වාස් ඉල්ලා අස්වෙයි

961

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පත්කෙරුණු හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් බලා පිටත් වීමට පැය කීපයකට පෙරයි. ඒ අනුව චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහු දරන සියලු තනතුරුවලින් ඉවත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

චමින්ද වාස් ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු ජාතික කණ්ඩායමේ වේගපන්දු  පුහුණුකරු ලෙස එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළා.

චමින්ද වාස් මහතාගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ අර්බුදයක් මත ඔහු මෙලෙස සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයක් ද තහවුරු කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වේගපන්දු පුහුණුකරුවෙකු නොමැතිව අද රාත්‍රියේ දී බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. තරගාවලිය එළඹෙන මාර්තු මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට සහ දසුන් ශානකට හිමිව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<