වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ නව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විය.
එම සාකච්ඡාව අතරතුර දී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ක්‍රීඩා කවුන්සිලයේ ඉදිරි වසරට අදාළ සැලසුම් සහ 2021 වසර සඳහා වන අය-වැය වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීමට කටයුතු කරන ලදි.
එමෙන්ම ලබන වසරේ දී (2021) ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සිදු කිරීමට නියමිතව ඇති සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රීඩා පනතෙහි සිදු කිරීමට නියමිතව ඇති වෙනස්කම් පිළිබඳව ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවති එම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා Twitter සටහනක් තබමින් සඳහන් කර තිබුණේ,
“ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් විසින් 2021 වසරට අදාළ අයවැය මා වෙත ඉදිරිපත් කර සිටියා. එම අයවැයෙන් 20% ප්‍රමාණයක් ක්‍රීඩක කුසලතා සංවර්ධනයට සහ හඳුනා ගැනීමට මෙන්ම ක්‍රීඩක කාර්ය සාධන පහසුකම් ඉහළ නැංවීමට වෙන් කර තිබුණා. ඇත්ත වශයෙන්ම ක්‍රීඩාවේ හා තරුණයන්ගේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.” යනුවෙනුයි.
The National Sports Council presented its proposed budget & plan at the @MoYS_SriLanka. An unprecedented amount of 20% dedicated to skills development & with focus on athletes & high performance facilities. Extremely hopeful for the future of #LKA sport & youth. pic.twitter.com/PPzm09uV6B
— Namal Rajapaksa (@RajapaksaNamal) December 18, 2020
මීට අමතරව එම සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා Twitter සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ සිය නිලධාරීන් අතර ඉතාමත් ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවත්, මෙරට ක්‍රීඩාව සඳහා නව ව්‍යුහයක් සහ ඉදිරි සැලසුමක් සෑදීමට කැපවෙන ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් හට සිය ස්තුතිය පුද කරන බවයි.
like to thank Sports council members for committed work on creating a structure and a plan for sports.Very productive meeting in advising Hon minster @RajapaksaNamal and officials.Excited to be part of the vision and mission of sports in SL and challenges ahead.#ජයගමු pic.twitter.com/imGSGrYkb9
— Mahela Jayawardena (@MahelaJay) December 19, 2020
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළ පසු මුල්ම රාජකාරිය ලෙස නව ක්‍රීඩා කවුන්සිලය පත් කිරීමට කටයුතු කළ අතර එහි සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත්කිරීමට කටයුතු කරන ලදි.
තවත් ක්‍රීඩා පුවත්:
- අතහැර දාපු පිහිනුම් තටාකයේ වැඩ නැවත ඇරඹෙයි
- අලුත් ක්‍රීඩා සභාවේ නිලධාරීන්ගේ වතගොත
- එංගලන්ත පිතිකරණ උපදේශක තනතුර Jacques Kallisට
- මලල ක්‍රීඩා පිටියේ ශූරයන් තේරීමේ සටනට සියල්ල සූදානම්
- Taipei මැරතන් තරගයේ ජය කෙන්යානුවෙකුට
මහේල ජයවර්ධන මහතාට අමතරව නව ජාතික ක්‍රීඩා සභාව සඳහා කුමාර සංගක්කාර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජූලියන් බෝලිං, ඩිලන්ත මාලගමුව යන මහත්වරුන් මෙන්ම කස්තුරි චෙල්ලරාජා මහත්මිය ඇතුළු ක්‍රීඩාවේ විවිධ අංශයන් නියෝජනය කළ 13 දෙනෙකු පත්කිරීමට කටයුතු කරන ලදි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<