගනිමිනි. එහි ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රසාද ලකුණු 750ක් දිනාගෙන සිටින දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsiයි.
>>ICC ක්‍රීඩක වර්ගීකරණයන් සියල්ල මෙතැනින්<<
මින් පෙර පැවති යාවත්කාලීන කිරීමට අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දිනාගෙන සිටි ලක්ෂාන් සඳකැන් එහි ස්ථාන 4ක් පසුබැස එහි 13 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.
පළමු ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය සඳහා නවසීලන්තය මෙහෙයවූ Kane Williamson ප්‍රසාද ලකුණු 901ක් දිනා ගනිමින් ICC නවතම ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම අනුව ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<