Home Sinhala ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් මැද ඇඹුල්දෙණියගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් මැද ඇඹුල්දෙණියගෙන් ලෝක වාර්තාවක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2211

සංචාරක එංගලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අද (23) නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරනු ලබන එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණ 381ට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට සමත් වූ ලසිත් ඇඹුල්දෙණිය නොකඩවා තුන්වැනි වතාවටත් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වන Zak Crawley සහ Dom Sibleyගේ කඩුලු දවා ගැනීමට සමත් වුනා. එවැනි සිදුවීමක් (දැවී ගිය පිතිකරුවන් දෙදෙනා අවස්ථාවන් තුනේදීම නොකඩවා ලකුණු 10ක් ලබා ගැනීමට පෙර දවාගනිමින්) ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සිදු කළ පළමු පන්දු යවන්නා බවට ඇඹුල්දෙණිය පත්වුනා.

අනතුරුව පිටියේ ස්ථාවර වූ Jonny Bairstow සහ නායක Joe Root තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ඉතාමත් සාර්ථක පිතිකරණය නිරත වෙමින් ගොඩනංවා ගත් ලකුණු 93* සබඳතාවය දෙවන දිනයේ අවසානය දක්වා ආරක්ෂා කරගත්තා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත් Root 4 පහර 10ක් සමඟ ලකුණු 67*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් එක් අන්තයක් රැකගෙන සිටින විට, Bairstow 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 24*ක් ලබාගෙන අනෙක් අන්තය ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 229කට කඩුලු 4ක් ලෙස සටහන්ව තිබිය දී දෙවන දිනය වූ අද දිනය ආරම්භ වූ අතර ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනය ආරම්භ කළා. දිනයේ පළමු කඩුල්ල ලෙස 4 පහර 11ක් සමඟින් ලකුණු 110ක් ලබාගෙන සිටි මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමට James Anderson සමත් වූයේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් උපයෝගී කරගෙනයි.

අනතුරුව පිටියට පැමිණි රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් ලකුණු නොලබා දැවී යාමත් සමඟම පළමු තරගයේ සිට දෙවැනි තරගයට පැමිණීමේ දී ශ්‍රී ලංකාව සිදු කළ ක්‍රීඩක වෙනස්කම් තුනේම පිතිකරුවන් ලකුණු නොලබා දැවී යාම මේ තරගයේ දී සිදුවුණු තවත් එක් සුවිශේෂී සිදුවීමක් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ මැදපෙළ සහ පසුපෙළ එකට ඇද බැඳ තබා ගැනීමේ වගකීම උපරිමයෙන්ම ඉටු කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කළ දිල්රුවන් පෙරේරා යන දෙදෙනාම අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. 

කෙසේ නමුත් වෙනදාට වඩා ඉතාමත් ඉවසීමෙන් යුතුව 4 පහර 10ක් එල්ල කරමින් සිය ඉනිම ගොඩනංවා ගත් දික්වැල්ල දුර්වල පන්දුවක් හමුවේ දුර්වල පහරක් එල්ල කරමින් ලකුණු 92ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත්ව ගියා. කෙසේ නමුත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට මෙහි දී දික්වැල්ල සමත් වුනා.

ඊට අමතරව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගත් දිල්රුවන් පෙරේරා පන්දු 170ක් සඳහා මුහුණ දෙමින් එක් 6 පහරක් සහ 4 පහර 8ක් එල්ල කරමින් වටිනා ලකුණු 67ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යමින්. 

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 7ක් ලබා ගත්තා. අවසානයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 381ක් ලබා ගත්තේ එංගලන්ත කණ්ඩායමට ඉතාමත් හොඳ අභියෝගයක් ලබා දෙමින්.

පන්දු යැවීමේ දී 38 හැවිරිදි James Anderson ලකුණු 40කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු මෙහි දී කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කර ගනිමින් ආසියානු තණතීරු මත කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කර ගත් වයස්ගතම වේගපන්දු යවන්නා බවට පත් විය. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 30 වැනි කඩුලු 5 අවස්ථාවයි. ඊට අමතරව Mark Wood සහ Sam Curran අතරේ පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුල්ල බැගින් බෙදී ගියා.

දඟපන්දු යවන්නන් හට වැඩි සහයක් දක්වන ගාලු තණතීරුව මත එක් ඉනිමක කඩුලු 10ම වේගපන්දු යවන්නන් විසින්  දවා ගත් පළමු අවස්ථාව මෙය වුනා.

Result


Sri Lanka
381/10 (139.3) & 126/10 (35.5)

England
344/10 (116.1) & 164/4 (43.3)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Jos Buttler b James Anderson 43 95 5 0 45.26
Kusal Perera c Joe Root b James Anderson 6 14 1 0 42.86
Oshada Fernando b James Anderson 0 4 0 0 0.00
Angelo Mathews c Jos Buttler b James Anderson 110 238 11 0 46.22
Dinesh Chandimal lbw b Mark Wood 52 121 4 1 42.98
Niroshan Dickwella c Jack Leach b James Anderson 92 144 10 0 63.89
Ramesh Mendis c Jos Buttler b Mark Wood 0 16 0 0 0.00
Dilruwan Perera c Jack Leach b Sam Curran 67 170 8 1 39.41
Suranga Lakmal c Zak Crawley b James Anderson 0 2 0 0 0.00
Lasith Embuldeniya c Joe Root b Mark Wood 7 33 0 1 21.21
Asitha Fernando not out 0 10 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 381/10 (139.3 Overs, RR: 2.73)
Fall of Wickets 1-7 (4.1) Kusal Perera, 2-7 (4.5) Oshada Fernando, 3-76 (26.2) Lahiru Thirimanne, 4-193 (68.6) Dinesh Chandimal, 5-232 (88.6) Angelo Mathews, 6-243 (91.6) Ramesh Mendis, 7-332 (120.4) Niroshan Dickwella,

Bowling O M R W Econ
James Anderson 29 13 40 6 1.38
Sam Curran 18.3 3 60 1 3.28
Jack Leach 38 5 119 0 3.13
Mark Wood 28 4 84 3 3.00
Dominic Bess 26 2 76 0 2.92
Batsmen R B 4s 6s SR
Dominic Sibley lbw b Lasith Embuldeniya 0 14 0 0 0.00
Zak Crawley c Lahiru Thirimanne b Lasith Embuldeniya 5 24 0 0 20.83
Jonathan Bairstow c Oshada Fernando b Lasith Embuldeniya 28 73 5 0 38.36
Joe Root run out (Oshada Fernando) 186 309 18 0 60.19
Dan Lawrence c Lahiru Thirimanne b Lasith Embuldeniya 3 21 0 0 14.29
Jos Buttler c Oshada Fernando b Ramesh Mendis 55 95 7 0 57.89
Sam Curran c Lahiru Thirimanne b Lasith Embuldeniya 13 43 0 1 30.23
Dominic Bess c Lahiru Thirimanne b Lasith Embuldeniya 32 95 4 0 33.68
Mark Wood c Lahiru Thirimanne b Lasith Embuldeniya 1 6 0 0 16.67
Jack Leach lbw b Dilruwan Perera 1 17 0 0 5.88
James Anderson not out 4 5 1 0 80.00


Extras 16 (b 8 , lb 3 , nb 5, w 0, pen 0)
Total 344/10 (116.1 Overs, RR: 2.96)
Bowling O M R W Econ
Suranga Lakmal 16 7 31 0 1.94
Lasith Embuldeniya 42 6 137 7 3.26
Asitha Fernando 10 2 31 0 3.10
Dilruwan Perera 32.1 4 86 1 2.68
Ramesh Mendis 16 1 48 1 3.00
Batsmen R B 4s 6s SR
Kusal Perera lbw b Jack Leach 14 25 2 0 56.00
Lahiru Thirimanne c Zak Crawley b Jack Leach 13 33 0 0 39.39
Oshada Fernando c Zak Crawley b Dominic Bess 3 19 0 0 15.79
Angelo Mathews b Dominic Bess 5 11 0 0 45.45
Dinesh Chandimal c James Anderson b Jack Leach 9 6 2 0 150.00
Niroshan Dickwella c Dan Lawrence b Dominic Bess 7 14 1 0 50.00
Ramesh Mendis c Jos Buttler b Jack Leach 16 20 3 0 80.00
Dilruwan Perera c Zak Crawley b Dominic Bess 4 13 0 0 30.77
Suranga Lakmal not out 11 32 1 0 34.38
Lasith Embuldeniya c Jonathan Bairstow b Joe Root 40 42 6 1 95.24
Asitha Fernando b Joe Root 0 1 0 0 0.00


Extras 4 (b 3 , lb 0 , nb 1, w 0, pen 0)
Total 126/10 (35.5 Overs, RR: 3.52)
Bowling O M R W Econ
James Anderson 2 0 6 0 3.00
Sam Curran 2 0 9 0 4.50
Dominic Bess 16 1 49 4 3.06
Jack Leach 14 1 59 4 4.21
Joe Root 1.5 1 0 2 0.00


Batsmen R B 4s 6s SR
Zak Crawley c Oshada Fernando b Lasith Embuldeniya 13 19 1 0 68.42
Dominic Sibley not out 56 144 2 0 38.89
Jonathan Bairstow lbw b Lasith Embuldeniya 29 28 3 1 103.57
Joe Root b 11 16 1 0 68.75
Dan Lawrence c Niroshan Dickwella b Lasith Embuldeniya 2 9 0 0 22.22
Jos Buttler not out 46 48 1 0 95.83


Extras 7 (b 0 , lb 4 , nb 3, w 0, pen 0)
Total 164/4 (43.3 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20 3 73 3 3.65
Dilruwan Perera 13.3 1 39 0 2.93
Ramesh Mendis 10 0 48 1 4.80



*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<