වසර 8කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ලහිරු තිරිමාන්න සමත් වීමත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17) සමත් විය.
ලකුණු 286ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ද, සිව්වැනි දිනයේ දී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ලකුණු 73ක ඉලක්කයක් ලබා දෙන්නට සමත් විය.
තිරිමාන්න සහ Night Watchman වූ ලසිත් ඇඹුල්දෙණිය සිව්වැනි දිනය ආරම්භ කිරීම වෙනුවෙන් පිටියට පැමිණි අතර උදෑසනම ලකුණු නොලබා සිටි ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමට Dom Bess සමත් විය. එ්ත් සමඟම ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු සටහන 158/3ක් ලෙස සටහන් විය.
අනතුරුව පිටියට පැමිණි මැතිව්ස් එතෙක් වේලාවක් පිටියේ ස්ථාවරව සිටි තිරිමාන්න සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 116ක් තුල ලකුණු 52ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සමත් වූයේ වැඩි වේලාවක් කඩුල්ල තුල රැඳී සිටිමිනි.
තවත් ක්‍රිකට් පුවත්
- Hardik සහෝදරයින්ගේ ක්‍රිකට් දිවිය කළඑළි තාරකාව නිවී යයි
- ශ්‍රී ලංකා පිතිකරුවෝ එල්ල වූ පීඩනයෙන්ම නැගිටිති
- එංගලන්තය රැඳී සිටින හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා
- ලොව හොඳම පිතිකරුවන් කවුදැයි ඉසුරු උදාන තෝරයි
මිනිත්තු 361ක් පුරාවට ගාලු තණතීරුව මත පිතිකරණයේ නිරත වෙමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩනැංවීම සඳහා පිතිකරුවෙක් ලෙස වැඩිම දායකත්වයක් ලබා දුන් තිරිමාන්න 2013 වසරට පසුව සිය ටෙස්ට් ශතක ලැයිස්තුව සඳහා තවත් එක් ශතකයක් එක් කරගත්තේය.
අවසානයේ දී ඔහුගේ එම ඉවසිලිවන්ත ඉනිම ලකුණු 111කට සීමා කිරීමට Sam Curran සමත් වූයේ නායක Joe Root ඇතුළු එංගලන්තයට ඉතාමත් අවශ්‍යව තිබූ කඩුල්ලක් දවා ගනිමිනි. තිරිමන්නගේ මේ සටන්කාමී ඉනිමට 4 පහර 12ක් ඇතුළත් විය. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 20කට දැවී ගියා.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් ඇන්ජලෝ මැතිව්ස් 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 71ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවා ගනිමින් වුවත්, ශ්‍රී ලංකාවේ ඉලක්කය වූ ලකුණු 150-200 ඉදිරිය (Lead) එක ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ගෙන් නිසි සහයක් මැතිව්ස් හට ලැබුණේ නැත.
කෙසේ නමුත් දික්වැල්ල සහ මැතිව්ස් සුසංයෝගය 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 142ක් තුල ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන සෙමින් සීරුවේ ඉහළ නැංවූයේ එංගලන්ත පන්දු යවන්නන් දැඩි වෙහෙසකට ලක්කරමිනි.
ඊට අමතරව දිල්රුවන් පෙරේරා ලකුණු 24ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස ස්ටම්ප්ස් කිරීමකට හසු කර ගත් Jos Buttler සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ස්ටම්ප්ස් කිරීම සිදු කරමින් පෙරේරාගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි අහිමි කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ඇතුළු සියලුම දෙනාගේ අවසන් බලාපොරොත්තුවද සුන් කරමිනි.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ 6, 7 සහ 8 වැනි කඩුලු තුන ලකුණු 23ක් තුල දවා ගත් එංගලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් ලබා දුන්නේ ඇන්ජලෝ මැතිව්ස් එක් අන්තයක් රැකගනිමින් ස්ථාවර පිතිකරණයක නිරත වෙමින් සිටි පසුබිමකයි. එහි දී නිරෝෂන් දික්වැල්ල (ලකුණු 29), දසුන් ශානක (ලකුණු 4), වනිඳු හසරංග (ලකුණු 12) යන ක්‍රීඩකයින් දැවී ගියා.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 71ක් ලබා සිටි මැතිව්ස්ගේ කඩුල්ල දවා ගත් Leach ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 359කට සීමා කරවන ලදි. එහි දී පන්දුවාර 136කුත් පන්දු 5ක් සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
පන්දු යැවීමේ දී Jack Leach කඩුලු 5ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවන කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත්තා. ඊට අමතරව Dom Bess සහ Sam Curran අතරේ පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් බෙදී ගියා.
ලකුණු 74ක ඉලක්කයක් හඹා වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ Zak Crawley සහ Dom Sibley යුගලයේ සබඳතාවය පළමු පන්දුවාරය තුලම අවසන් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඒ ලකුණු 2ක් ලබා සිටි Dom Sibleyගේ කඩුල්ල දවා ගනිමිනි.
අනතුරුව Zak Crawley ද දවා ගත් ඇඹුල්දෙණිය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගනිමින් දස්කම් දැක්වූ නායක Rootගේ කඩුල්ල දුවද්දී දැවී යාමකට හසු කර ගනිමින් දවා ගැනීමට සමත් වීමත් සමඟම තරගයේ උණුසුම වැඩි වන්නට විය.
තරගයේ සිව්වැනි දිනය නිමා වන විට එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 38ක් ලබාගෙන තිබෙන අතර ඔවුන්ට සිය ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබෙන්නේ ලකුණු 36ක් පමණි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Jonny Bairstow සහ සිය මංගල ටෙස්ට් ක්‍රීඩා කරන Dan Lawrence පිළිවෙළින් ලකුණු 11*ක් සහ ලකුණු 7*ක් ලබාගෙන සිටියි. ඇඹුල්දෙණිය කඩුලු යි 2යි.
හෙට (18) තරගයේ තීරණාත්මක 5 වැනි සහ අවසන් දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | c Jonathan Bairstow b Stuart Broad | 4 | 22 | 0 | 0 | 18.18 |
Kusal Perera | c Joe Root b Dominic Bess | 20 | 28 | 2 | 0 | 71.43 |
Kusal Mendis | c Jos Buttler b Stuart Broad | 0 | 2 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c Joe Root b Stuart Broad | 27 | 54 | 1 | 1 | 50.00 |
Dinesh Chandimal | c Sam Curran b Jack Leach | 28 | 71 | 1 | 0 | 39.44 |
Niroshan Dickwella | c Dominic Sibley b Dominic Bess | 12 | 21 | 1 | 0 | 57.14 |
Dasun Shanaka | c Jos Buttler b Dominic Bess | 23 | 48 | 3 | 0 | 47.92 |
Wanindu Hasaranga | b Dominic Bess | 19 | 22 | 2 | 0 | 86.36 |
Dilruwan Perera | b Dominic Bess | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Embuldeniya | run out (Jack Leach) | 0 | 1 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 135/10 (46.1 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-16 (6.3) Lahiru Thirimanne, 2-16 (6.5) Kusal Mendis, 3-25 (10.2) Kusal Perera, 4-81 (28.6) Angelo Mathews, 5-81 (29.2) Dinesh Chandimal, 6-105 (38.1) Niroshan Dickwella, 7-126 (42.5) Dasun Shanaka, 8-126 (42.5) Dilruwan Perera, 9-130 (43.5) Lasith Embuldeniya, 10-135 (46.1) Wanindu Hasaranga, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Stuart Broad | 9 | 3 | 20 | 3 | 2.22 | |
Sam Curran | 4 | 2 | 8 | 0 | 2.00 | |
Mark Wood | 6 | 1 | 21 | 0 | 3.50 | |
Dominic Bess | 10.1 | 3 | 30 | 5 | 2.97 | |
Jack Leach | 17 | 2 | 55 | 1 | 3.24 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Wanindu Hasaranga b Lasith Embuldeniya | 9 | 26 | 1 | 0 | 34.62 |
Dominic Sibley | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 4 | 15 | 0 | 0 | 26.67 |
Jonathan Bairstow | c Kusal Mendis b Lasith Embuldeniya | 47 | 93 | 2 | 0 | 50.54 |
Joe Root | c Lasith Embuldeniya b Dilruwan Perera | 228 | 321 | 18 | 1 | 71.03 |
Dan Lawrence | c Kusal Mendis b Dilruwan Perera | 73 | 150 | 6 | 1 | 48.67 |
Jos Buttler | c Niroshan Dickwella b Asitha Fernando | 30 | 57 | 3 | 0 | 52.63 |
Sam Curran | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Dominic Bess | run out (Minod Bhanuka) | 0 | 4 | 0 | 0 | 0.00 |
Jack Leach | lbw b Dilruwan Perera | 4 | 20 | 1 | 0 | 20.00 |
Mark Wood | c Niroshan Dickwella b Dilruwan Perera | 2 | 9 | 0 | 0 | 22.22 |
Stuart Broad | not out | 11 | 13 | 2 | 0 | 84.62 |
Extras | 13 (b 7 , lb 0 , nb 6, w 0, pen 0) |
Total | 421/10 (117.1 Overs, RR: 3.59) |
Fall of Wickets | 1-10 (4.2) Dominic Sibley, 2-17 (8.4) Zak Crawley, 3-131 (42.2) Jonathan Bairstow, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 45 | 4 | 176 | 3 | 3.91 | |
Asitha Fernando | 14 | 1 | 44 | 2 | 3.14 | |
Wanindu Hasaranga | 15 | 1 | 63 | 0 | 4.20 | |
Dilruwan Perera | 36.1 | 2 | 109 | 4 | 3.02 | |
Dasun Shanaka | 7 | 1 | 22 | 0 | 3.14 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kusal Perera | c Jack Leach b Sam Curran | 62 | 109 | 5 | 1 | 56.88 |
Lahiru Thirimanne | c Jos Buttler b Sam Curran | 111 | 251 | 12 | 0 | 44.22 |
Kusal Mendis | c Jos Buttler b Jack Leach | 15 | 65 | 1 | 0 | 23.08 |
Lasith Embuldeniya | c Dominic Sibley b Dominic Bess | 0 | 11 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c & b Jack Leach | 71 | 219 | 4 | 0 | 32.42 |
Dinesh Chandimal | c Joe Root b Dominic Bess | 20 | 28 | 3 | 0 | 71.43 |
Niroshan Dickwella | c Jos Buttler b Dominic Bess | 29 | 74 | 1 | 0 | 39.19 |
Dasun Shanaka | b Jack Leach | 4 | 5 | 0 | 0 | 80.00 |
Wanindu Hasaranga | c Joe Root b Jack Leach | 12 | 18 | 2 | 0 | 66.67 |
Dilruwan Perera | st Jos Buttler b Jack Leach | 24 | 38 | 5 | 0 | 63.16 |
Asitha Fernando | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 7 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 359/10 (136.5 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Stuart Broad | 17 | 11 | 14 | 0 | 0.82 | |
Sam Curran | 11 | 1 | 37 | 2 | 3.36 | |
Dominic Bess | 33 | 4 | 100 | 3 | 3.03 | |
Mark Wood | 21 | 5 | 49 | 0 | 2.33 | |
Jack Leach | 41.5 | 6 | 122 | 5 | 2.94 | |
Joe Root | 11 | 1 | 19 | 0 | 1.73 | |
Dan Lawrence | 2 | 0 | 10 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Kusal Mendis b Lasith Embuldeniya | 8 | 21 | 1 | 0 | 38.10 |
Dominic Sibley | b Lasith Embuldeniya | 2 | 5 | 0 | 0 | 40.00 |
Jonathan Bairstow | not out | 35 | 62 | 2 | 0 | 56.45 |
Joe Root | run out (Niroshan Dickwella) | 1 | 3 | 0 | 0 | 33.33 |
Dan Lawrence | not out | 21 | 52 | 0 | 0 | 40.38 |
Extras | 9 (b 0 , lb 9 , nb 0, w 0, pen 0) |
Total | 76/3 (24.2 Overs, RR: 3.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 12 | 3 | 29 | 2 | 2.42 | |
Dilruwan Perera | 11.2 | 2 | 34 | 0 | 3.04 | |
Wanindu Hasaranga | 1 | 0 | 4 | 0 | 4.00 |
කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<