වනිඳු හසරංග සහ අශේන් බණ්ඩාර 7 වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 123* සබඳතාවය සහ ශ්‍රී ලංකා පිතිකරුවෙක් අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය එනම්, වනිඳු ලබා ගත් ලකුණු 80* වාර්තාවේ ගෞරවය නිසි පරිදි ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකාවට අද (15) අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය ද කඩුලු 5කින් ජය ගැනීමට කොදෙව්වන් සමත් වුනු නිසයි.
Sir Vivian Richards ක්‍රිකට් පිටියේ දී අද අළුයම අවසන් වුනු මෙම තරගය ද පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණු නිසා 3-0ක් ලෙස මෙම ICC සුපර් ලීගයේ එක්දින තරගාවලිය ජය ගැනීමට සත්කාරක කොදෙව්වන් සමත් වීමත් සමඟ එහි ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ඔවුන්ට හැකි වුනා.
කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක Kieron Pollard පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වූයේ වෙනස්කම් තුනක් සිදු කරමින්. ඒ අනුව දෙවැනි තරගය ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් වෙනුවට දසුන් ශානක, සුරංග ලක්මාල් සහ අසිත ප්‍රනාන්දු අද තරගයට කැඳවා තිබුණා.
තවත් ක්‍රිකට් පුවත්:
- අවසන් පන්දුවේ උණුසුම් සටනින් IMPERIAL ශූරතාවය දිනා ගනියි
- CCC සහ IMPERIAL සුපිරි අවසන් මහා තරගයට
- Red Bull Campus Cricket තරගාවලියේ අවසන් තරග ඕමානයේ දී
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් සුපුරුදු පරිදි සාර්ථක ලකුණු 69ක සබඳතාවයක් ලබා ගත් අතර එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 31ක් ලබා ගන්නට සමත් වුනා.
ඉන්පසුව පිටියට පැමිණි ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් හට එතරම්ම ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ නිසා සහ එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලකිය යුතු පන්දු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ නිසා ශ්‍රී ලංකාව මුලින් ලබා ගත් ආරම්භය තරමක් හීන වුනා. කෙසේ නමුත් පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක යන තිදෙනාම ලකුණු 16 සීමාව පසු කර ගියත් තිසර පෙරේරා ලකුණු 3කට දැවී ගියා.
අනතුරුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අශේන් බණ්ඩාර සහ වනිඳු හසරංග ලකුණු 123*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 274ක ගෞරවාන්විත මට්ටමක් දක්වා රැගෙන ආවා. එහි දී තුන්වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අශේන් සිය එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් (ලකුණු 55*) සිය දෙවන එක්දින අර්ධ ශතකය ලබා ගන්නා විට, වනිඳු හසරංග සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළා.
අවසානයේ දී පන්දු 60ක් තුල නොදැවී ලකුණු 80*ක් ලබා ගත් වනිඳු සිය එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබා ගත් මේ ඉනිම සඳහා 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත් කිරීමට සමත් වුනා. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වුනු අතර මීට පෙර ඒ වාර්තාව සඳහා හිමිකම් කිවේ ලකුණු 73ක් ලබා ගත් නුවන් කුලසේකරයි.
පන්දු යැවීමේ දී Akeal Hosein කොදෙව් පන්දු යවන්නන් අතරින් සාර්ථකම පන්දු යවන්නා වුනේ ලකුණු 33කට කඩුලු 3ක් දවාගෙනයි.
ලකුණු 275ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව්වන් වෙනුවෙන් කඩුලු රකින පිතිකරු Shai Hope (ලකුණු 64) සහ නායක Kieron Pollard (ලකුණු 53*) අර්ධ ශතක ලබා ගත් අතර පන්දු 132ක දී ලකුණු 102ක් ලබා ගත් Darren Bravo සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකය ලබා ගන්නට සමත් වුනා. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.
නායකත්වයේ ඉනිමක් දියත් කළ කොදෙව් නායක Kieron Pollard 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 53*ක් ලබා ගත්තේ පන්දු 42ක් තුලයි. අවසානයේ දී පන්දුවාර 48කුත් පන්දු 3ක් සහ කඩුලු 5ක් පමණක් වැය කරමින් ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය පසුකර යාමට කොදෙව්වන් සමත් වුනා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙනුවෙන් දිනයේ දී වැඩිම සාර්ථකත්වයක් ලබා ගත්තේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පමණි. ඔහු ලකුණු 56ක් තුල කඩුලු දෙකක් දවා ගන්නා විට, වනිඳු, තිසර සහ දනුෂ්ක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | c Fabian Allen b Alzarri Joseph | 36 | 38 | 6 | 0 | 94.74 |
Dimuth Karunarathne | b Jason Mohammed | 31 | 46 | 1 | 1 | 67.39 |
Pathum Nissanka | lbw b Akeal Hosein | 24 | 25 | 3 | 0 | 96.00 |
Dinesh Chandimal | b Akeal Hosein | 16 | 27 | 2 | 0 | 59.26 |
Dasun Shanaka | b Akeal Hosein | 22 | 27 | 1 | 0 | 81.48 |
Ashen Bandara | not out | 55 | 74 | 3 | 1 | 74.32 |
Thisara Perera | run out () | 3 | 4 | 0 | 0 | 75.00 |
Wanindu Hasaranga | not out | 80 | 60 | 7 | 3 | 133.33 |
Extras | 7 (b 0 , lb 2 , nb 1, w 4, pen 0) |
Total | 274/6 (50 Overs, RR: 5.48) |
Did not bat | Suranga Lakmal, Lakshan Sandakan, Asitha Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jason Holder | 6 | 0 | 53 | 0 | 8.83 | |
Alzarri Joseph | 10 | 0 | 51 | 1 | 5.10 | |
Jason Mohammed | 10 | 0 | 49 | 1 | 4.90 | |
Anderson Phillip | 6 | 0 | 43 | 0 | 7.17 | |
Akeal Hosein | 10 | 0 | 33 | 3 | 3.30 | |
Fabian Allen | 8 | 0 | 43 | 0 | 5.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Evin Lewis | b Suranga Lakmal | 13 | 16 | 2 | 0 | 81.25 |
Shai Hope | c Suranga Lakmal b Thisara Perera | 64 | 72 | 3 | 2 | 88.89 |
Jason Mohammed | b Wanindu Hasaranga | 8 | 13 | 1 | 0 | 61.54 |
Darren Bravo, | c Dimuth Karunarathne b Suranga Lakmal | 102 | 132 | 5 | 4 | 77.27 |
Nicholas Pooran | lbw b Danushka Gunathilaka | 15 | 8 | 0 | 2 | 187.50 |
Kieron Pollard | not out | 53 | 42 | 4 | 1 | 126.19 |
Jason Holder | not out | 14 | 10 | 1 | 1 | 140.00 |
Extras | 7 (b 2 , lb 0 , nb 2, w 3, pen 0) |
Total | 276/5 (48.3 Overs, RR: 5.69) |
Did not bat | Fabian Allen, Anderson Phillip, Alzarri Joseph, Akeal Hosein, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 9.3 | 1 | 56 | 2 | 6.02 | |
Asitha Fernando | 8 | 0 | 62 | 0 | 7.75 | |
Wanindu Hasaranga | 10 | 0 | 49 | 1 | 4.90 | |
Thisara Perera | 5 | 0 | 27 | 1 | 5.40 | |
Danushka Gunathilaka | 6 | 0 | 28 | 1 | 4.67 | |
Lakshan Sandakan | 10 | 2 | 52 | 0 | 5.20 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<