ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) දිවයිනේ ක්‍රීඩාංගණ දොළහක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර තරග කිහිපයකට අයහපත් කාලගුණයෙන් ද බාධා එල්ල වුනා.
පෙර තරගයේ වර්ෂාවට නැවතූ ඉනිමේ රිද්මය නැවතත් පවත්වා ගත් සඳුන් වීරක්කොඩි අගනා ශතකයක් රැස් කරමින් (121) සිය කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා දෙන්නට සමත් වුනා.
අවසන් පන්දුවාරය තෙක් සටන්කාමී වූ තියුණු තරගයකින් පසු Lankan ලකුණු 4කින් පරදා ජයග්‍රහණය ලබා ගන්නට Chilaw Marians සමත් වුනා. තුන් ඉරියව් දස්කම් දැක්වූ තික්ෂිල ද සිල්වා අර්ධ ලකුණු 51ක් සහ කඩුලු 3ක් දවා ගත්තා.
දෙපිලටම දෝලනය වූ තරගයකින් පසු නාවික හමුදා ක්‍රීඩකයන් කඩුලු දෙකකින් පරදවා තියුණු ජයක් ලබා ගන්නට රාගම කණ්ඩායම සමත් වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- එංගලන්තය සුපිරි ක්‍රීඩකයාට නැවතත් අවවාදයක්
- නැවතත් Legends පෙළහැර නරඹන්න පිළිවෙතින් සැරසෙමු!
- මාස 13කට පසුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලකුණු වැටෙයි
- Umpires Call නීතිය වෙනස් නොකරන්න තීරණයක්
- පැතුම්ගේ ශතකයට මහේලගෙන් සුබ පැතුම්
යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරගේ අගනා ශතකය (102*) සහ ජෙහාන් ඩැනියල්ගේ පන්දු යැවීමත් (3/19) නිසා Kaluthara Town Club ලකුණු 159ක පරාජය කරමින් පහසු ජයක් ලබා ගන්නට NCC ක්‍රීඩකයන්ට හැකි වුනා.
අරුණ ධර්මසේනගේ අගනා ශතකය (112*) නිසාවෙන් ගාල්ල ක්‍රීඩකයන් පරදවා DLS න්‍යාය මත ලකුණු 59ක ජයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් වුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – Surrey Village Ground, Maggona
- Toss –Badureliya
Colombo Cricket Club – 255/10 (49.2) – රොන් චන්ද්‍රගුප්ත 96, පවන් රත්නායක 78, ළහිරු මධුශංක 24, අලංකාර අසංක සිල්වා 3/50, බුද්ධික සංජීව 3/51, චාමිකර එදිරිසිංහ 3/52
Badureliya Cricket Club – 181/4 (38) – සඳුන් වීරක්කොඩි 121, ඩිල්ෂාන් ද සොයිසා 26, සොනාල් දිනූෂ 2/24, අශාන් ප්‍රියන්ජන් 2/33
බදුරලිය කණ්ඩායමට ලකුණු 9ක ජයක් (DLS)
Group – B
- Venue – Panadura Esplanade
- Toss – Galle CC
Galle Cricket Club – 218/10 (46.4) – ඉමේශ් උදයංග 40, රාජු ගයාශාන් 37, ඩිල්ෂාන් කාංචන 34*, චලන ද සිල්වා 32, කොශාන් ධනුෂ්ක 3/38, චරිත් ජයම්පති 3/24, ඉවන්ක සංජුල 2/39
Panadura Sports Club – 209/4 (39) – අරුණ ධර්මසේන 112*, නිමන්ත පීරිස් 31, කවිදු 27, හෂාන් චාමර 21, චලන ද සිල්වා 2/18
පානදුර කණ්ඩායමට ලකුණු 59ක ජයක් (DLS)
Group – C
- Venue – SLAOC Intl Cricket Stadium, Dombagoda
- Toss – Ace Capital
Tamil Union C&AC – 255/10 (49,2) – ඉසුරු උදාන 51, සදීර සමරවික්‍රම 40, රවිඳු රසන්ත 34, සුපුන් කාවින්ද 33, දිල්රුවන් පෙරේරා 32, මනෝජ් සරත්චන්ද්‍ර 25, සශරික පුස්ගොල්ල 3/44, කවිඳු රිද්මාල් 3/80, පසිඳු උස්හෙට්ටිගේ 2/65
Ace Capital CC – 92/6 (27) – ඉරෝශ් සමරසූරිය 44, ඉශාන් රංගන 20, සචිඳු කොළඹගේ 2/15, මදුක ලියනපතිරනගේ 2/22, ශිරාන් ප්‍රනාන්දු 2/23
Tamil Union කණ්ඩායමට ලකුණු 109ක ජයක් (DLS)
Group – D
- Venue – SSC Ground, Colombo Colts Ground, Colombo
- Toss – Sebastianites C&AC
Sinhalese Sports Club – 295/9 (50) – නිපුන් ධනංජය 76, නිවනිඳු ප්‍රනාන්දු 68, ජෙෆ්රි වැන්ඩර්සේ 64, ක්‍රිශාන් සංජුල 37, චරිත් රාජපක්ෂ 3/48, සචිත ජයතිලක 3/64, චතුර රන්දුනු 2/58
Sebastianites C&AC – 148/7 (39) – සචිත ජයතිලක 31*, සුචිර පරන්තල 31, ප්‍රභාත් ජයසූරිය 3/23, හිමේෂ් රාමනායක 2/35
SSC කණ්ඩායමට ලකුණු 95ක ජයක් (DLS)
Group – A
- Venue – BRC Ground, Colombo
- Toss – BRC
Army Cricket Club – 174 (46.4) – තිසර පෙරේරා 58, හිමාෂ ලියනගේ 47, චමීර දිසානායක 3/23, මොහොමඩ් ශිරාස් 2/26, ළහිරු සමරකෝන් 2/30
Burgher Recreation Club – 94 (34.1) – නිමේෂ් ගුරුසිංහ 38, දුෂාන් විමුක්ති 3/27, සුමින්ද ලක්ෂාන් 2/22
යුද හමුදා කණ්ඩායමට ලකුණු 81ක ජයක්
Group – B
- Venue – Marians Cricket Ground, Katunayake
- Toss – Chilaw Marians CC
Chilaw Marians CC – 271/9 (50) – රුමේෂ් බුද්ධික 54, තික්ෂිල ද සිල්වා 51, පුලින තරංග 46, රවීන් යසස් 35, දමිත සිල්වා 2/43, කේශාන් විජයරත්න 2/57
Lankan Cricket Club – 267/10 (49.3) – දමිත සිල්වා 118, රිසිත උපමාල් 37, කසුන් අබේරත්න 34, ගීත් කුමාර 27, තික්ෂිල ද සිල්වා 3/59, කමිඳු මෙන්ඩිස් 2/34, ලසිත් කෲස්පුල්ලේ 2/35, පුලින තරංග 2/52
Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Group – C
- Venue – Army Ground, Mattegoda
- Toss – Nugegoda S&WC
Negombo Cricket Club – 214/9 (50) – අශේන් සිල්වා 53, උපුල් ඉන්ද්‍රසිරි 46*, ළහිරු මිලන්ත 29, ළහිරු ජයකොඩි 2/17, නවීන් කවිකාර 2/12
Nugegoda Sports & Welfare Club- 140/4 (28) – හසිත පෙරේරා 42, මුදිත ලක්ෂාන් 30*, මාලිංග මාලිගප්සේ 30, මාධව වර්ණපුර 2/12
Nugegoda S&WC කණ්ඩායමට ලකුණු 25ක ජයක් (DLS)
Group – D
- Venue –Police Park, Colombo
- Toss – Police SC
Saracens Sports Club – 287/5 (50) – චරිත කුමාරසිංහ 76, ප්‍රමෝද් මධුවන්ත 69, අයන සිරිවර්ධන 53, හෂේන් රාමනායක 46*
Police Sports Club – 219 (44) – මධුරංග සොයිසා 62, සමන් කුමාර 33, සුපුන් මධුශංක 30, ලක්ෂාන් රොද්‍රිගෝ 25, චමින්ද බණ්ඩාර 4/34, සංජය චතුරංග 2/23, උදිත් මධුශාන් 2/44
Saracens කණ්ඩායමට ලකුණු 68ක ජයක්
Group – A
- Venue – Air Force Ground, Katunayake
- Toss – KCCC
Air Force Sports Club – 161/10 (44.4) – රවිඩ්ජු සෙම්බුකුට්ටිගේ 37, ලසන්ද රුක්මාල් 25, උමේග චතුරංග 4/33, සචිත්ර පෙරේරා 2/37
Kandy Customs Sports Club – 163/5 (31.2) – චානක විජේසිංහ 76*, අකීල් ඉම්හාම් 22, අසන්ත සිංගපුලි 2/36, සඳරුවන් චින්තක 2/37
KCCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්
Group – B
- Venue – Navy Ground, Welisara
- Toss – Ragama CC
Navy Sports Club – 208/9 (50) – බුද්ධික මධුශාන් 67, තුෂාර සමරකෝන් 36, ශාලිත ප්‍රනාන්දු 36, ශෂික දුල්ෂාන් 3/28, බිනුර ප්‍රනාන්දු 2/17
Ragama Cricket Club – 212/8 (48.1) – දිනෙත් තිමෝදය 51, නිශාන් මධුශංක 44, ජනිත ලියනගේ 44, උදාර ජයසුන්දර 20, චමෝද් බට්ටගේ 3/28, තරූෂාන් ඉද්දමල්ගොඩ 2/27
Ragama කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Group – C
- Venue – Arons Cricket Club Ground, Bulathsinhala
- Toss – Kaluthara TC
Nondescripts Cricket Club – 269/6 (50) – කමිල් මිෂාර 102*, චතුරංග ද සිල්වා 59, සහන් ආරච්චිගේ 51, චාමික කරුණාරත්න 39, ඉන්සක සිරිවර්ධන 3/54, මිතුන් ජයවික්‍රම 2/35
Kaluthara Town Club – 110/9 (27.5) – ළහිරු හිරණ්‍ය 50*, අශේන් ඩැනියල් 3/19, චතුරංග ද සිල්වා 3/22, ඇන්ජලෝ පෙරේරා 2/18
NCC කණ්ඩායමට ලකුණු 159ක ජයක්
Group – D
- Venue – Welagedara Stadium, Kurunegala
- Toss – Colts CC
Colombo Colts Cricket Club – 227/10 (49.1) – ධනංජය ලක්ෂාන් 70, හර්ෂ රාජපක්ෂ 41, සංතුෂ් ගුණතිලක 26, විසාද් රංදික 22, නවීන් ගුණවර්ධන 3/30, ළහිරු ජයරත්න 2/38, නිම්සර අතරගල්ල 2/41
Kurunegala Youth CC – 228/5 (43.4) – ගයාන් මනීෂන් 79, සමීර සඳමල් 56, රවින්ද්‍ර කරුණාරත්න 26*, ළහිරු ජයරත්න 24*, අකිල ධනංජය 2/42
Kurunegala Youth කණ්ඩායමට කඩුලු 5ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<