Ratnamට පළමු ජය; Blue Eagles, New Youngs සමයි

Super League Pre-Season 2021

314
FFSL Media

Super League 2021 තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගවලින් ප්‍රබල කළුතර Blue Star SC ක්‍රීඩකයින් පරදවමින් ජයග්‍රහණය ලබා ගැනීමට Ratnam SC සමත් වූ අතර Blue Eagles SC සහ New Youngs FC අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

Defenders – Red Star

තරග ආරම්භයේ සිටම දෙපිලේම ක්‍රීඩකයන් එකිනෙකාට නොදෙවෙනි තරගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ නමුත් පළමු අර්ධය අවසන් වන තුරුම ගෝලයක් ලබා ගැනීමට කිසිවෙකු සමත් වූයේ නැහැ.

දෙවන අර්ධය ආරම්භයේ සිටම Ratnam ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර තරගයේ 60 වැනි මිනිත්තුවේ දී නිදහස් පහරකින් ලද පන්දුවක් අලංකාරව ගෝල රාමුව වෙත ස්ථානගත කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට Ratnam ක්‍රීඩක එඩිසන් ෆිගරාඩෝ සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Star SC 00 (00) – 01 (00) Ratnam SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  •  Ratnam SC: එඩිසන් ෆිගරාඩෝ 60’, රාජකුමාර් ශාන්තන් 86’

තවත් පාපන්දු පුවත්:

Blue Eagles SC-New Youngs FC

පළමු අර්ධය තුළ දී දෙපිලේම ක්‍රීඩකයන් හට ගෝල වාර්තා කිරීමට ආසන්නතම අවස්ථා කිහිපයක් හිමි වූවත්, ගෝල රකින්නන්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසාවෙන් පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

දෙවන අර්ධය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Blue Eagles ක්‍රීඩකයන් සමත් වූ අතර තරගයේ 54 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව තුළ දී පන්දුව New Youngs FC ක්‍රීඩකයෙකුගේ අතේ වැදීම නිසාවෙන් ලද දඬුවම් පහර සාර්ථක කරගනිමින් තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට Blue Eagles නායක ඩී. කේ. දුමින්ද සමත් වුනා.

එම පසුබෑමෙන් පසු තරගයට අවතීර්ණ වූ New Youngs ක්‍රීඩකයන් තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර තරගයේ 72 වැනි මිනිත්තුවේ දී Blue Eagles දඬුවම් රාමුව තුළ දී Blue Eagles ක්‍රීඩකයෙකු කළ වැරදි වැළැක්වීමක් නිසාවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ගෝල තත්වය සම කිරීමට New Youngs නායක තරිඳු ධනුෂ්ක සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: New Youngs FC01 (00) – 01 (00) Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Blue Eagles SC: ඩී. කේ. දුමින්ද 54’ (P)
  • New Youngs FC: තරිඳු ධනුෂ්ක 72’ (P)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<