මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන අද (07) නිකුත් කෙරුණා. ඒ අනුව තරගාවලිය අප්‍රේල් මස 09 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසරේ දී පැතිර ගිය කොරෝනා වසංගතය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව වසර දෙකකට පසු ඉන්දියාව තුල පැවැත්වෙන පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම තරගාවලිය වනු ඇති.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහමදාබාද්, බැංගලෝර්, චෙන්නායි, මුම්බායි සහ කොල්කටා නගරවල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇති බව මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. නමුත් තරගාවලිය සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය මෙතෙක් තහවුරු කර නැහැ.
ලොව ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 9 වැනිදා චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ වත්මන් ශූරයන් වන Mumbai Indians කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරගයෙන්.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ද එක් කර තිබෙනවා. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් තරගය එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවසර ලබා දීමට වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අහමදාබාද් ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසු පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගය පසුගිය මාසයේ දී පැවැත්වුනා. එයට ඉහල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබීම විශේෂත්වයක්.
තරගාවලියේ සැකැස්ම සහ සෙසු තොරතුරු පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයන් නිවේදනයක් නිකුත් කර තිබුණා.
තවත් ක්‍රිකට් පුවත්:
- තරංග-ඩිල්ශාන් සුසංයෝගයෙන් ශ්‍රී ලංකාවට ජය
- තරග කිහිපයකට DLS හරස් වෙයි; Lankanට තියුණු ජයක්
- නොසිතූ පෙරළියක් කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි ආගමනයක්
- දසුන් ශානක මේ ඉරිදා කොදෙව් දේශයට
- කොරෝනා නිසා පාකිස්තාන සුපිරි ලීගය කල් යයි
ඒ අනුව ලීග් තරග වටය තුල දී සෑම කණ්ඩායමක්ම ක්‍රීඩාංගණ 4ක ක්‍රීඩා කිරීමට නියමිතයි. ලීග් තරග වටය සඳහා ඇතුළත් වන තරග සංඛ්‍යාව 56ක්. චෙන්නායි, මුම්බායි, කොල්කටා සහ බැංගලෝර් ක්‍රීඩාංගණවල තරග 10 බැගින් පැවැත්වීමට නියමිත අතර අහමදාබාද් සහ දිල්ලි ක්‍රීඩාංගණ තරග 8ක් සඳහා සත්කාරකත්වය සපයනු ඇති.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විශේෂත්වයක් වන්නේ කිසිදු කණ්ඩායමක් සිය ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා නොකිරීමයි. සියලු කණ්ඩායම් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩාංගණ 6න් 4ක දී මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිතයි.
තරගාවලියේ දින 11ක දී තරග දෙක බැගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි දී කණ්ඩායම් 6ක් සවස පැවැත්වෙන තරග 3ක් සඳහා ක්‍රීඩා කරන අතර කණ්ඩායම් දෙකක් සවස පැවැත්වෙන තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.
සවස පැවැත්වෙන තරග පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර රාත්‍රී තරග සවස 7.30ට ආරම්භ වීමට නියමිතයි.
පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති අතර කොරෝනා වයිරසය හමුවේ වුවද කිසිදු බාධාවකින් තොරව තරගාවලිය පැවැත්වීමට හැකියාව ලැබී තිබුණා. එයට ප්‍රධාන හේතුව වූයේ පැවති දැඩි සෞඛ්යාරක්ෂිත විධිවිධාන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව මෙවර තරගාවලිය ද දැඩි සෞඛ්යාරක්ෂිත විධිවිධාන යටතේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එමඟින් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට සහ සෙසු පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ අරමුණයි.
තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් සහ සෙසු නිලධාරීන් බාහිර සමාජයට නිරාවරණය වීම අවම කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා. එහි දී ලීග් තරග වටය තුල කණ්ඩායමකට එක් ක්‍රීඩාංගණයක සිට තවත් ක්‍රීඩාංගණයට යාමට සිදු වන්නේ තෙවතාවක් පමණයි.
තරගාවලියේ මුල් තරග ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසු තරග සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ දැයි තීරණය කිරීමට නියමිතයි.
ක්‍රීඩකයන් කීපදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද අවලංගු කිරීමට පසුගිය දා තීරණය කෙරුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද එයයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<