Home Sinhala එංගලන්තයේ වාර්තාගත සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

එංගලන්තයේ වාර්තාගත සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

518

කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නැවතුණු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ආරම්භය සනිටුහන් කරමින් සංචාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14) ගාල්ලේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 8ක් පසුපසින් සිටිමින්.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙකක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ කණ්ඩායම සඳහා ආබාධවලින් සුවය ලැබූ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඇතුළත්.

කාසියේ වාසිය දිනා ගත් වැඩ බලන නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා. දිමුත්ගේ ආබාධය නිසාවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා හට පළමු කඩුල්ල සඳහා ලකුණු 16කට වැඩ වැඩි සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වුනා. ඒ Stuart Broadගේ පන්දුවක් හමුවේ ලකුණු 4ක් ලබා සිටි තිරිමාන්න දැවී යාම නිසයි. ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ බිඳ වැටීම ආරම්භ වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

අවසන් ඉනිම් 3 තුලම ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් නොකඩවා 4 වැනි වරටත් ලකුණු නොලබා දැවී ගියේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින්නා වෙත ඇදී ගිය නිසයි. මෙන්ඩිස් මේ තරගය තුල විවේක ගැන්වීම සඳහා වැඩි ඉඩක් තිබුණු නමුත් නිත්‍ය නායක දිමුත්ගේ ආබාධය නිසාවෙන් මෙන්ඩිස්ට අද තරගය සඳහා ද ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා.

Stuart Broad විසින් ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක දවා ගන්නා විට එංගලන්ත නායක Joe Root දඟපන්දු යවන්නන් කැඳවූ අතර එය ද සාර්ථක කරමින් ලකුණු 20ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී ගියේ ඔහුගේ කඩුල්ල එංගලන්තයට නිකරුණේ පරිත්‍යාග කරමින්. Dom Bessගේ පන්දුවක් හමුවේ Reverse sweep පහරක් එල්ල කිරීමට ගොස් පළමු ස්ලිප් කලාපයේ සිටි Root වෙත උඩ පන්දුවක් ලබා දෙමින් පෙරේරා දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම 25/3ක් ලෙස සටහන් වුනා.

අනතුරුව පිටියේ ස්ථාවර වුනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සිය අත්දැකීම් සහ පරිණතභාවය සමඟ මුහු කරගනිමින් දිවා ආහාර විවේකය දක්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 40*ක සබඳතාවයක් ගොඩනැංවූවා. කෙසේ නමුත් දිවා ආහාරයෙන් පසුව ලකුණු 27ක් ලබාගෙන සිටි මැතිව්ස් සහ ලකුණු 28ක් ලබාගෙන සිටි චන්දිමාල්ගේ කඩුලු දෙක දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයින් සමත් වුනා. 

චන්දිමාල් සහ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමතක නොවන කඩඉම් දෙකක් පසුකරමින් පිළිවෙළින් ලකුණු 4,000 සීමාව සහ ලකුණු 6,000 සීමාව පසුකර යාමට සමත් වුනා. ලකුණු 81කට කඩුලු 5ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට අවසන් වුනේ ශ්‍රී ලංකා අවසන් කඩුලු 5ත් ලකුණු 54ක් තුල දැවී යමිනි. එහි දී දසුන් ශානක ලකුණු 23ක් ලබාගෙන ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරත්, අනෙක් පසුපෙළ පිතිකරුවන්ට ලකුණු 20 සීමාව අභිබවා යාමට හැකියාව ලැබුණේ නැහැ. මේ ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ගාල්ල ක්‍රිකට් තණතීරුව මත සිය පළමු ඉනිම සඳහා දැනට ලබාගෙන තිබෙන අඩුම ලකුණු ප්‍රමාණය ලෙසද සටහන් වුනා.

පන්දු යැවීමේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන කඩුලු 5 අවස්ථාව වාර්තා කර ගත් Dom Bess ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුන් කර දැමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය ද සවියක් කරගෙනයි. ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක Stuart Broad කඩුලු 3ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 135ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ සංචාරක එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය සඳහා වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ නිසාවෙන් ඔවුන්ගේ පළමු කඩුලු දෙකක ලකුණු 17ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ලකුණු 9ක් ලබා ගත් Zak Crawley සහ ලකුණු 4ක් ලබා සිටි Dom Sibley එසේ දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වූ අත්දැකීම් බහුල පිතිකරුවන් යුගලය පළමු දිනයේ අවසානය දක්වා තුන්වැනි කඩුල්ලේ සබඳතාවය ආරක්ෂා කර ගනිමින් නොදැවුණු ලකුණු 110*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ ගාලු ක්‍රිකට් පිටියේ දී දැනට එංගලන්ත පිතිකරුවන් යුගලයක් ගොඩනැංවූ හොඳම සබඳතාවය වාර්තා කරමිනි

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත් නායක Root නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 66ක් (4 පහර 5ක් සමඟ) ලබාගෙන සිටින අතර Jonny Bairstow 4 පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 47ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට විශාල හිසරදයක් වෙමිනි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී නායක දිමුත් කරුණාරත්නගේ අතෙහි පන්දුවක් වැදී යම් ආබාධයක් තිබුණු නමුත් ඔහු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානමින් සිටියා. කෙසේ නමුත් අද උදෑසන පැවති පුහුණුවීම් අතරතුර එම ආබාධය නැවතත් මතු වීම නිසා දිමුත් හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරුණා.

23 හැවිරිදි එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක Dan Lawrence එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 697 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් මේ තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට ද සමත් වීම සුවිශේෂී වෙනවා.

හෙට (15) තරගයේ දෙවන දිනයයි.

කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Sri Lanka
135/10 (46.1) & 359/10 (136.5)

England
421/10 (117.1) & 76/3 (24.2)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Jonathan Bairstow b Stuart Broad 4 22 0 0 18.18
Kusal Perera c Joe Root b Dominic Bess 20 28 2 0 71.43
Kusal Mendis c Jos Buttler b Stuart Broad 0 2 0 0 0.00
Angelo Mathews c Joe Root b Stuart Broad 27 54 1 1 50.00
Dinesh Chandimal c Sam Curran b Jack Leach 28 71 1 0 39.44
Niroshan Dickwella c Dominic Sibley b Dominic Bess 12 21 1 0 57.14
Dasun Shanaka c Jos Buttler b Dominic Bess 23 48 3 0 47.92
Wanindu Hasaranga b Dominic Bess 19 22 2 0 86.36
Dilruwan Perera b Dominic Bess 0 2 0 0 0.00
Lasith Embuldeniya run out (Jack Leach) 0 1 0 0 0.00
Asitha Fernando not out 0 7 0 0 0.00


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 135/10 (46.1 Overs, RR: 2.92)
Fall of Wickets 1-16 (6.3) Lahiru Thirimanne, 2-16 (6.5) Kusal Mendis, 3-25 (10.2) Kusal Perera, 4-81 (28.6) Angelo Mathews, 5-81 (29.2) Dinesh Chandimal, 6-105 (38.1) Niroshan Dickwella, 7-126 (42.5) Dasun Shanaka, 8-126 (42.5) Dilruwan Perera, 9-130 (43.5) Lasith Embuldeniya, 10-135 (46.1) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Stuart Broad 9 3 20 3 2.22
Sam Curran 4 2 8 0 2.00
Mark Wood 6 1 21 0 3.50
Dominic Bess 10.1 3 30 5 2.97
Jack Leach 17 2 55 1 3.24
Batsmen R B 4s 6s SR
Zak Crawley c Wanindu Hasaranga b Lasith Embuldeniya 9 26 1 0 34.62
Dominic Sibley c Lahiru Thirimanne b Lasith Embuldeniya 4 15 0 0 26.67
Jonathan Bairstow c Kusal Mendis b Lasith Embuldeniya 47 93 2 0 50.54
Joe Root c Lasith Embuldeniya b Dilruwan Perera 228 321 18 1 71.03
Dan Lawrence c Kusal Mendis b Dilruwan Perera 73 150 6 1 48.67
Jos Buttler c Niroshan Dickwella b Asitha Fernando 30 57 3 0 52.63
Sam Curran b Asitha Fernando 0 1 0 0 0.00
Dominic Bess run out (Minod Bhanuka) 0 4 0 0 0.00
Jack Leach lbw b Dilruwan Perera 4 20 1 0 20.00
Mark Wood c Niroshan Dickwella b Dilruwan Perera 2 9 0 0 22.22
Stuart Broad not out 11 13 2 0 84.62


Extras 13 (b 7 , lb 0 , nb 6, w 0, pen 0)
Total 421/10 (117.1 Overs, RR: 3.59)
Fall of Wickets 1-10 (4.2) Dominic Sibley, 2-17 (8.4) Zak Crawley, 3-131 (42.2) Jonathan Bairstow,

Bowling O M R W Econ
Lasith Embuldeniya 45 4 176 3 3.91
Asitha Fernando 14 1 44 2 3.14
Wanindu Hasaranga 15 1 63 0 4.20
Dilruwan Perera 36.1 2 109 4 3.02
Dasun Shanaka 7 1 22 0 3.14
Batsmen R B 4s 6s SR
Kusal Perera c Jack Leach b Sam Curran 62 109 5 1 56.88
Lahiru Thirimanne c Jos Buttler b Sam Curran 111 251 12 0 44.22
Kusal Mendis c Jos Buttler b Jack Leach 15 65 1 0 23.08
Lasith Embuldeniya c Dominic Sibley b Dominic Bess 0 11 0 0 0.00
Angelo Mathews c & b Jack Leach 71 219 4 0 32.42
Dinesh Chandimal c Joe Root b Dominic Bess 20 28 3 0 71.43
Niroshan Dickwella c Jos Buttler b Dominic Bess 29 74 1 0 39.19
Dasun Shanaka b Jack Leach 4 5 0 0 80.00
Wanindu Hasaranga c Joe Root b Jack Leach 12 18 2 0 66.67
Dilruwan Perera st Jos Buttler b Jack Leach 24 38 5 0 63.16
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 11 (b 7 , lb 1 , nb 3, w 0, pen 0)
Total 359/10 (136.5 Overs, RR: 2.62)
Bowling O M R W Econ
Stuart Broad 17 11 14 0 0.82
Sam Curran 11 1 37 2 3.36
Dominic Bess 33 4 100 3 3.03
Mark Wood 21 5 49 0 2.33
Jack Leach 41.5 6 122 5 2.94
Joe Root 11 1 19 0 1.73
Dan Lawrence 2 0 10 0 5.00


Batsmen R B 4s 6s SR
Zak Crawley c Kusal Mendis b Lasith Embuldeniya 8 21 1 0 38.10
Dominic Sibley b Lasith Embuldeniya 2 5 0 0 40.00
Jonathan Bairstow not out 35 62 2 0 56.45
Joe Root run out (Niroshan Dickwella) 1 3 0 0 33.33
Dan Lawrence not out 21 52 0 0 40.38


Extras 9 (b 0 , lb 9 , nb 0, w 0, pen 0)
Total 76/3 (24.2 Overs, RR: 3.12)
Bowling O M R W Econ
Lasith Embuldeniya 12 3 29 2 2.42
Dilruwan Perera 11.2 2 34 0 3.04
Wanindu Hasaranga 1 0 4 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<