96 ලෝක ක්‍රිකට් ශූරයින් යාපනයට

2993

1996 ලෝක ශූරතාවය දිනා වසර 25ක් පිරීම නිමිත්තෙන් 96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ යාපනය ක්‍රිකට් කණ්ඩායමක් අතර චාරිත්‍රානුකූල ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම විශේෂ සැමරුම් උත්සවය මාර්තු 26 වැනිදා සිට 28 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වීමට නියමිත අතර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු 96 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළේ මින් වසර 25කට පෙර මාර්තු 17 වැනිදායි. ඒ්  අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කරමින්.

තවත් ක්‍රිකට් පුවත්:

ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සියලුම දෙනා පාහේ ඉන්දියාවේ පැවැත්වෙන Road safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර ඔවුන් සියලුම දෙනා මෙවර 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.

ගියවර පැවති Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලුවිතාරණ, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන ක්‍රීඩකයන් සහභාගී වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<