මේ වන විට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු යාවත්කාලීන කිරීම එළඹෙන මාසයේ දී පැවැත්වෙන එංගලන්ත සංචාරයට පසුව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග දෙකේ තරගාවලිය ජනවාරි 14 සිට 26 දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා පිටත්ව යාමට නියමිතය. එම සංචාරයට පෙර මේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.
තවත් ක්‍රිකට් පුවත්:
- දකුණු අප්‍රිකාවේ lockdown නිසා තරගාවලියට බාධාවක් නැහැ!
- එළඹෙන අප්‍රේල් මාසයේ දී බංගලියෝ ශ්‍රී ලංකාවට
- දකුණු අප්‍රිකානුවෝ 2020ට සතුටින් සමුදෙති
- ටෙස්ට් තරගවල ක්‍රීඩක ආදේශය ගැන Mickey Arthurගෙන් යෝජනාවක්
- පාපන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට්වලින් දශකය අවසන් කළ ක්‍රීඩිකාව
“අපි ක්‍රීඩකයන්ගේ පරණ කොන්ත්‍රාත්තු ජනවාරි අවසානය දක්වා දීර්ඝ කළා. දැනට තියෙන කොන්ත්‍රාත්තුව 2020 නොවැම්බර් මාසයේ දී කල් ඉකුත් වුනා. නමුත් අපි එය මාස දෙකකින් දීර්ඝ කළේ ඔවුන් දකුණු අප්‍රිකාව තරගාවලියට පසුව එංගලන්ත සූදානම් වන නිසයි.”
“නව කොන්ත්‍රාත්තු සඳහා අපි තවමත් ක්‍රීඩකයින් වර්ගීකරණය කර නැහැ. අපි තවමත් එය අධ්‍යනය කරමින් සිටිනවා. පසුගිය වසරේ දී අපට ක්‍රීඩකයින් 30ක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබුණා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ජනවාරි 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර පසුව දින 7ක් ගාල්ලේ දී නිරෝධායනය වනු ඇත. ඒ ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය (ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග 2) වෙනුවෙනි.
තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පසුව ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එංගලන්ත කණ්ඩායම සිය පුහුණු සැසිය දියත් කිරීමට දැනට සැලසුම් කර තිබේ. කෙසේ නමුත් එක්සත් රාජධානිය තුළ කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් ඒ තරගාවලිය නැවත වරක් අවලංගු වීමේ යම් ඉඩක් ද තිබේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<