ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ග්‍රීක රිටි පැනීමේ ක්‍රීඩිකා Helen Claudia Polak එරට පැවති ගෘහස්ථ තරගාවලියක දී එරට කාන්තා රිටි පැනීමේ ඉසව්වෙහි ජාතික ශූරිය වීමට සමත් විය.
පසුගිය 13 (සෙනසුරාදා) දින ග්‍රීසියේ පැවති Panhellenic ගෘහස්ථ තරගාවලියේ රිටි පැනීමේ ඉසව්වේ මීටර් 4.71ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූ අතර එය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වුනා.
එම දස්කම සමඟින් Helen ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එම තරගයේ දී ඇය විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනූ Katerina Stefanidi පරාජය කිරීමට සමත් වීම ද කැපී පෙනුනි.
එමෙන්ම ඇය විසින් එම ඉසව්වේ දැක්වූ දස්කම ග්‍රීක කාන්තා රිටි පැනීමේ ඉතිහාසයේ තෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වුනා.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- කාන්තා දිගුදුර ලෝක වාර්තාවක් බිඳ වැටේ
- ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති ග්‍රීක ශූරියගෙන් සුපිරි දස්කම්
- ඉන්දුමතී, මධුරංග සහ ගාමිණී ශ්‍රී ලංකාව රිදියෙන් සරසයි
මෙම ජයග්රහණයෙන් පසුව අරුණ පුවත්පත වෙත අදහස් දක්වමින් Helen Claudia Polak ප්‍රකාශ කර සිටියේ,
“ඇත්තටම ඒක හීනයක් වගේ, Stefan ඉද්දී මට මේක කරන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. මගේ පුහුණුකරුටත් එහෙමයි. නමුත් මට විශ්වාසයි මට 4.80ක දක්ෂතාවයකට ඉක්මනින් ළඟා වෙන්න ශක්තිය තියෙනවා කියලා. ඉස්සරහට තවත් හොඳින් තරගවලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.”
රිටි පැනීමේ ඉසව්වේ මේ දිනවල ඉතා ඉහළ දස්කම් දක්වන 24 හැවිරිදි Helen Claudia පසුගිය දා පැවති Rouen 2021 Elite Tour තරගාවලියේ රිටි පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඇය කාන්තා රිටි පැනීම ලෝක ශ්‍රේණිගත කිරීම් හී මුල් ස්ථාන 5 තුළ ද රැඳී සිටී.
“අරුණ” පුවත්පත ඇසුරිනි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<