Home Sinhala අහන්ගේ ද්විත්ව ශතකයට, සදීෂගෙන් 150ක්

අහන්ගේ ද්විත්ව ශතකයට, සදීෂගෙන් 150ක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

1049
Ahan Wickramasinghe, Sadesha Rajapakshe

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මෙවර එක්දින තරග රටාවට අනුව යමින් ලබන සතියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

එවැනි පසුබිමක අද (4) කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන 128 වැනි දෙදින ක්‍රිකට් තරගයේ පළමු දිනය තුල රාජකීය විද්‍යාල නායක අහන් වික්‍රමසිංහ ද්විත්ව ශතකයක් ලබා ගන්නා විට, ඔහුට අනගි සහයක් ලබා දුන් සදීෂ රාජපක්ෂ ද නොදැවී ලකුණු 152*ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජකීය විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාල නායක අභිෂේක් ආනන්දකුමාර් පිතිකරුවන් සඳහා යෝග්‍ය වූ මේ තණතීරුව තුල පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. 

තණතීරුව මත මතු පිටින් තණකොළ තිබෙන බවක් පෙනෙන්නට වූ නමුත් එය පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් හට යෝග්‍ය තණතීරුවක් බව පෙන්නුම් කළ අහන් සහ සදීෂ රාජපක්ෂ සිය දස්කම් උපරිම ලෙස පෙන්නුම් කළේ තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 362*ක සබඳතාවයක් ගොඩනංවමින්.

තවත් ක්‍රිකට් පුවත්

රාජකීය විද්‍යාලයේ ඉනිම ආරම්භ කළ අශේන් ගමගේ සහ ඉසිවර දිසානායක පළමු කඩුලු දෙක තුල ලකුණු 41ක සබඳතාවයක් ගොඩනංවා ගැනීමට සමත් වුනත් ඉන් පසුව ක්‍රියාත්මක වුනු සෑම තත්පරයකම පාහේ වාසිය සතු වූයේ සත්කාරක රාජකීය විද්‍යාලය දෙසයි.

දකුණත් පිතිකරුවන් දෙදෙනෙක් වන අහන් සහ සදීෂ අතර තුන්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු මේ ලකුණු 362* නොදැවුණු සබඳතාවය රාජකීය ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් සඳහා දැනට ගොඩනැංවුණු ඉහළම සබඳතාවය වනවා. 

මින් පෙර 2019 වසරේ දී කවිඳු මදාරසිංහ සහ අහන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ත්‍රිත්වය විද්‍යාලයට එරෙහිව ලකුණු 240ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම තරගයේ දී මදාරසිංහ ද්විත්ව ශතකයක් වාර්තා කළා.

වයස අවුරුදු 19ක් වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන අහන් මේ තරගය තුල සිය ද්විත්ව ශතකය සපුරා ගත්තේ ඉතාමත් රමණීය පිතිකරණයක නිරත වෙමිනි. පන්දු 225 තුල ලබාගත් මේ නොදැවුණු ලකුණු 210 ඉනිම සඳහා 4 පහර 18ක් සහ එක් 6 පහර 2ක් ඇතුළත් වුනා. එසේම දැනට තිබෙන ක්‍රිකට් වාර්තා වල සඳහන් වන පරිදි වාර්තා රාජකීය විද්‍යාල ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩකයෙක් වාර්තා කරගත් වැඩිම ලකුණු ප්‍රමාණයද මෙය වනවා.

සිය කණ්ඩායමේ නායකයා හට අනගි සහයක් ලබා දුන් වයස අවුරුදු 17ක් වන සදීෂ පන්දු 258 ක් තුල මේ නොදැවුණු ලකුණු 152*ක් (4 පහර 10ක්) ලබා ගැනීමට සමත් වුනේ ඉතාමත් ඉවසිලිවන්ත සහ සටන්කාමී ලෙස සිය කඩුලු අත්නොහැර ලකුණු ලබා ගත් නිසයි.

දෙදින තරගයේ පළමු දිනය අවසන් වන විට තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන සිටින රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 403ක් ලබාගෙන තිබෙනවා.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 403/2 (98): අහන් වික්‍රමසිංහ 210*, සදීෂ රාජපක්ෂ 152*, අශේන් ගමගේ  22.

Result

Match drawn

Royal College
402/2 (98)

Trinity College
133/10 (63.2) & 115/6 (32)

Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake c Akram Muthalib b Pasan Ganegoda 7 21 1 0 33.33
Ashen Gamage c Abishek Anadhakumar b Theeraka Raathunga 22 85 1 0 25.88
Sadisha Rajapaksha not out 152 258 10 0 58.91
Ahan Wickramasinghe not out 210 255 18 2 82.35


Extras 11 (b 8 , lb 0 , nb 1, w 2, pen 0)
Total 402/2 (98 Overs, RR: 4.1)
Did not bat Dasis Manchanayake, Kavindu Pathirathna, Prashan kalhara, Shehan Herath, Sonal Amarasekara, Gishan Balasuriya, Dan Poddiwela,

Bowling O M R W Econ
Matheesha Pathirana 13 1 27 0 2.08
Pasan Ganegoda 14 1 60 1 4.29
Thewin Amarasinghe 9 3 12 0 1.33
Abishek Anadhakumar 23 2 106 0 4.61
Theeraka Raathunga 13 0 71 1 5.46
Umair Raizan 11 1 47 0 4.27
Ranuda Somarathna 8 0 37 0 4.62
Kalendra Abeysinghe 7 0 42 0 6.00
Batsmen R B 4s 6s SR
Thewin Amarasinghe b Gishan Balasuriya 44 155 2 0 28.39
Umair Raizan c Shehan Herath b Kavindu Pathirathna 2 9 0 0 22.22
Abishek Anadhakumar c Shehan Herath b Dan Poddiwela 10 48 1 0 20.83
Pawan Pathiraja c Prashan kalhara b Gishan Balasuriya 6 12 0 0 50.00
Ranuda Somarathna c Shehan Herath b Kavindu Pathirathna 16 43 2 0 37.21
Akram Muthalib b Gishan Balasuriya 6 32 0 0 18.75
Deemantha Bandara c Gishan Balasuriya b Sadisha Rajapaksha 3 17 0 0 17.65
Kalendra Abeysinghe c Kavindu Pathirathna b Gishan Balasuriya 5 14 0 0 35.71
Theeraka Raathunga not out 14 32 3 0 43.75
Pasan Ganegoda st Shehan Herath b Gishan Balasuriya 0 4 0 0 0.00
Matheesha Pathirana b Prashan kalhara 16 4 0 2 400.00


Extras 11 (b 4 , lb 5 , nb 0, w 2, pen 0)
Total 133/10 (63.2 Overs, RR: 2.1)
Bowling O M R W Econ
Kavindu Pathirathna 12 3 18 2 1.50
Sonal Amarasekara 5 0 16 2 3.20
Dan Poddiwela 5 2 7 1 1.40
Gishan Balasuriya 21 7 41 5 1.95
Prashan kalhara 12.2 6 18 1 1.48
Sadisha Rajapaksha 8 3 24 1 3.00


Batsmen R B 4s 6s SR
Thewin Amarasinghe lbw b Kavindu Pathirathna 2 6 0 0 33.33
Umair Raizan c Dasis Manchanayake b Prashan kalhara 0 1 0 0 0.00
Abishek Anadhakumar c Dan Poddiwela b Prashan kalhara 13 46 0 0 28.26
Pawan Pathiraja not out 76 106 11 0 71.70
Ranuda Somarathna lbw b Gishan Balasuriya 1 7 0 0 14.29
Akram Muthalib b Gishan Balasuriya 0 1 0 0 0.00
Deemantha Bandara lbw b Gishan Balasuriya 17 19 4 0 89.47
Theeraka Raathunga not out 0 7 0 0 0.00


Extras 6 (b 5 , lb 0 , nb 1, w 0, pen 0)
Total 115/6 (32 Overs, RR: 3.59)
Did not bat Matheesha Pathirana, Pasan Ganegoda, Kalendra Abeysinghe,

Bowling O M R W Econ
Kavindu Pathirathna 5 1 8 1 1.60
Prashan kalhara 9 2 29 2 3.22
Sadisha Rajapaksha 2 1 9 0 4.50
Dan Poddiwela 1 0 4 0 4.00
Gishan Balasuriya 11 2 44 3 4.00
Sonal Amarasekara 3 0 14 0 4.67
Dasis Manchanayake 1 0 2 0 2.00



තරගය හෙට (5) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර තරගය සජීව ලෙස ඔබ ඉදිරියට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<