2021 LPL ගැන ක්‍රීඩා කවුන්සිලයේ අවධානය

366

පසුගිය වසරේ දී පත් කළ නව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුවක් පසුගිය සඳුදා (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විය.

එම සාකච්ඡාව සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා, ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන මහතා, ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික කුමාර් සංගක්කාර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා මහතා, උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සහ විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙහි දී දෙපාර්ශවය අතරේ ඉතා ඵලදායී සාකච්ඡාවක් සිදු වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික අත්තිවාරම වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් එය ඉහළ මට්ටමකට ගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම මෙම වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලියට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් හට වැඩි අවස්ථාවක් ලබා දීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණි.

එම සාකච්ඡාව පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙහි දී ඉතා ඵලදායී සාකච්ඡාවක් සිදු වූ බවත්, මෙම වසර තුල දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

නව ජාතික ක්‍රීඩා කවුන්සිලය පත් කිරීමෙන් පසුව එහි නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වූ මුල්ම හමුව මෙය වූ අතර එහි දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවශ්‍ය කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<