ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායම අතර ඊයේ (15) පැවති එක්දින ක්රිකට් තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසාවෙන් ශ්රී ලංකා ක්රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ ක්රියාත්මක කර ඇත්තේ පන්දුවාර 48ක් වන අතර පන්දුවාර දෙකක් යවා ඇත්තේ නියමිත වේලාවට පසුවයි.
ඒ අනුව සියලු ක්රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචර්ඩ්සන් පියවර ගෙන ඇති අතර ඊට අමතරව මෙම වරද හේතුවෙන් ICC ක්රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්රසාද ලකුණු සටහනෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලැබෙන ප්රසාද ලකුණු දෙකක් ද අහිමි කිරීමට ICC පියවර ගෙන තිබෙනවා.
තවත් ක්රිකට් පුවත්:
- King Kohliගෙන් තවත් වාර්තාවක්
- වනිඳුගේ වාර්තාව මැද කොදෙව්වෝ 3-0ක් කරයි
- සදීර සමරවික්රමගේ අගනා ඉනිම Tamil Unionට ජය ගෙනෙයි
ශ්රී ලංකාව සුපර් ලීගය යටතේ මෙතෙක් කිසිදු ප්රසාද ලකුණක් වාර්තා කර නොමැති පසුබිමක මෙවැනි සිදුවීමක් වාර්තා වීම නිසා ශ්රී ලංකා ප්රසාද ලකුණු සටහන (-2)ක් ලෙස සටහන් වෙනවා.
තරගයට පසුව ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න වරද පිළිගනිමින් ලබා දී ඇති දඬුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ICC නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
ඊට අමතරව කොදෙව් ඉනිමේ 35 වැනි පන්දුවාරයේ දී Nicholas Pooran දවා ගැනීමෙන් පසුව එය සැමරීමේ දී ශ්රී ලංකා ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක විසින් Pooran වෙත නුසුදුසු භාෂාවෙන් ආමන්ත්රණය කළ බවට ද චෝදනා එල්ල වනවා.
එහි දී ගුණතිලක විසින් ICC විනය නීති සංග්රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, එය පළමු මට්ටමේ වරදක් බවත් ICC සඳහන් කර සිටිනවා. ඒ අනුව දනුෂ්කගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් පැනවීමට ICCය කටයුතු කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<